නිදි -6

21 6 2
                                    

ඊයේ ඉස්කෝලේ ගියෙ නැති හින්දා මන් අද උදේ නැගිටලා ඉස්කෝලේ අයියත් එක්ක ගියේ අද සිකුරාදා හින්දා...එද්දිත් අයියායි යාලුවෝයි මායි ඉදන් ආවේ..ඒත් අයියා අද හරි අමුතුයි...

"හැබැයි හෙන අහින්සක කොලුවා බන්.."

"ඒ..බලපන්කෝ මුගෙ පැණිය.."

"ඒහ්..මල්ලී මේ බලපන්කෝ.."

"අහ්.."

"උබ සිහියෙන් නෙමෙයි ද ඉන්නේ බන්..."

"වෙන කල්පනාවක හිටියේ අයියේ.."

"ඒකනම් අපිත් දැක්කා...මොකො කේස් එක.."

"මුකුත් නැ..මොකක්ද ඔයාලා කිය කිය හිටියේ.."

"ඔයාගේ මේ අයියට කෙනෙක් ගැන ආදරයක් ඇති වෙලානේ.."

"අහ්..හොදයි.."

"මොකො නිකම් අවුලෙන් වගේ ඒක කීවේ.."

"නැ නැ එහෙම කිවෙ නැ.."

ඔහ්..ඒ කියන්නේ අයියාට කෙනෙක් හම්බ වෙලා..ඊයේත් කීවේ එකයි...ඒත් ඇයි ඉතින් මට දුක..මන් හිතන්නේ එයා වෙනස් වෙයි කියලා මට හිතෙනවා ඒකයි මේ...ඕන එකක්..

"මොකො අද සද්දෙ වහලා.."

"අහ්.."

"ඇත්තටම උබ මොන ලෝකෙද ඉන්නේ.."

"සොරි..මොකක්ද කිවෙ.."

"ඇයි සද්ද නැත්තේ කියලා..."

"ඉතින් අයියාමනේ කියන්නේ මට කියවන්න එපා කියලා..."

"හ්ම් හ්ම්.."

"අයියේ ඒක ඇත්ත ද.."

"මොකක්ද.."

"අර යාලුවෝ කීව එක.."

"මොකක්ද බන් ඉතින්.."

"අර ඔයා කෙනෙක්ට ආදරෙයි කීව එක.."

"ඔව්නේ.."

"සෝක් නේ..ඉතින් එයා කොයි වගෙද.."

"ම්ම්..එයා ලස්සනයි අහින්සකයි..හැබැයි කොල්ලෙක්.."

"දවසක මටත් පෙන්නන්න හොදෙ..."

"අනිවාර්යයෙන්ම.."

අපි කතාවෙන් කතාව ගේ ලගට ම ඇවිත්..ඉතින් අපි කාමරවලට ගිහින් වෙනදා වගේ ම හවස පාඩම් කරන්න ආවා..ඒත් අයියා නිකම් අපහසුවෙන් වගේ ඉන්නවා ඇයි ඒ දන්නෑ..

"අයියේ මොකො අවුල.."

"ඔලුව රිදෙනවා බන්.."

"රිදෙන්නෙ නැතුව තියෙයිවැ බලනවකෝ කොන්ඩේ සීතයිනේ.."

මන් ගිහින් පොඩි ටවල් එකක් අරන් ආවා..මේකා මොකාද එකා වගේ හිටගත්තා...

"ඉදගන්නවාකෝ.."

"ම්ම්.."

එ කියලා මූ මාවත් ඔඩොක්කුවෙන් වාඩි කරෝ ගත්තා...මාත් ඉතින් ඉදගෙනම ඔලුව පිහදාලා නැගිටින්න හදද්දි අයියා මගෙ උරහිසට ඔලුව තියාගත්තා..
මාත් හිමීට ඔලුව අත ගාද්දි අයියට නින්ද ගිහින් තිබුනා..මේකා උස්සන් යන්න වැ ඉතින් මන්..මාත් ඔහේ හිටියා..

"ආන්ටි.."

"මොකද ලමයෝ මේ.."

"ම්..මේ..මේ අයියට නින්ද ගියා නෙ.."

!අපිත් දැක්කා..මන් මේ කෝපි හදන්න ද අහන්න ආවේ.."

"දැන් එපා.."

"ම්ම්.."

මොකක්ද යකූ ඒ උනේ අම්මා හෙන අමුතුවට හිනා වෙලා ගෙට ගියානේ..

ටිකකින් මට ඇහැරුනේ සනීපයක් දැනෙද්දී..අනෙ පැන්චෝ අපි කොහොමද ඇදට ආවේ..අයියා මාවත් බදන් නිදි..රෑ වෙලත් ඇති මන් හිතන්නේ..මාත් ඉතින් ආයේ නිදාගත්තා...

____+_____+______+_______+______+_____

හලෝ

කාලෙකින් ඔන්න..

කොහොමද

එන්නම්

ස්තූතියි ❤️ ආදරෙයි

Cho chea jun 🌱

ආවර්ජනා~•Where stories live. Discover now