ඊයෙ උන හදාගෙන ගෙදර ගියාට පස්සෙ ගෙදර දෙන්නෙගෙන් කනක් ඇහිලා ඉන්න හම්බුනෙ නෑ. උන හදාගත්තටයි තුවාල කරගත්තටයි සේරමට බැනුම් අහන්න උනෙ මේ අසරණයට තමා. අම්ම කොච්චර ගෙදර ඉන්න කියලා කිව්වත් මට අද ඉස්කෝලෙ එන්න උනෙ හෙට උත්සවේ නිසා අනිවාර්යයෙන් අපිට එන්න කියලා තිබ්බ නිසා. ඒ නැතත් කෝච් ප්‍රැක්ටිස් එන්න කිව්ව නිසා අද ආවෙ. ඊයෙට වඩා අද නම් උන අඩු වෙලා තිබ්බ නිසා ලොකු ප්‍රශ්නයක් තිබ්බෙ නෑ. ඒ උනාට ඊයෙ ඉදන් හරියට කාලා නැ. කට තිත්තයි අප්පා කොහොමද කන්නෙ.
උදේ ඉදන් මේන්හෝල් එක සරසනවා. මන් මේ ශේප් එකේ පන්තියට වෙලා යන්නෙ නැතුව ඉන්නෙ අද මැඩම් ආවෙ නැති නිසා. අනෙ මට බෑ ඔය පුටු හදන්නයි බැලුම් පුම්බන්නයි. මොනවද අප්පා පොඩි එවුන්ගෙ birthday party වගේ නෙ. කොහෙද ඉතින් මේ පිනාට පශ්චාත් බාගෙ අමාරුව හැදිලා නෙ.
" උබ දැන් මෙතන්ට වෙලා හැංගිලා හිටියම හරිද බන්..කවුරුහරි දැක්කොත් විනාසයි."
" තෝ කටවහන් හිටුකො..එහෙම වෙන්නෙ නෑ..ඇහුවොත් කියනවා උන හැදිලා වකුගඩුවෙ හිලක් හැදිලා කියලා. ඇයි රෙද්ද ඕක සරසන්න මුලු ඉස්කෝලෙයක්ම ඕනෙද. නිකං පිනාගෙ දෙවෙනි මගුල වගේ නෙ. අනික අර වයිස් කැපා ආක්ශා ගියේ. ආයෙ මන් මොකටද..."
මන් හිමරුට කෑගහලා ඩෙස් එකෙන් ඔලුව ගහගත්තා විතරයි අපේ ක්ලාස් එකේ පාපතරයෝ ටික බෙරිහන් දෙන්න ගත්තා නෙ. මුන්ටත් ඕනෙ මාව ගස් යවන්න. නෙදෙකින් ගස් බල්ලො. මන් මුන්ට සලකනවා හොද වැඩී. සමහරවිට අද දවසම උගන්නන එක නැති වෙයිද මන්දා. ඒ අස්සෙ ස්පෝට් මීට්වල වැඩත් පටන් අරගෙන නෙ. මුන්ගෙ සද්දෙ එන්න එන්නම වැඩි උන නිසා මන් නැගිට්ටා. ක්ලාස් කැප්ටන් වශයෙන් වගකීමක් තියෙනවා නෙ ඉතින් පන්තිය බලාගන්න.
" උබලාට එක විනාඩියක් කටවහන් ඉන්න බැයිද ඕයි. බලපන්කො කවුරුහරි ආවොත් මගෙනෙ බෙල්ල ගහලා යන්නෙ. කටවහන් පාඩුවෙ වැඩක් බලාගනින් කො."
මුන්ට කියන කට හොදයි ගලේ උලා ගත්තා නම්. කියලා කටගත්තෙ නෑ ආයෙ කෑගහනවා නෙ .යකොව් මන් උබලගෙ ක්ලාස් කැප්ටන්. පොඩ්ඩක් හරි අවදානෙ දීපන් යක් පැටව්නෙ. හිටපන් තොපිලට කරන්න වැඩක්. මන් හිමරු ගෙ ඩෙස් එක උඩ තිබ්බ උගෙ යකඩ බෝතලේ අරන් උස්සලා ටාන් ගාලා ඩෙස් එකේ ගැහුවාම මුලු පන්තියම සයිලන්ට් වෙලා ගියා.
YOU ARE READING
මතක සොයා ♡ TK Nonfic ♡ 🄾🄽🄶🄾🄸🄽🄶
Non-Fictionසෑම අවසානයක්ම අලුත් පටන්ගැන්මකින් නිම වේ!! හීනයක් නොවනා තැනක නුබ ආදරේ සගවා.. හේතුවක් නොවනා දිනක් මා හාද ඉකිබිඳලා ගෙවුනු අතීතෙක නුබේ කතා...ඇසෙනවා මෙදා නොහෙලූ වදන් ඔහේ ...පාවෙලා ගියා...... #nonfic #bl Cover by @hazy_lzel