Part 11

429 89 32
                                    

Taehyung pov

උන දේවල් හිතා ගන්නත් බෑ.. කුකී ඉයුන්හා පස්සෙන් දුවද්දි මාත් දුවන් ගියේ ඒ කෙල්ල හිටපු තත්වෙ එච්චර හොද නැති නිසා. ඒත් පහලට එද්දි මට ආයෙත් හම්බුනේ ඒ ඇස් දෙක. එයා එක්ක හිටපු අනිත් girl වගේම කුකීත් ඉයුන්හා හොයන් යද්දි මට මේ ජියොන්සු නෙමෙයි කියන කෙල්ල එක්ක කතා කරන්න ඕන උනත් ඒ මේකට වෙලාව නෙමෙයි කියලා මට තේරුනා. මොකද එයත් හිටියෙ ඉයුන්හා කියන ගර්ල් කරපු දේ නිසා කලබලෙන්..
ඒත් එක්කම ආයෙ සාලෙට දුවන් ආවෙ කුකී..

"එයා එයා ටැක්සියක නැග්ගා.. අපාර්ට්මන්ට් එකට නේද යන්න ඇත්තෙ. එන්න අපි යමු"

එහෙම කියලා කුකී කා එකේ යතුරත් අරන් ගියේ එලියට. අර ගර්ල් ලා දෙන්නත් උනේ මොකක්ද කියලා දන් නැතුව කුකී පස්සෙන්ම ගියේ වෙන කරන්න දෙයක් නැති තැනයි.මාත් කෝකටත් කියලා එයාලා පස්සෙන්ම ගියේ මේ වෙලාවෙ කුකී ඉන්න තත්වෙත් හරි නැති නිසා. කුකීට කාර් එක එලවන්න නොදී මන් ඩ්‍රයිව් කරන්න ගත්තෙ තීන හදිස්සියට මේ යකා කොහේ ගිහින් කාර් එක හප්පයිද කියලා සැක හිතුන නිසා..

යන්න ඕන පාරවල් කියන්න කුකී කතා කරා මිසක අනිත් හැම වෙලාවෙම කා එක පුරා තිබුනෙ නිහැඩියාවක්. කන්නාඩියෙන්යෙන් පිටිපස්ස ඉන්න ඒ කෙල්ල දිහා සැරින් සැරේට බලන එක මට නවත්ත ගන්න බැරි උනා.

ඒ ඇස් දකිද්දි මට එයාගෙ ඇස් තුලින් පෙනුනෙ මම ජියොන්සු එක්ක ගත කරපු ඒ අතීතෙ...
නොදැනීම මගේ ඇස් තෙත් වෙද්දි හිමීට අත්ලෙන් මන් ඒවා පිහිදැම්මෙ කාටවත් පේන්නෙ නැති වෙන්න.

අපාර්ට්මන්ට් එක ලගින් වාහනෙ නැවැත්තුවා විතරයි කුකී කරේ අර කෙල්ලො දෙන්නා පස්සෙන් මාවත් ඇදන් උඩට ගියපු එක..

Ra Eun ha pov

ජීවිතේ සමහර දේවල් තියෙනවා අපේ හිත් තදින්ම අල්ල ගත්ත.ජීවිතේ තමන්ටම විතරක් මවපු දේවල් කියලා හිතට දැනුන.ටිකෙන් ටික ඒ දේවල් අපෙන් ගිලිහිලා යද්දි හැගෙන අසරනකම කෙනෙක්ට අකුරු කරලා නිම කරන්න බෑ. තමන්ගෙ කියලා හිතන් තදින් අල්ල ගත්ත ප්‍රේමයක්, එක පාර ඇස් ඉස්සරහා පෙනි පෙනි අහිමි වෙලා යද්දි දරා ගන්න පුලුවන් වෙයිද අනිත්‍ය තේරුම් ගත් නොගත් හදවතකට.. තමන්ගෙ ජීවිතේම කියලා හිතන් ලන් කරගත්ත කෙනෙක්ගෙ වේදිකාවෙ තමන් එක චරිතයක් විතරක් වෙලා හිටියා කියලා තේරුම් ගද්දි සමහර විට අපි යන්න ඕන දුර ගිහින් ඉවරයි. හිමි වෙලා අහිමි වුන ආදර කතා දරුනු වෙද්දි දවසින් දවස ඒ මතකයන් ඇස් ඉස්සරහා මැවිලා පෙනෙද්දි..දැනිලා තියෙනවද හදවටතට දැනෙන ඒ වේදනාව..? ඒකයි ලෝකෙ දරුනුම වේදනාව විරහ වේදනාව උනෙ...ගෙවන්නම වෙනවා , සංසාරෙදි කාටහරි තියෙනවනම් නොගෙවපු නය......

Destiny 💔 (Completed)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin