" මේ පුංචි මල් කැකුළු තමා රටේ හෙට දවසෙ අනාගතේ. ඉතින් අපේ වගකීම තමයි මේ මල් කැකුළු පරවෙන්න දෙන්නෙ නැතුව රැක ගන්න එක.ඉතින්............."
" මේ ඕයි අයියෙ අර මනුස්සයා කියන්නෙ සිංදුවක් ගැන නේද."
" කොහොමද බන් ඒක සිංදුවක් වෙන්නෙ."
" ඇයි අනෙ අර තියෙන්නෙ අපේ රටේ අනාගතේ පුංචි අපි තමයි කියලා."
මන් තාලෙට සිංදුව කිව්වාම මේකා මගෙ ඔලුවට දමලා ගැහුවා. එක සැරයක් දෙසරයක් නම් කමක් නෑ හැබැයි දිගින් දිගටම කරන්න ලෑස්ති වෙන්න එපා හොදින් මතක තබා ගත යුතුයි කියලා කිව්වට තිහෙනයට මගෙ ඔලුවත් එක්ක ලොකු ප්‍රශ්නයක් තියෙනවා මයෙ හිතේ. දෙයියො බුදුන් සිහි කරලා අද ගෙදරින් එලියට බැස්සෙ මේ මගුල අද හරි ඉවර වෙනවා නෙ කියලා හිතලා ඒ උනාට මේ මොකෙක්ද මන්දා මන්ත්‍රියෙක්ද එකෙක් කතාව පටන් ගත්තා දැන් විනාඩි විස්සකටත් වැඩී. මුන් ඉතින් මේ දෙසන බොරු අපිත් ඉතින් කටවල් ඇරන් අහන් ඉන්නවා නෙ. ඉතින් හරියයිද අපිට.
අපේ බැජ් පැලැන්දිල්ල නම් උදේම ඉවර කරා. ඊටපස්සෙ තිබ්බෙ පොඩි එවුන්ගෙ prize giving එක. ඒක ඉවර වෙනකම් අපිට යන්න දෙන්නෙත් නෑ. මට නම් දැන් පුටු රත් කරලා එපා වෙලා තියෙන්නෙ. තිහෙන් නම් ඉන්නවා මට එහාපැත්තෙන් ඉදගෙන මොකාද එකා වගෙ. හැබැයි ඌ සීරියස් පිට ඉන්න හැදුවත් මන් අර කිව්ව සිංදුවට උට හිනා ගියා.
" ගිම්හාන් තමුසෙට මේ වගෙ වෙලාවටත් සීරියස් වෙන්න බැරිද.."
" ඉතින් ඇත්තනෙ කිව්වෙ.."
" කටවහන් ඉස්සරහ බලන් ඉන්නවා."
තිහෙන් හිනාවෙවී කියලා මගෙ ඔලුව ඉස්සරහට හැරෙව්වා. ඒත් තාමත් ඌ තොලුත් හපන් හිටියෙ හිනාව නවත්ත ගන්න. තවත් විනාඩි ගානක් ගෙවිලා ගියාට පස්සෙ අර මිනිහගෙ කතාවත් ඉවර වෙලා ජාතික ගීය කියලා උත්සවේ අවසන් කරා. ආව අමුත්තොයි සර්ලයි මැඩම්ලයි සේරම එලියට ගියාම තමයි අපි එලියට ගියේ.
එලියට ගිය ගමන් හිමරු දුවන් ඇවිත් මගෙ කරේ එල්ලුනා. ඇයි ඉතින් උන්ට ඇතුලට එන්න දුන්නෙ නෑ නෙ.
" බැහැපන් බන් බිමට."
මන් කිව්වාම ඌ මාව අතඇරියා.
YOU ARE READING
මතක සොයා ♡ TK Nonfic ♡ 🄾🄽🄶🄾🄸🄽🄶
Non-Fictionසෑම අවසානයක්ම අලුත් පටන්ගැන්මකින් නිම වේ!! හීනයක් නොවනා තැනක නුබ ආදරේ සගවා.. හේතුවක් නොවනා දිනක් මා හාද ඉකිබිඳලා ගෙවුනු අතීතෙක නුබේ කතා...ඇසෙනවා මෙදා නොහෙලූ වදන් ඔහේ ...පාවෙලා ගියා...... #nonfic #bl Cover by @hazy_lzel