ලෙවින් අයියා මාව එක්කන් ගියේ ඒ කන්ද උඩ තිබ්බ පට්ට පාලු පැත්තකට . ඒ තැන මාර භයානක පාටයි . අපි යද්දි කැරි වවුලෝ ටිකකුත් මගේ ඇගේ ගෑවි නොගෑවී පියාඔලා ගියා . මම කොච්චර බෑ කිව්වත් මේ මනුස්සයා මාව කැලේ ඇතුලට ම අරන් ගියා .අනේ මූ මාව මෙහෙම්ම මරලා දායි ද අප්පා .
පිස්සු ද බං .මම බොරුවක් කිව්වේ . ලෙවින් අයියා මාව වතුකරේ අස්සකට අරන් ගියේ නෑ . එයා මාව එක්කගෙන ගියේ කන්දේ කෙලවර ලගට . මූ මාව මෙතනින් තල්ලු කරයි ද කියලා හිතුවොත් ඒක ගොන් කමක් . මොකද ලෙවින් අයියා එච්චර මරි මොන්ගල් පිස්සු පගෙක් නෙවේ කියලා අයි නෝ . හදිස්සියේවත් එහෙම වුනොත් මම මූවත් ඇදගෙන ම තමා කන්දෙන් පහලට පනින්නේ .බොසා දන්නේ නෑ මේ එවෝන්ගේ හැටි . හ්ම් .
එතන පරිසරය මාර ලස්සනයි . අහස ලස්සනට පේනවා . හොදට ම නැතත් සාමාන්‍ය වටපිටාව අඳුරගන්න පුලුවන් තරමට හද එලියත් තියනවා .සීතල හුලං පාරවල් ඇගේ වැදීගෙන යද්දි මට ඔච්චර වෙලා දැනුන අපහසුව නැතිම වෙලා කියා ගන්න බැරි තරම් නිදහසක් ආවා .
ලෙවින් අයියා එතන තිබ්බ ගහකට හේත්තු වෙලා බිම ඉදගත්තා . ඒ කරලා මටත් ඉඳගන්න කියලා කිව්වා . අපි දෙන්නා පැයක් විතර මොනවත් කතා නොකර තරු පිරිච්ච අහස දිහා බලන් හිටියා .
" ඔයා දන්නව ද එවෝන් .මට මේ සොම්බි වෛරස් එක නිසා මට වටිනාම කෙනෙක් නැති වුනා . මම වැඩිපුර ම ආදරේ කරපු , මට වැඩිපුර ම ආදරේ කරපු කෙනෙක් .ඒ වුනාට ඇත්තට ම මම දැන් මාර නිදහසේ ඉන්නේ .
අර ඔෆිස් එකක බිල්ඩින් ගොඩකට කොටු වෙලා ඉන්නවට වඩා මම මේ ජීවිතේට ආසයි . මම දන්නවා මේ විදිහට හැමදාම සතුටින් ඉන්න අමාරු වෙයි කියලා . අපිට මොන වගේ ප්‍රශ්න එයිද කියලා මම දන්නේ නෑ . ඒ වුනාට මම මේ මොහොතේ ඇත්තට ම ජීවිතේ විදිනවා ."
පැයක් විතර තිබ්බ අපි අතර තිබ්බ නිහඬතාවය බිදලා දැම්ම ලෙවින් අයියා මගේ පැත්තට හැරිලා හිනාවක් දාන ගමන් එහෙම කිව්වා . ඇත්තට ම අද අයියා හිටපු විදිහ දැක්කම මාර සතුටක් මට දැනුනේ .
" ලෙවින් අයියා සතුටින් ඉන්න එක ලොකු දෙයක් "
"ඒකට ඔයාටත් තෑන්ක්ස් එවෝන් . ඔයා නිසා තමා මට මෙහෙම හරි හිත හදා ගන්න පුලුවන් වුනේ "
YOU ARE READING
හදවත් ❤️
Nonfiksi♥️ ඇවිදින මලමිනි අතර හමු වූ ආදරණීය හදවත් ♥️ බිහිසුනු වෛරසයක් හමුවේ අපරාජිත වූ ආදරණීය හදවත් ... ❤️😘 සිත් රිදුම්‚ හැර යාම වුවද සිනා සී දරා ගත් ශක්තිමත් හදවත් ...❤️🩹😇 වාසනාවට එහා ගිය අධිෂ්ඨානශිලී හදවත් ... ❤️🔥😌 මිතුරුකම් හා ආදරය පිරී ගිය අහින්ස...