සෙනසුරාදා 7

20 8 12
                                    

උදේම නැගිට්ටේ අද පන්ති හින්දා..අයියලත් එක්කම ඇවිත් මන් ක්ලාස් එකට ගියා..

මටයි අයියලටයි ක්ලාස් ඉවර වෙන්නේ එක ම වෙලාවට ..ඒත් තාම අයියා නැති හින්දා මන් ගේට් එක ලගට වෙලා හිටියා එතකොට අයියා එනවා කවුදෝ මන් කොල්ලෙක් එක්ක හිනා වෙවි..

ඔහ් මන් හිතන්නේ ඒ එයා..ලස්සනයි නේන්නම්..කටකාරයි වගේ..

"ඒ මල්ලි වරෙන්.."

අනිත් අය මා එක්ක කතා කරත් අයියා නෙමෙයි බැලුවෙවත් ඔව් ඉතින් එයා බිසිනේ..

බස් එකට නැග්ගත් වෙනදට මන් ඉන්දෝගන්න අයියා අද එයාව ඉන්දෝගත්තා.. මන් ඊට ඉස්සරහින් ඉදගෙන ජනේලෙන් එලිය බලන් ගියා..නිදාගන්න නම් එපා අද ඔන්න..

අපි බස් එකේ එද්දි පටන් ගත්ත කුඩු පොද වැඩි වෙලා මහ වැස්සක් උනා හෝල්ට් එකෙන් බැහැලා මන් කුඩේ හොයද්දියි දැක්කේ කුඩේ දාලා ඇවිත් කියලා..මන් අයියා දිහා බලද්දි එයයි එයාගේ යාලුවෝ ටිකයි යනවා හිනා වෙවි..

ඇත්තටම ඔයාට මාව අමතක වෙලාද අයියේ..අනේ මට මෙහෙම කරන්නෙපා..රිදෙනවා නොසෑහෙන්න බන්..

බෑග් එකත් ඔලුවට දාගෙන මන් හිමින් හිමින් එයාලගේ පිටිපස්සෙන් ගියා..

බෑග් එකත් ඔලුවට දාගෙන මන් හිමින් හිමින් එයාලගේ පිටිපස්සෙන් ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එයාලනම් හෙන සතුටින්..එහෙම වෙන්න එපැයි..
අයියා ආදරේ කරන කෙනානෙ ඉන්නේ..

හැම සෙනසුරාදාවකම අයියගේ යාලුවෝ ටික එහෙ නැවතිනවා..අද එයත් ඉන්නවා ඒ කියන්නේ..

ඇන්ටි ඉන්නවා අතත් ඉනට තියාගෙන..

දෙයියනේ කොල්ලෝ..!!

එතකොටයි ඔක්කොමලා මන් දිහා බැලුවේ..ඒ එක්කම හැමදේම බොද වෙලා වගේ පෙවුනා විතරයි මතක...

ආවර්ජනා~•Where stories live. Discover now