❉. අටවන දිගහැරුම

137 14 58
                                    

හම්මේ....දවස් යනවද නැත්තම් දුවනවද සතියකුත් ගිහිල්ලා.එන්න එන්නම අපෙ selection තියෙන දවසත් ලන් වෙනවා.එ හින්දම මේ සතියෙම හවස ප්‍රැක්ටිස් තිබ්බා. ඒ අස්සෙ පොඩි පොඩි වලිත් නොතිබුනාම නෙමෙයි..අද සෙනසුරාදා...සුබ මොහොතින් දවස පටන් ගත්තෙ උදේම අම්මගෙන් කොසු පාරකුත් කාලා. ඇයි ඉතින් නැගිටිනකොට නවයත් පහුවෙලා නෙ. අද හවස අර හේමකයගෙ ක්ලාසුත් තියෙනවා. ඒකත් පැයක් තුනක්. සාප බම් මේවා සාප. ඔය වෙලාවට තමා අරකිගෙ හත්මුතු පරම්පරාවම මතක් කරන්න හිතෙන්නෙ.

මන් දැන් මේ අපේ සුදු බෝලෙව හොයන ගමන් ඉන්නෙ. කොහෙද මේකා පේන මානෙක නෑ නෙ. ඌ හොදටම දන්නවා මන් ගෙදර ඉද්දි  ඌව හොයන්නෙ නාවන්න කියලා. කොහෙ හරි දැන් හැංගිලා ඇති.

" සුදු බෝලේ...මන් ඔයාට බිස්කට් ගේනාවා."

හොයන්න පුළුවන් හැමතැනම හෙව්වත් මූ නෑ...අනේ දැන්නම් හති මට මූව හොයලම.  මන් අපේ මිදුලේ අඹ ගහ යට තියෙන බෙන්ච් එකේ ඉදගත්තෙ මහන්සියට.  ටිකකින් පුරු පුරු ගාන සද්දයක් ඇහෙද්දි මන් වටපිට බැලුවා. ම්හුක් ඒත් මොකෙක්වත් නෑ. ඊටපස්සෙ කෝකටත් කියලා උඩ බැලුවා. යකෝ මෙන්න සුදු බෝලෙ ගහ උඩ. දගල දගලා ඉන්නවා පහලට බැහැ ගන්න බැරුව. හත්තික්කෙ පූස් පරපුරටම නින්දාවක් මුන් වගේ එවුන්ව. එහෙම කියලා මේකව දිගටම ගහ උඩ තියන්ඩද. දැන් බඩගාපන්කො ගස් දිගේ. 

මාත් හිමින් හිමින් ගහේ බාගයක් විතර උඩට නැගලා අත් දික්කරාම සුදු බෝලේ වෙව්වල වෙව්ල ඇවිත් අතට පැන්නා. යසයි යසයි තව ටිකක් හිමීට පනින්න තිබ්බෙ. තව පොඩ්ඩෙන් පූසා කෙසේවෙතත් මට යන්න වෙනවා අඩි හයක් යටට.

" සුදු පුතා මොකද මේ ගස් උඩ නැගන කරන්නෙ. බහිනවා බිමට අඩු කඩා ගන්නෙ නැතුව..."

ඔය ඉතින් මේ පූස් තඩියා නිසා මටත් බැනුම් අහන්න වුනා. අද ලෝයර් හාමු ගෙදර නෙ ඒ හින්දා දගවැඩ බෑ. අනේ ඒ කියලා මන් ඉදී එක විදිහකට. මන් සුදු බෝලෙවත් අල්ලගෙන  බිමට පැන්නා. නෑ නෑ වැටුන්නෑ යහතින් ගොඩබෑවා බිමට.

" මෙන්න මේ පූස් තඩියා නාන්න වෙයි කියලා බයට ගහ උඩ නැගලා නෙ. මන් මේ ඌව ගන්න නැග්ගෙ ගහට. හෙ.."

මතක සොයා ♡ TK Nonfic ♡  🄾🄽🄶🄾🄸🄽🄶Where stories live. Discover now