❤️👑️ IDEAL TYPE 👑️❤️
Chapter 17Seoyeon Prove....
හෙට තමයි ශාන්ලා ආයෙ යන්නේ...මං ඉතින් සුපුරුදු විදියට නැගිටලා කිරි එකත් බීලා පහලට යන්න හදද්දීම කෝල් එකක් ආවා....මෙයා මොකද දැන් කෝල් කරන්නේ...
(Call Conversation)
Seoyeon : යොබුසෙයෝ...කවීශ ඉතින් කොහොමද හෙට යන්න බඩු ටික ලෑස්ති නේ...
Kaveesha : ඔව් සොයොන් ඔක්කොම හරි...මං මේ කෝල් කලේ උදව්වක් ඉල්ලන්න...ඔයා දැන් වැඩකද...
Seoyeon : හ්ම්ම්..දැන් නෑ ඇයි...
Kaveesha : මේකයි මායි කාව්යායි එලියට ආවා ටිකක් හෙට යන්න කලින් ඇවිදින්න කියලා තනියම...ශාන් තනියම ඉන්නේ...පුළුවන් නම් එයාව එක්කන් යන්නකෝ කොහෙහරි...
Seoyeon : අහ් හරි මං තව පැය කාලකින් වගේ යන්නම්...😌
Kaveesha : තෑන්ක්ස් සොයොන්...බායි....
Seoyeon : බායි...
(Call Conversation End)
මං කෝල් එක කට් කරලා ලෑස්ති වෙලා යද්දී ඉතින් පැය බාගයක් වගේ ගියා...😂 මං යද්දී ශාන් නින්දෙන්ද කොහෙද දොර ඇරියෙ...කොහොමහරි එයාවත් එක්කන් මං ආවේ හන් රිවර් එක ලගට...මොකද ශාන් කියලා තියෙනවා එයා හන් රිවර් එකට ගොඩක් ආසයි කියලා...කොහොමින් කොහොමහරි මායි ශාන් දෙන්නා ගොඩක් විනෝද උනා....අපි street food කෑවා..zoo එකට ගියා..children park එකට ගියා...හොදම වැඩෙ කියන්නේ children park එකෙදි ලස්සන බබෙක් ශාන්ගෙ පස්සෙන්ම ආවා අප්පා කිය කිය...😂😂 මං හිතුවෙ ශාන් බය වෙයි කියලා ඒත් එයා ඒ බබාව වඩාගෙන එයාගෙ ඔම්ම එනකන් බලාගත්තා...හරිම cute...☺️ අපි දෙන්නා ඇවිදලා එද්දී හොදටම හවස් වෙලා....ශාන් මාව ගේ ලගින් දාලා යන්න කලින් කිව්වා හෙට එයාලා යද්දී මට එන්න එපා කියලා...ඒත් ඒ ඇයි කියලා මට තේරුනේ නෑ....😒 මාත් ඉතින් "අනේ මට නම් එන්න ඕනේ නෑ" කියලා ශාන්ට රවලා ගේ ඇතුලට ගියා...😌
මං යද්දී ඔන්නිලා dinner ලෑස්ති කරනවා...ඔන්නි කිව්වා ඔම්මා හෙට එනවා කියලා...හල්මොනිට දැන් ටිකක් හොද වෙලාලු හැබැයි ආයේ අමාරු උනොත් බේරගන්න බැරි කතාවක් doctors ලා කිව්වලු...ඒක අහපු වෙලෙ ඉදන් පොඩ්ඩා රූම් එකෙන් එලියට ආවෙත් නෑ කියලා මට සුමින් කිව්වා...😕 මං ඉක්මනින් වොශ් එකක් දාගෙන පොඩ්ඩගෙ රූම් එකට ගියෙ එයා මේ වෙලෙ දුකින් ඇති කියලා හිතිලා...