ක්‍රිශ් නානා දෙන්න එකිනෙකා දිහා හොරෙන් බල බල හිටියත් තාමත් එක්කෙනෙක්වත් කතා කලේ නෑ.අතීතයෙ වෙච්ච දේම ආයි ආයි වෙනව වගේ ක්‍රිශ්ට දැනුනේ.නානාටනම් අර කොල්ලො හතරදෙනා කියපු කතා නිසා කාමරෙන් එලියට බහින්නවත් හිතක් තිබ්බෙ නෑ.ඒත් බඩගිනි නිසා ක්‍රිශ් යනකම් ඉදලා ඒ පස්සෙන් යන්න කෙල්ල හිතාගත්තා.මොනව උනත් දන්න කියන එකම කොල්ලෙක් හරි ලගපාත ඉන්න එක නානාගෙ හිතට සැනසීමක් ගෙනාවා.
ක්රිශ්නම් ඉක්මනට ඇදුමක් දාගෙන පල්ලෙහාට බැස්සේ පරක්කු වෙන්න පරක්කු වෙන්න තමන්ට card ගහන එවුන්ගෙ උඩපැනිල්ල වැඩි වෙන බව දන්න නිසා.කියන ඕනම දෙයක් ඉවසීමෙන් අහන් ඉන්නවා කියලා හිතන් පඩිපෙළ බහිද්දී ක්‍රිශ්ට මුලින්ම ඇහුනේ යොන්හා කවියක් මුමුණන හඩ."දැල් තිර අස්සෙන් පෙනෙයි ඈ
ඔබ යනු මොබ එනු
පටපිලී ගෙන අබරණ පෙට්ටි ගෙන"ක්‍රිශ් මුකුත් නොකියා ඒ පැදි පෙළේ ඊලග පදය මතක් කරන්න try කලේ මූ ඊලඟට මොන කුනුහරපයක් දොඩවයිද කියලා හිත හිත.ඒත් සාහිත්‍යය සම්බන්ධයෙන් ක්‍රිශ් අතිශය දුර්වල නිසා ඒක කවියක්ද නැත්නම් යොන්හා කතාවක් කවියක් බවට පරිවර්තනය කරලද කියලවත් ක්‍රිශ්ට හිතාගන්න බැරිවුණ.ක්‍රිශ් ලගට ආපු යොන්හා "ඔයාගෙ choice එකනම් පට්ට"කියලා අතේ හන්ගන් හිටිය මුද්දක් ක්‍රිශ්ට දික් කලාමයි ක්‍රිශ් කල්පනා ලෝකෙන් මිදුනේ.
"කල් දාන්න ඕන නෑ.මේක දෙන්න එයාට මේ දැන්ම"යොන්හා කියද්දීම උඩ තට්ටුවෙන් ඇහුනෙ දොරක් වහන සද්දයක්.
"උබට පිස්සුද ඕයි.මගෙයි ඒ කෙල්ලගෙයි අතර කිසිම දෙයක් උනෙත් නෑ.වෙන්නෙත් නෑ.ඒකනිසා plz මාව අතෑරල ඕන දෙයක් කරගනින්"ක්ර්ශ් කිව්වෙ සද්දෙ බාල කරල යොන්හාගේ උරහිස් දෙකෙන් අල්ලලා හොලවන ගමන්.
"අයියෝ.කලින් කියන්න එපැයි bro."එහෙම කියල කුපාඩි හිනාවක් දාපු යොන්හා කෙලින්ම ගියේ පඩිපෙළ බැහැගෙන එන නානා දිහාට.
YOU ARE READING
The Mission of Teenagers 💖💫
Romanceතම හැකියාවන් මව්බිමේ අභිවෘද්ධිය පිණිස යොදවන අතර තාරුණ්‍යයේ රසය විදගැනීමට අරගල කරන යෞවනයන් 7 දෙනෙක්....😎අපරාධකාරියක් ලෙස වැරදි වැටහීමකින් ඔවුන් විසින් පැහැරගෙන එන සරල දිවිපෙවෙතක් ගතකරන අහින්සක තරුණියක්....👩මේ ඔවුන්ගේ කතාවයි👫👉 🌸🌸🌸🌸🌸🌸🌸🌸�...