රෑටතියෙන mission එකට මේ වෙද්දී හැමදේම සූදානම් කරලා තිබ්බේ. mecup artist එනකම් අනිත් අය ලෑස්ති වෙන තැනට යොන්හා ආවෙ උදව්වකුත් ඉල්ලගෙන.
"Hey boys.ඔයාලා ලග කොන්ඩම් එකක් තියෙනවද?"
ඒක ඇහිලා අනිත් උන් එයා දිහා බැලුවේ උපන් ඇදුමෙන් ඉන්න එකෙක් දිහා බලන type එකට.
"ඒ අහවල් දේකටද?"ක්‍රිශ් වහාම යොන්හාගෙන් ඇහුවා.
"කොන්ඩම් එකක් ඉල්ලන්නෙ ආප්ප පුච්චන්න නෙමෙයිනේ බන්.මේ වගේ තැනකට යද්දී ඒක අත්‍යාවශ්‍ය දෙයක්.දැන් කෙල්ලො ඒව නැතුව දුරදිග යන්න කැමති නෑ."යොන්හා ටයි ගැටය ටිකක් පහලට ඇදලා sexy look එකක් දාන් කණ්නාඩියෙන් හැඩ බලන ගමන් කිව්වා.
ඒක ඇහිලා ගෝල් ඕ තමන් ඇදගන්න
හදපු කෝට් එක අතේ තියන් ඒක දිහා බලන් හිටියේ club එකට යනවද නැද්ද කියලා දෙගිඩියාවෙන් වගේ."තියෙනවද?නැද්ද ?"යොන්හා තමන්ගේ උරහිසෙන් ගෝල් ඕගෙ උරහිසට පහරක් ගහන ගමන් ඇහුවා.
"මං ලග ඕව නෑ ඕයි.උබ මතක තියාගනින් අපි මේ වැඩේට යන්නේ ආතල් ගන්න නෙමෙයි."ගෝල් ඕ අවවාදාත්මක ස්වරූපයෙන් කිව්වත් යොන් හා ඒක ගනන් නොගෙන නසරානි හිනාවක් දාන ගමන් ආයිත් කතා කලා.
"ඇත්ත තමයි.ඔයාට මොකටද ඕවා.ඒ අතින් අපි වාසනාවන්තයි නේද?"
"මොකක්"ගොල් ඕ ආයිත් ඇහුවේ යොන්හා කියපු එක හරියට තේරුන් නැති නිසා.අහපු මෝඩකම තේරුනේ උත්තරේ ලැබුනට පස්සේ.ගෝල් ඕගෙ නිකටෙන් අල්ල ගත්ත යොන්හා එයාගෙ සුපුරුදු බ්රේක් නැති වචන set එකෙන් ටිකක් එලියට දැම්මා.
YOU ARE READING
The Mission of Teenagers 💖💫
Romanceතම හැකියාවන් මව්බිමේ අභිවෘද්ධිය පිණිස යොදවන අතර තාරුණ්‍යයේ රසය විදගැනීමට අරගල කරන යෞවනයන් 7 දෙනෙක්....😎අපරාධකාරියක් ලෙස වැරදි වැටහීමකින් ඔවුන් විසින් පැහැරගෙන එන සරල දිවිපෙවෙතක් ගතකරන අහින්සක තරුණියක්....👩මේ ඔවුන්ගේ කතාවයි👫👉 🌸🌸🌸🌸🌸🌸🌸🌸�...