මම -1

75 14 14
                                    

කවුරු හරි ඇහුවොත් ඔයා බොන්න ආසම දේ මොකක්ද කියලා මගේ උත්තරේ කෝපි බොන එක..

එතකොට කරන්න ආසම දේ මොකක්ද ඇහුවොත් මුහුද දිහා බලන් ඉන්න එක...

මන් දුල්මින්..
අදත් මන් කෝපි එකක් හදාගෙන ආවේ සාලෙට..ඒත් එක්කම පොඩි හිරිපොද වැස්සකුත් වැටුන හින්දා මන් රේඩියෝ එකත් ඔන් කරලා " යලි හමුවෙන තුරු "
කියලා සුදු පාට පසුබිමේ තද කලු අකුරින් පොද වුනු විදිහට ලියලා තිබුනු පොත අතට ගත්තේ කීවෙනි පාරටදෝ කියන්න මටවත් මතක නෑ...

දවසක්වත් පෙම් කරලා තිබුණා...
හිතුනේ නැතිදෝ වැරදී කියලා...
හැමදේ සගවා...
පිටවී තිබුණා...
හිත නැද්ද දරා..
නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට...//

ඉතින් මන් ඒ සද්දෙත් අහන ගමන් උන්නේ වෙනම ලෝකෙක..සමහර වචනවලට පුළුවන් අපිව වෙනම ලෝකෙකට ගෙනියන්න..

මන් කෝපි තොලගාන ගමන් බැලුවේ දොරකඩ දිහා තාමත් පුන්චි පුන්චි වැහි බින්දු වැටෙනවා..

ඇත්තටම මම ගැන කීවොත්,
  මම නිදහසේ පියාඹන්න කැමති කුරුල්ලෙක්..

_______

ගමේ හැදුනු වැඩුනු මන් ටවුමට එන්නේ ඉස්කෝලේ ශිෂ්‍යත්ව විබාගේ පාස් වෙලා..ඇත්තටම ගමේ ඉදලා මෙහෙම එකපාරට ම ටවුන් එකට ආපුවාම හරි අමාරුයි..හුරුවෙන්න කාලයක් ඕනි..

අම්මයි තාත්තයි මට හොයලා දුන්නේ පොඩි බෝඩිමක් හැබැයි එකේ ගොඩක් කට්ටිය නෑ..මන් මිනිස්සු ඉන්න තැන් වලට කැමතිත් නෑ...බෝඩිමක් කීවට ඒක ගෙදරක්..ටවුමෙන් ටිකක් දුර..ගස් වැල් එක්ක හැදුන මට බිත්ති අස්සේ කොටු වෙලා ඉන්න හරි අමාරු කාලයක් උනා ඒක..මන් දහයෙදී වගේ තමයි බෝඩිම හම්බ උනේ..එතකල් ගෙදර ඉදන් ආවේ ගියේ..

තව අයියෙකුයි මායි ඒ ගෙදර නැන්දයි තමයි හිටියේ..ඒ නැන්දා හරි ම හොද මනුස්සයෙක්..ඒ නැන්දාගේ පුතා තමයි ඒ අයියා..තාත්තා නැති වෙලාලූ..අපේ තාත්තාගෙ යාලුවෙක් නිසයි මාව මෙහෙ එක්කගෙන ආවේ...

මුලින් අස්පස් කරලා මන් එහෙ ඉදන් පුන්චිවට වවන්න ගත්තා..බට් කරපු රෝස පැල,ක්‍රෝටන් වර්ග තමයි ගොඩක්ම..මන් මල්වලට අකැමැති..ඒත් කොල පාටට ආසයි..ඉතින් කොල පිරුනු කාමරයක් හදලයි මන් නැවතුනේ...එතකොටයි මන් හුස්ම ගන්නවා කියලා තේරුනේ..

ඒකේ පුන්චි කොල එද්දි මට දැනුනේ කියාගන්න බැරි තරම් සතුටක්...මෙහෙ කෑම උනත් මාරම වෙනස්..ඒත් නැන්දානම් ඉව්වෙ ගමේ විදිහට..නිවාඩු දවසට කිරිබත් නැත්තම් කැකුලු බතල පොල් සම්බෝලයි කරවල බැදුමකුයි..වොහ් ඒකනම් පිස්සුවක්..මෙහෙ වත්තේ අඹ පැලයක් තියේ මන් ගොඩක් වෙලාවට ඉන්නේ ඒකේ තමයි...ඒත් අයියානම් කැමති නැද්ද කොහෙද..

______+______+_______+_______

හලෝව්

කොහොමද

ඔන්න පලවෙනි කොටස දුන්නෝ...

එන්නම්..💗>:)

අදහසක් කියාගෙන යමුද..

මට cover දෙකක් හම්බ උනා ඉතින් මන් දෙකම දැම්මා..හෙ හෙ..

ඔයාලා මේකටත් කැමති වෙයි කියලා හිතනෝ..

ස්තූතියි ❤️

ආදරෙයි..💗

එන්නම්..

Cho_chea_jun..🍃>:)

ආවර්ජනා~•Where stories live. Discover now