අපි එලියට යද්දි සෝමාලියාවට පාන් කෑල්ලක් දැම්මා වගේ අපේ සෙට් එකම එතන තියෙන කෑම ගිල ගිල හිටියේ .අනේ මන්දා ඉතින් මුන් නම් , මල පෙරේත හැත්ත. සොම්බි නෙවේ සොම්බි අල්ට්රා ප්රෝ මැක්ස් ආවත් කන එක නවත්තන්නේ නෑ .මෙන්න බොලේ එහෙම හිතලා කට ...හිතලා කට ගන්න බෑනේ නේ . හිතලා හිත ගන්නකොට ම මුන් කන එකත් නවත්තලා මෝහිනි , ගොරක යකයි ආවා වගේ අපි දෙන්නා දිහා බලන් හිටියා .එතකොට මමද මෝහිනි . නෑ නෑ බොසා තමයි මෝහිනී . අනේ ඕනේ එකක් මට මොකෝ .
එතකොට තමා මගේ මෝඩ මොල රාජයාට මීටර් වුනේ දෙන්නත් එක්ක අත් වැල් පටලවාගෙන නේද ආවෙ කියලා .මම පටස් ගාලා ලෙවින් අයියගේ අත අත්හැරියා .
" ම්ම්ම් , ඒ මොකද්ද ඒ වුනේ , ඈ එවෝනයෝ . උඹ අපේ අශ්වින්කාරයාව දවසින් දැල් දාගත්තා ද ආආ..."
ටිරාන් BBQ දදා හිටපු රොටියත් කටේ ගහගෙන කැම්රි හිනාවක් දාගෙන අහද්දි මට පොලොව පලාගෙන අහස දෙබෑකරගෙන යන්න හිතුනා . සැක් මම මොකටද ලෙවින් අයියව දැලේ දාගන්නේ . මුට පිස්සු .
"උඹට පිස්සුද ටිරාන් , මම මාලු බාන එකෙක් නෙවේ නේ ලෙවින් අයියව දැලේ දාගන්න . අයිය කන්න එන්නේ නැති නිසා එක්කගෙන ආවේ . තමුසෙට ට්රැක් "
ඒක කියද්දි නම් එතන හිටිය හැම එකාම අපි දෙන්නා දිහා බැලුවා . යශීට නම් කැස්සකුත් ගියා . යශ්මිතයි කෙනුලුයි නම් උන්ගේ ලෝකවල ඉදන් පෙම් කෙලිනවා . උන්ට වටේ පිටේ ගැන මේලෝ ගානක් නෑ . ආදරේ අන්ධ වීමේ ප්රයෝජන නැත්තෙමත් නෑනේද සාන්ත.
"අඩෝ ඒක බලපම්කෝ ටිරාන් , අපිට බොසාට අශ්වින් අයියා කියන්න මාස දෙකක් ගියා .මූ ආපු ගමන් ලෙවින් ඇයියා ගානවා .මේ මේ මේ... මට උඔලා ගැන සැකයි හොදේ . "
නිකේෂ් එහෙම කියද්දි එයාගේ කරටත් අතක් දාගෙන හිටිය ටිරානුත් ඔව් කියන්නා සේ ඔලුව වනලා ලෙවින් අයියයි , මමයි හිසේ සිට දෙපතුල දක්වාත් දෙපතුලේ සිට හිස දක්වාත් ස්කෑන් කරා .
" දැන් කටවල් වහගෙන කනව ද . ඕනේ කෙනෙක්ට මට නම කියලා කතා කරන්න පුලුවන් . දැන් මෙතන බොස් , සෙකට්රි මොකුත් නෑ. ඔක්කොම ඉන්නේ මිනිස්සු . ඕකේ "
YOU ARE READING
හදවත් ❤️
Non-Fiction♥️ ඇවිදින මලමිනි අතර හමු වූ ආදරණීය හදවත් ♥️ බිහිසුනු වෛරසයක් හමුවේ අපරාජිත වූ ආදරණීය හදවත් ... ❤️😘 සිත් රිදුම්‚ හැර යාම වුවද සිනා සී දරා ගත් ශක්තිමත් හදවත් ...❤️🩹😇 වාසනාවට එහා ගිය අධිෂ්ඨානශිලී හදවත් ... ❤️🔥😌 මිතුරුකම් හා ආදරය පිරී ගිය අහින්ස...