Chapter 8

81 8 3
                                    

8 වැනි පරිච්ඡේදය

"මෙයාද මේ අළුත් මනාලි?"
ටකරමකට ගල්ගසන්නාක් සේ වූ හඬක් නින්දේම බරකාහ්ට ඇසෙන්නට විනි. තිගැස්සුණු පාරට ඇස් ඇරුණේත් ඒ එක්කම  බියවුනේත් ඈ දෙසට නැඹුරුවී විපරම් කරන කාන්තාව නිසාය. දහසක් තරු රොත්ත පිටින් අහුලා අමුණා ඇත්තාක්සේ ඇගේ කළු ස්කාඅය රන් පබළු වලින් දිලිහෙන්නට විනි. රැළි ගැහෙන වතේ හමටම එකතුවී පොඩි වෙන්නාක් සේ වූ ඉතා කුඩා දෙනෙත් තමා දෙස විමසිල්ලෙන් බලන්නේ හරියට පස් යටින් මතුවෙන්න ගැඩවිල් පණුවෙකු දෙස බලන්නාක් සේය.
"ඔහ්! ඔයාව මං ඇහැරෙව්වද ළමයෝ? මට සමාවෙන්න. සැප නින්ද කැඩුවානේද? ඇම්බො මනමාලියක් ගෙනැල්ලා කියලා ආර\චි වෙච්ච හැටියේ මේ තකහණියෙ දුවගෙන ආවේ." මදක් පස්සට වී දිලෙන ස්කාඅයටම ගැලපෙන ඇයට නො ඔබින රතට හුරු සාරියේ පොට හරි ගස්සාගනිමින් ඈ කීවාය. බරකාහ්ගේ දෙබැම රැළි වූයේ මේ කවුරුන්ද වග ඈ නොදත් නිසාය. තමා දෙස කන්න වගේ බලං ඉන්නා මේ කත කවුරුන්දැයි ඇගේ සිත ප්රශ්න කරන්නතරතුරම බරකාහ් ඇඳේ හිඳගත්තාය. ගත වටා දවටාගෙන උන් පොරෝණය පසෙකට කළේ නිදන්නට පෙර පොරෝගත්තා මතකයේ නොවූ වග සිහි කරමිනි.
"තාම නාලත් නැතුව මගේ හිතේ? වැරදි කියන්නේ කොහොමෙයි, අම්මෙක්, අප්පෙක් නැති දරුවෙක් නොවැ. උදේ වඳින්න්ටත් නැතුව ඇති නෙ?"
ආගන්තුක කාන්තාවගේ විලි ලැජ්ජා නැති කතාව බරකාහ්ට නොවැටහුනා නොව. සංසර්ඝයේ යෙදුනායින් පසු ස්නානය කිරීම මුසල්මානුවෙකුට අනිවාර්ය අංගයක් වග බරකාහ් හොඳාකාරවම දන්නීය. පාන්දර සලාතය නැමදීමට පෙර ස්නානය කොට පිරිසිදු වීම අවශ්යවන්නේ එනිසාය. අළුත විවා වූ ඔවුන් දෙදෙනා අතර එවැනි සබැඳියාවක් නැති වග කියන්නට බරකාහ්ට කොහෙත්ම වුවමනා නැත. ඒද අලුත බැඳපු ජෝඩුවකට ඔවැනි නොමනා දෑ කීම සදාචාරද නොවන්නේය. තමන් හා අමාෂ් අතර ගිවිසුමකට සමානවූ විවාහයක් සිදුවූවත් ලෝකයේ කවුරුත් කසාද බඳින්නේ පවුල් කන්නටය. එසේය කියා නොමනා ලෙසින් ඔවැනි ඉඟි කිරීම් සත්තකින්ම අවශ්ය නැත.
'මෙයා පිටසක්වලින් ඇවිත්ද?'  බරකාහ් අසාගත්තේ තමාගෙන්මය.
"නෑ මනුස්ස දුවක් වගේ. ජීවිත කාලෙ පුරා ජහ ජරාව කකා අනුන්ගේ ඕප දූප ගිල ගිල තරවෙච්ච කෙනෙක්ද කොහෙද.'
ඇගේ යටි සිත ඔච්චම් කරන්නට විනි. බරකාහ් මුවට නැගි සිනහව ගිලගනිමින් ආගන්තුක කාන්තාව දෙස යටහත් පහත් බැල්මක් හෙළුවාය.
"මං ඔයාව අඳුරනවද?"
දෙපා නවාගනිමින් ඈ ඇසුවේ සුහද වන්නට සිතට පෙරැත්ත කරමිනි.
අර කාන්තාව ව්යාජ සිනහවක් මවා අතක් හිස් අවකාශයේ එහා මෙහා වැනුවේ හරියට 'ඔය ළමයට පිස්සු' කියන්නාක් සේය.
"මල සමයං. මං ඔහේව දැක්කෙ මේ දැං ළමයෝ." ඇගේ කතාවට බරකාහ් කෙළ සිඳී තිබි කටින් කෙළ බිඳක් ගිල්ලාය. ඉන් උගුර දැවුණා පමණය.
"මං තමා ජානූ...මේ හැම දේපොලකම භාරකාරයා."
ඈ උජාරුවට කියද්දී බරකාහ්ගේ දෙතොල් උල් වූයේ 'ඕ' යන්න කියන්නට සූදානම් වූවාක් සේය. 'එහෙනං මෙයයි කතා නායිකාව?' බරකාහ් තනිවම කියා ගත්තාය.
"මං හිතුවේ මේ හැම දේකම භාරකාරයා මගේ හස්බන්ඩ්...අමාෂ් කියලා." ජායිරුන් සේම ව්යාජ සිනහවක් ආරූඨ කරගත් බරකාහ් කීවාය.
"සමහර විට මට වැරදෙන්නට ඇති. මං ආයෙත් ඩොකියුමන්ට්ස් චෙක් කරන්නම්."
බරකාහ් එසේ කියමින්ම ඇඳෙන් නැගිට ගත්තාය.
"අඳුරගන්න ලැබීම සතුටක් මිසිස් යහ්යා." සාලිහා ජායිරුන් එසේ ඇමතූ වග සිහි වී බරකාහ් අමුතුම තේජස් බවකින් කීවේ හරියට මැයත් තමාත් අතර ගව් ගානක පරතරයක් ඇතිවග නිනව් කරදෙන්නට සේය.
"එක්ස්කියුzස් මී, මං නාගෙන එන්නං කෝ. අඳුරගන්න ලැබිච්ච එක සතුටක්."
ඈ මායිම් නොකට නානකාමරයට වදින තමා දෙස නොරුස්නා බැල්මෙන් බලා උන් ජායිරුන්ගේ වතේ ඉරියව් දැක බරකාහ් හිතැතුලින් හිණැහුනාය. අමාෂ්ගේ අදහස් හා තම අදහස් කොතෙක් ඝට්ටනය වූවත් ජායිරුන් පිලිබඳ ඔහු දරන මතයට බරකාහ් අකමැත්තෙන් වුව එකඟ වූවාය. දුටු මොහොතේම එපා වූයේ නිකමට වන්නට බැරිය. අවසන් කැමති පත්රයේ සඳහන් කොට තිබි නියමිත දිනට පෙර අමාෂ් විවාහ නොවූයේ නම් තම හිතවතිය සාධාරණත්වයෙන් වෙහෙස මහන්සි වී ගොඩනැගී මේ සියල්ල මේ ගිජු කාන්තාව යටතේ පාලනය වනවා සිකුරුය. මීට ඉහතදී මුණ ගැසී නොමැති වුවත් හනියා ජීවතුන් අතර හිඳිනා කල මෑ ගැන නොව්යෙකුත් දෑ කී වග බරකාහ්ට සිහි විනි. තන්හාව නිසා සිය එකම සොහොයුරාගේ දියුණුවට ඊර්ෂ්යා කළ ජායිරුන් වැනි අයෙකු ඔවුන් නැති අතරේ මේ බිඳුණු පවුලට සෙතක් කරන්නේ නැත. තව තවත් ඔවුන් විරසක කොට පවුල නන්නත්තාරයේ යන්නට වැඩකටයුතු සිදුකරනවා මිසක් හනියාට උවමනා වූ පරිද්දෙන් පවුල සමගි කරන්නේ නැත.
සිය හිතවතිය නිනව් වූ බරකාහ්ගේ සිත සීතලින් පෙඟී ගියේ හරියට වතුර කරාමයෙන් ගලන සීතල ජලයට සිය දෑත් පෙඟෙන්නාක් සේය. හනියාගේ ඉල්ලීම හිස මත දෝංකාර දෙන්නේ මේ පවුල කෙරෙහි තමන්ට ඇති වගකීම සිහිකරමිනි. එසේ වූ පොරොන්දුවක් ලෙහෙසියෙන් අමතක කොට ජීවත් වන්නට ඇයට නොහැක. අමාෂ් කවුරුන්ද වග දැන දැනත්, ඔහුගේ ප්රතිචාරයන් කෙසේ වනු ඇත්දැයි දැන දැනත් මේ විවාහයට කැමතිවන්නට සිත එකඟ කරගත්තේ ඒ නිසාය.
අමාෂ්...ඔහු පිලිබඳ සිත දැවටෙන සිතුවිලි තේරුම් ගන්න ඇයටවත් බැරිය. පෙරදා රැයෙහි ඔහු කියූ දෑ පෙළින් පෙළට දිගෑරුණේ ගත හිරිවට්ටමිනි. ඔහුගේ ඉඟි නොතේරෙනවා නොව. තමා හා උරණ වී සිටින ඔහු සිත කියවන්නට ඇයට බැරි නැත. ඔහු කියන්නකට කෝප නොගෙන ඉන්නට වෙර දරන්නේත් ඒ තැළුණු සිත ඇබිත්තකට හෝ දැනෙන නිසාය. එපා යැයි කියූ කෙනා හා පවුල් කන්නට සිදු වෙතැයි සිහිනෙන් වත් ඈ සිතුවේ නැත. ඔහු ප්රතික්ෂේප කළේ ඔහු වන් අයෙකු තමන්ට මදි යැයි හැඟුනු නිසා නොව. ජීවිතේ මේතාක් කල් නොමසුරුව තමන්ට සෙනෙහස, රැකවරනය ලබාදුන්නේ දෙදෙනෙකි. ඒ මේ මව් පුතු දෙදෙනාය. එහෙත් ඔහුගේ ඉල්ලීම භාරගන්නා තත්ත්වයකවත්, මානසිකත්වයකවත් ඈ උන්නේ නැත.
අමාෂ්ගේ තියුණු දෑස් දෙස එක එල්ලේ බලන්නට අදට ඇයට නොහැක්කේ එහිවන චෝදනාත්මක බැල්ම උහුලා ගන්න බැරි නිසාය. බරකාහ් සීතල දිගු සුසුමක් ඉහලට ගත්තාය. ඒ කළු දෑස් දිගේ ඇවිද යන්නට ඇයට නොහැක්කේ අමතක කරන්නට වෙර දරන අතීතයට අත පොවන මං ඇතිරෙන්නේ ඒ ඔස්සේ නිසාය.
සීතල දියෙන් දිය නාගත් බරකාහ් හිස් පිසදමනතරතුර යළි කැටපත දෙස බැළුවාය. දිගු හිසකෙස් දැන් මුදු රැළි ස්වභාවයක් ගෙන ඇත. ඈ ඒවා අතින් පිරිමදිමින් අතීතය නිනව් කළාය. තමාත් උන්නේ දහසක් සෝතැවුල්වලින් පෙඟිලාය. හරියට මේ කෙහෙවැටිය සේය.
තමන් දසමසක් කුස හොවා බිහිකළ අම්මා පවා කීවේ ඒ නරකාදියේම ජීවත් වෙන්නට කියාය. එහෙත් මහපාරේ හමු වූ තමාට සරණක් වූ අමාෂ් ඈ කී පරිද්දෙන්ම නගරයේ පල්ලියකට කැඳවාගෙන ගොස් ඈ වෙනුවෙන් ඉදිරිපත්වී දෙවස්තාන්යේ කාරක සභාව හා කතිකා කොට විශ්වාසනීය තැනක නවාතැන් පහසුකම්ද සපයා දුන්නේය. ඉන් නොනැවතී තාවකාලිකව දේවස්ථානයට අනුබද්ද පෙරපාසලක අස්තීර රැකියාවක්ද අරගෙන දුන්නේය. දුටු තැනක සිනහවකින් පමණක් සංග්රහ කළේ ඔහුගෙන් අයුතු ප්රයෝජන ගන්නවායැයි නොසිතිය යුතු නිසාය. අමාෂ් පවා ඇයට කරදරයක් වෙනාකාරයෙන් කවදාවත් හැසිරුණේ නැත. ඈ මේ දකින දඩබ්බර, නොහික්මුණු ගතිගුණ එදා ඔහු ලඟ තිබුණාද කියාත් ඇයට සැකය. ඇයට විවාහ යෝජනාවක් කළේ කොතරම් නිවුණු පුද්ගලයෙක් ලෙසින්ද? ඒ වන විටත් විවාහවී, අනේක දුක උහුලාගෙන උන් තමා ඒ යෝජනාවින් කම්පිත වූ වග සැබෑය. එහෙත් ඊට අමාෂ්ට දොස් නගන්න තරම් නොහික්මුණු ක්රියාවක් අමාෂ් කළේ නැත. ඈ විවාහ වී වාචිකව දික්කසාද වී ඇතිවග ඔහු දන්නේ නැත. දන්නා මිනිසුන්ගෙන් බැටකෑ ඇය නොදන්නා පිරිමියෙකු විශ්වාස කරන්නට උත්සුක වූයේද නැත. ඇයට අවශ්යව තිබුනේ මේ සියළු බැඳීම් වලින් නිදහස් වන්නටය. තනිව ගෙවූ ජීවිතය ගෙනදුන්නේ සැනසීමකි.
ජීවිතයට සමීප නෑ හිත මිතුරන්ගෙන් ඇයට සරනක් නොවූ කළ ආගන්තුක ඇයට සරණ වූයේ අමාෂ්ය. ඔහු හමු වූ ඒ රුදුරු රැය අද වාගේ ඇයට මතකය. එක් කුස උපන් මනස විකෘර්ති කොටගත් සොයුරන්ගෙන් පවා ගැහැණුකම පළුදු වෙන කාලෙක නාදුනන නගරයක, කාලකන්නි රැයක අසරන වූ ඇයට රැකවරණය සොයා දුන්නේ අමාෂ්ය. ඒ හැදියාවට, සංවරකමට, පරාර්ත්කාමීබවට, ගැහැණු හුස්මකට කෑදර නොවෙන ඒ පිරිමිකමට ඈ සදා ණයගැතිය.
එසේ වූ අමාෂ් මේ සත්වසරට වෙනස් වී ඇත්තේ කාගේ වරදින්දැයි බරකාහ් සිතුවාය. ඔහුගේ කර්කෂ වදන් සිත පාරන්නේ සිඳී ගොස් ඇතැයි සිතූ කඳුළු නෙත් තෙමමිනි.
'එයාට ඕන එකක් හිතාගත්තුදෙන්. එයා හිතන විදිහ වෙනස් කරන්න නෙමෙයි මං මේ කසාදෙට කැමති උණේ. ආයෙත් කිසිම පිරිමියෙක් විශ්වාසකරන්න මට බෑ. කරන්නෙත් නෑ.'
ඈ සිත දිවුරා ගන්නට විනි.
තමන්ට පවුලක් ඇතත් ජීවත් වන්නට සිදුව ඇත්තේ අසරණ අනාතයෙකු ලෙසින්ය. ඔවුන්ගේ මතකයන් ඈ සිත දුකින් බෙරි කළේ නැත. මේ විදිහ දැන් ඇයට කොහොමත් පුරුදුය. ඔවුන්ගේ අවශ්යතාවයන් සපුරාලන පවුලේ සාමාජිකයෙකුම පමණක් වූ ඇය සින්ඩරෙල්ලාට සමානය. එකම වෙනස ඈ බිහිකළ අම්මාම ඈ අවාසනාවන්ත දරුවෙකු සේ සැලකීමය. සහෝදර  බැඳීම් දෙවියන් හිමිකර දුන්නත් වැඩිමහල් සොයොරියකට සේ නංගීවත් මල්ලීවත් සැලකූයේ නැත. වැඩිදුර අධ්යාපනය ඇයට අකැප වූ දෙයකි. නමට පමණක් සැමියෙකුගේ බැලමෙහෙවරකම් කරමින්, අඩම්තේට්ටම්වලට හසුවෙමින් නාදුනන රටක අපාදුක විඳි බරකාහ් හට ඈ අද ගෙවන ජීවිතය අරුම පුදුම එකක් නොවිනි.
තම ජීවිතයෙන් බිඳක් හෝ අමාෂ්ට කියන්නට තිබුණා යැයි සිත චෝදනා කරන්නට විනි. එසේ කළා නම් අඩුම තරමේ මෙයාකාරයෙන් ඇයට මානසිකව වද නොවී ඉන්නට තිබුනි. එහෙත් තම දුක ලොවට කියා කරුණාව සිඟමන් යදින්න ඇයට ඕනෑ වූයේ නැත. ඒ මදිවාට පෙරපාසලේ භාරකාර මණ්ඩලයට පවා නොකියා ඒ ස්තානයෙන් පිටව ආවේ ඒ වන විටත් කාමිල් පණ නල අදින නිසාය.
කෲරබව ඒ දෑස්වල තිබුණේ නැත. වේදනාව පමණක්ම කාමිල්ගේ මියැදෙන නෙත්වල රැඳෙන්නට වූවා අද වාගේ ඇයට මතකය. ජීවිතය ඉල්ලා යැද්දේ හරියට බරකාහ් හට ජීවය දෙන්නට වරම් ඇත්තාක් සේය. පව් යැයි සිතුනේ ඔහු උන් තත්ත්වය දැකය. කාමිල් සුපුරුදු ලෙසින් ඔහුගේ දවසේ පෙම්වතිය හා රිය පදවා තිබුනේ බීමතිනි. මරුවා අභියස ඔහු උන් වග ඔහුවත්, ගැහැණුකමගැන නොතැවුණු කාන්තාවවත් දැනං උන්නේ නැත. වේගයෙන් පැදවූ ඔහුගේ රිය හැපුනේ අනෙක් වාහනයේ උන් රියදුරුගේ ජීවිතයද බිල්ලට අරගනිමිනි. හැට තුන් වියේ පසුවූ ඒ තැනැත්තා ඒ මොහොතේම ජීවිතක්ෂ්යට පත්වූවත් ඔහුගේ බිරිඳ දෙපයේත්, ඉල ඇටත් බිඳී රෝහල්ගත වූවාය. ඒ ඛේදවාචකයේ ප්රතිපලයක් ලෙසින් බරකාහ් අද මේ නිවසේ තම ජීවිතයේ අරුත සොයන්නීය. හනියා...හනියා මන්සූර් ඇයට මුණ ගැසුණේ එයාකාරවය. කාමිල් සමගම කාමිල්ගේ වරදින් මියගිය තැනැත්තා අමාෂ්ගේ කුඩප්පච්චීය.
"ඔයා හොඳින්ද?"
ඒ ගැඹුරු හඬින් බරකාහ් තිගැස්සී ගියාය. කොපමණ වේලා ඈ එයාකාරයෙන් කැටපත දෙස බලාගෙන උන්නාදැයි බරකාහ්ට මතක නැත. වා බිඳු රැඳුණු කැඩපතේ ඇගේ Jආයාව බොඳ වී පෙනෙන්නට විනි. බරකාහ් පෙඟී තිබුණු ඇඟිලි තුඩුවලින් කණ්නාඩිය පිරි මැද්දාය. ඒතුලින් පෙනුනු තම ලා දුඹුරු නෙත් දෙසම මොහොතක් බලා සිටි ඇය අමිහිරි අතීතය මෙයාකාරයෙන්ම පිසදමා අහක් කරන්නට ඇත්නම් යැයි සිතුවාය. එහෙත් එසේ කරන්නට ඇයට අවසර නැතුවා සේය. මේ විවාහය නිනව් කරන්නේ අතීත මතකයන්මය. අමාෂ් කීවා සේ මේ බැඳීම තාවකාලික එකක්ම පමණක්ද? ඔහු පොරොන්දු වූවා සේ ඈ ධනාත්මක පිලිතුරක් දෙන තුරු මග බලාගෙන උන්නේ නැහැ නොවෙදැයි සිතෙද්දේ කොහේවත් තිබි නොරිස්සුමක් සිත වෙලා ගන්නට විනි.
'අවුරුදු හතක් ඉඳලා තියෙනවා මදිද?' ඈ නෝක්කාඩු කියන තම සිතට තරවටු කළාය. අමාෂ් අද ඈ හා විවාහ වී ඇත්තේ ආදරය පෙරටුකොටගෙන නොවන වග බරකාහ් හට සක්සුදක් සේ පැහැදිලිය. ඉතිං ඔහුට දොස් නගන්න සිත ඉඩදෙන්නේ නැත. අවංකවම ආදරේ කළේ ඔහුම පමණක් වග සිත පහදා දෙන්නට වෙර දරද්දේඅ උගුර සිරවී කඳුලක් නෙතින් පිට පැන්නේය. 
ඇය වරක් වැන්දඹුවකි. දැන් නමට බිරිඳකි. මේ කසාදයට එකඟ වීමේ මූලිකම සහ එකම අරමුණ විසිර ඇති පවුලක් එක් කිරීම පමණකි. මන්සූර් මහතා කාමිල් නිසා මිය නොගියා නම් මේ වගකීම දරන්නට ඇයට සිදුවන්නේ නැත. තමන්ගේ වරදක් නොවුනත් බරාකහ්ට සිතුනේ ඒ මරණයට වක්රාකාරයෙන්හෝ තමා වගකිවයුතු බවය. ඒ ඇය ඒවන විටත් කාමිල්ගේ බිරිය වූ නිසාය.
'අර කෙල්ලො තුන්දෙනාටත් මගේ ඉරණම උරුම වෙන්න ඕන නෑ.'
බරකාහ් කියාගත්තාය. තාත්තා නැතිව තමා අසරණ වූ තරම ඈ දනී. අදටත් මේ ගවන්නේ ඒ සෙනෙහසට උරුම කියන්න පින මදිවූ නිසාය. තාත්තා උන්නා නම් මෙයාකාරව කාත් කවුරුත් නැති ජීවිතයක් දක්කන්න උවමනා නොවන්න ඉඩතිබුනු වග සෙනෙහසට හඬන ඈ සිත කොඳුරන්නට විනි.
"ඔයා හොඳින්ද? ගෝඩ්! මේ ගෑනු නාන කාමරේ බද්දට ගන්නේ ඇයි? කම් අවුට්, ලේඩී!"
නානකාමරයේ දොරට තඩිබාන අමාෂ්ගේ කතාවට බරකාහ්ගේ දෙතොල් වක් ගැසුණි.
'මේ මනුස්සයට මෙච්චර කේන්ති යන්නේ මොකද? හරියට ගින්දර උඩ ඇවිදිනවා වගේ. බේසික් මැන'ස් බින්දුවයි. ඉන්නකෝ පාඩමක් උගන්නන්නංග් ඇම්බෝ!' ඈ තමාටම මුමුණාගත්තේ නොමැකෙන සිනහවක් සමගය.

ආදරේ විතරමයි- Nothing but LoveHikayelerin yaşadığı yer. Şimdi keşfedin