02 ♥️

186 17 4
                                    

"අම්මේ මම යනවා "

" හරි මයේ මැණික, පරිස්සමට යන්න "

අද මගේ අලුත් ජොබ් එකේ පලවෙනි දවස .කලින් ජොබ් එක කාක්කා අලන් ගියා. පව් ඤේ මං .ම්ම්ම් 😭

මම ගැන කිව්වොත් ඉතින් ,මම එල ම කිරි කොම්ලෙක් . මගේ නම එවෝන් ඉශාක්‍ය විජේවර්ධන . ආතල් එකේ ඉන්න , බාගෙට ට්‍රැක් පැනපු , තනිකඩ ජීවිතේ ආතල් එක ගෙවන , පවුලට ම ඉන්න එකම සම්පත. ඕ යෑස් .

මගේ අලුත් job එක news paper reporter එකක්. කලින් එකත් ඒක ම තමා .ඒත් secretary නෙවේ. මම මේකේ privet secretary. මගේ කම්පැනි එකේ නම TODAY .ගැම්මක් තමා සුදු පුතේ .

මමත් ඉතින් කුකුලා අතේ නෙවේ කටේ දාගෙන දිව්වේ පලවෙනි දවසෙම පරක්කු වෙලා ගිහින් බොසාගෙන් හොද බැනුමක් අහගන්න බැරි කමට.

මම ගිහින් මගේ පලවෙනි ලව් එක වෙච්ච කෙලි පැටික්කිගේ පිටේ නැගලා කිස් එකක් දුන්නා .සැක් .උඹලා මොනා ගැනද හිතුවේ .තොපේ හිත් කැතයි බං.

මම කිව්වේ මගේ වන් ඇන් ඔන්ලි ලව් එක නොහොත් මගේ බයික් කෙල්ල ගැන . දැන් යැයි යැයි ගාන්න එපා .

මම මගේ පණටත් වඩා මගේ කෙල්ලට ආදරෙයි අප්පා .මම කිව්වේ බයික් එක ගැන අහ් .එයා මාර ලම්සනයි .BMW G310 GS එකක් .ම්ම්ම් කොමතේ 😏❤️

කාටවත් කියන්න එපා.රුපියල රුපියල එකතු කරලා ඕක ගත්තේ.අපි එහෙම සල්ලි කඳන් නෙවේ නේ. ජුකයි සාන්ත .

මට හැබැයි ඇත්තටම නම් කෙල්ලෙක් හිටියා . ඒත් එයා ජොබ් එකකට ගියාට පස්සේ වෙන කොල්ලෙක් එක්ක සම්බන්දයක් තියෙනවා කියලා මට මගේ යාලුවෝ කිව්වත් මම විශ්වාස කරේ නෑ.ඒත් මට දවසක් ඒ දෙන්නා එකට ම කොෆි ෂොප් එකක ඉන්නවා අහුවුනා .

එක කෙල්ලෙක් නිසා ආදරේ කරන එකම එපා වුන කොල්ලෝ ලෝකේ නෑ කියලා මොකෙක් හරි කිව්වොත් උගේ කනට දෙකක් දීලා මාව පෙන්නපන් . එච්චරකට ගොනෙක් මේ මං .

කොහොම හරි දැන් ඒක ඉවරයි .මම ඒක ගැන ආයේ මතක් කරන්න කැමතිත් නෑ .මට මගේ බයික් කෙල්ල හිටිය නම් ඒ හොදටම ඇති . හ්ම් .

ටිකක් පරක්කු වෙලා තිබ්බ නිසා මම බයික් එක රේස් කරගෙන ම මගේ අලුත් කම්පැනියට ගියා . මගේ බයික් කෙල්ලවත් පාකින් එකේ ගානට පාක් කරලා මම කම්පැනි එක ඇතුලට ගියා.

හදවත් ❤️Where stories live. Discover now