ඊයේ නිදාගන්න ගියාට නින්ද නොගිහින් කදුලු ඉස්සර උනා..ඉතින් ටිකක් රෑ වෙන්න නිදාගත්ත මට ඇහැරුනේ අටට විතර..ඇහැරිලා කුස්සියට යද්දි කට්ටියට ම ඉන්නවා ඉදගෙන තේ බිබි..මටත් ඉතින් නැන්දා දුන්න එක බීලා උඩට ඇවිත් වොශ් එකක් දාගෙන පල්ලෙහාට ගියා..
"නැන්දේ මන් කඩේ පැත්තේ ගිහින් එන්නම්.."
"පුතේ ඔහෙ යන්න ඔන්නැ කෝල් එකක් ගන්න ඔනිනම් ඉදහන් කොල්ලට කියලා ගමු.."
"අනේ ඔන්නැ නැන්දේ එයාට කරදර කරන්න..ගිහින් එන්නම්.."
"ඒයි තමුසෙ කොහෙද යන්නේ.."
"කඩේට යනවා අයියේ.."
"හ්ම් හ්ම්.."
නපුරා...යන්නෙපා කෝල් එකක් ගන්න කියලා පෝන් එක දුන්නානම් මොකද වෙන්නෙ නැ මන් මේ නිකම් අහන්නෙ..හා නැද්ද..
"මුදලාලි මාමේ.."
"ඕ පුතේ..ආ ආ පෝන් එක.."
ඔන්න ඕකයි තත්වෙ..හිත රිදෙනවා කියලා දැන දැන ම මන් කෝල් එකක් ගත්තා..
"හලෝ..අම්මා.."
"අනේ අයියේ.."
"චූටි.."
"චූටි බූටි තමයි එන්නේ නැද්ද බූරුවෝ මට පාලුයි.."
"බලන්නම්.."
"බල බල ඉන්නේ ඇයි ඔහෙ දාලා එන්න බැරි කෙනෙක් ඉන්නවා ද.."
"ම්ම්.."
"අඩෝ අපෙ අයියට මල්සරා විදලා.."
"අනෙ යනවා යන්න..මන් තියනවා පෝන් එක බුදු සරණයි.."
"බුදු සරණයි පරිස්සමෙන් ඉන්නවා..ඊලග පාර මන් කොහොම හරි අම්මා අතේ පෝන් එකක් එවන්නම්..අද එන කතාවකුත් කීවා ඔහේ..මාත් එනවා ඉදහන්කෝ.."
"පරිස්සමෙන් එන්න චූටි.."
අනේ අද එයාලා එනවලු..මන් ඉතින් වෙනදා වගේ ම එන ගමන් කොටේ උඩ වාඩි උනා..අදනම් ඉතින් අයියා ඇවිත් නෑ..
"නැන්දේ.."
"මන් මෙහෙම පුතේ.."
"අපේ අම්මලා අද එනවා කීවද.."
"ඔව් දැන් කීවේ.."
"හරේ.."
අයියගේ යාලුවෝ යන්නේ හවස පහට හයට විතර හින්දා එයාලා එයාලගේ වැඩ..මන් කාමරේට එන්න හැරෙද්දි අයියෙක් කතා කරා..