කන්දක් උඩ-4

39 13 11
                                    

ඉන්ග්‍රීසි පන්තියේ ට්‍රිප් එකක් විදිහට අපි රිවස්ටන් යන්න කතා උනා..
ඉතින් මායි අයියයි එකට තමයි වැටුනේ..එයා මට වඩා අවුරුද්දයි වැඩිමල්..අපි හතර හමාර වෙද්දි බස් එකටත් ඇවිත් හිටියේ..මන් දෙන්නෙක්ට ඉදගන්න පුළුවන් එකේ ඉදගෙන ඉද්දි අයියා ඇවිත් මගේ එහා පැත්තෙන් වාඩි උනා..ටිකක් දුර යද්දි හැමෝම නිදාගෙන..ඒත් මටනම් නින්ද යන්නෙ නැ..දන්නවා ද මෙහෙ වටෙ ගස් බල බල යද්දී මාරම නිදහස්..

"අයියේ.."

"ම්ම්.."

"මට ජනේලේ ලග ඕනි.."

"ඇයි කෙල්ලො දිහා බල බල යන්නද.."

"නැ.."

"ඔහොම ඉදහන්.."

"ම්හ්ම්..ඒත්- නැ එපා එක්කො.."

"ඒ වරෙන් පිටිපස්සට.."
"ටිකකින් එන්නම්..උබලා ඉදහන්.."

අයියාට යාලුවෝ කතා කරත් නොගිහින් ජනේලේ ලග ඉදන් හිටියා..නපුරා..

ටිකකින් බේරෙන්නම බැරි තැන එයා ගියා මන් ඉතින් ටක් ගාලා ජනේලේ ලගට ගිහින් ගස් දිහා බලාගෙන ගියා..

"ඒහ් නැගිටහන්.."

"ම්හුක්.."

"ම්හුක් හුකුක් නෙමෙයි.."

අයියෝ මන විකාරයක් ද..අහම් නින්ද ගිහින් නේත..ඒකත් මේ නපුරගේ උරහිසේ මන් ටක් ගාලා නැගිටලා බැස්සා..පන්සල් ඇවිත්..

මල් හදුන් කූරු අරගෙන මාතලේ අලු විහාරේ බලන්න ගියා..අයියා නැන්දා දුන්න සල්ලි වලින් මන් ආසම නිල් මානෙල් පොකුරක් ගත්තා..

ලොකු ගලක් ඇතුලෙයි පහන් පත්තු කරන්න තිබ්බේ..එතන මාරම ලස්සනයි..ඊට එහා පැත්තේ තිබුනු බුදු කුටියට යන්න කලින් මන් මල් පොකුරේ නැටි කැඩුවා..අයියා එතකල් ඒක අල්ලන් හිටියා මන් එයාටත් මල් ටිකක් දීලා පූජා කරලා උඩට ගියා..ගලක් උඩින් ගිහින් ගියාම චෛත්‍ය වැදින්න පුළුවන් ඒ වැදලා එද්දි මගේ ලේන්සුවත් වැටුනා ම්හුක්..

"අය්යේ ඔයාගේ ලේන්සුව.."

"තැන්කූ මල්ලි.."

ඉතින් ඒකත් අරන් අපි ආයෙත් බස් එකේ නැගලා ආවේ ගෙඩිගේ බලන්න..

ආවර්ජනා~•Where stories live. Discover now