ආදරේ ඔබෙන් දැනුනු තරම්...
තැවි තැවි හිත ම වෙලූ තරම්...
ජීවිතේ සතුට මේ තරම් ...
නැහැ දැනුනේ මේ ලෝකේ මට ලැබුනු ඔබගෙන් තරම්..
💗🍃🥀________
හැමදාමත් වගේ අයියගේ ආදරණීය මනුස්සයා ගැන අහගෙන මන් උන්නේ හිත තෙරපෙන වේදනාවක් එක්ක...
එදා අසෙල් අයියා හිතේ තියෙන හැගීම් තේරුම් ගන්න ඕන නිසාලු අරෙහෙම දෙයක් කලේ..ඒත් ඒකෙන් මට කොච්චර රිදුනද කියලා ඔයා දන්නවා ද අයියේ..ඒ දැනගත්තා කියලා මොනාකරන්නද නේද..මන් ඉතින් හිගන පැටියා නේ නේද..හ්ම්ම්..
සමහර වෙලාවට ඒ පිච්ච මල් සුවද විදින්න නොලැබුනාම නෙමෙයි..
"ඉතින් උබට දැනගන්න ඕන නැද්ද එයා කවුද කියලා..."
"එපා.."
"ඇයි.."
"මන් හැමදාමත් වගේ මේ පාරත් ගැලවන්න හදන පිටුවල කතා ලියන්න ගිහින් වේදවෙන් තෙරපෙන හිත පාලනය කරන් ඉන්නේ බොහොම අමාරුවෙන්..ඒ නිසා පින්සිද්ද වෙයි අයියෙ..දැන් ම කියන්නෙපා...!!!
"ඒ කියන්නේ උබට කලින් ලවක් තිබ්බාද.."
"උබවත් තාම මාව තේරුම් නොගන්නේ ඇයි අයියේ.."
"අහ්.."
"මුකුත් නෑ..!
එතන ඉදලා වැඩක් නැති හින්දා මන් ආවේ කාමරේට..හවස හින්දා ඉර බැහැගෙන යනවා හරි අපූරුවට..මට දුකයි නොසෑහෙන්න දුකයි..!!!
ඇයි මටම මෙහෙම වෙන්නේ කියලා හිතෙනවා..අම්මගෙන් නොලැබුනු ආදරේ නැන්දා දුන්නට තාත්තගේ ආදරේ අයියා දෙන්න ඕනිම නෑ නේද කියලා මතක් වෙද්දි මට ඉබේම හිනා ගියේ මන් ගැනම සමච්චල් සහගත හැගීමක් හිතට දැනෙද්දි..
ඔලුව පුපුරන්න වගෙ රිදෙද්දි මට මෙතන බැල්කනියෙන් පැනලා මැරෙන්න හිතුනා..ඒත් නන්ගිගේ අහින්සක හිනාව මතක් උනා..පව් මගෙ පොඩි එකි..
ටිකකින් හුරු පුරුදු පිච්ච මල් සුවදක් ලගින් දැනුනේ හිත ආයෙත් කලබල කරලා..
ඇවිත් මගෙ පිටිපස්සෙන් තුරුල් කරගත්තා කියන්නත් බැරි තුරුල් කරනොගත්තා කියන්නත් බැරි විදියට හිටගෙන අත්වැටෙන් අත් දෙක තියලා මාව ඒ මැද්දෙන් මැදිකරගත්තා..
අයියගේ පපුවේ සද්දෙ ඒක හරි තාලෙකට ගැහෙනවා..