mistakes 💫

248 46 160
                                    

Nextday morning:-

"හේ guyss,පොඩි අවුලක් වෙලා..."උදේ පාන්දරම බොන්සූ මහහයියෙන් කෑගහගෙන පඩිපෙළ බැහැගෙන එද්දී කොල්ලො ටික බිබී හිටිය තේ කෝප්ප ටිකත් පැත්තක තියලා බොන්සූ දිහා බැලුවේ මොකක්ද ප්‍රශ්නෙ කියලා දැනගන්න.

"ඇයි.ඔයාට මුකුත් කරදරයක්ද?"කායි කලබලෙන් වගේ බොන්සූ දිහා බලන ගමන් ඇහුවා.

"මට නෙමෙයි.මං අද club එක ඇතුලට යන්න ඒකේ ඇතුලෙ serve කරන කෙල්ලෙක්ගෙන් උදව් ගන්න හිටියේ.ඒත් ඒ කෙල්ල ඊයේ ලොක්කත් එක්ක ප්‍රශ්නයක් දාගෙන club එකෙන් ගිහිල්ලා.දැන් කොහොමද අපි ඇතුලට යන්නේ."බොන්සු දෙගිඩියාවෙන් ඇහුවා.

"ඔයා කියන්න හදන්නේ ඔය දෙන්නට ඇතුලට යන්න විදියක් නෑ.අපි කොල්ලො ටිකට විතරක් ඇතුලට ගිහින් විස්තර හොයාගෙන එන්න කියලද?"ගෝල් ඕ බොන්සූගෙන් ඇහුවේ මේක මුල ඉදලම බොන්සූගෙ ප්ලෑනක්ද කියලා හිතින් හිතන ගමන්.

"ඒ වගේ දෙයක් තමයි දැන් කරන්න වෙන්නේ.වැඩි දෙයක් කරන්න නෑනේ.එයාලා drug containers නවත්තලා තියෙන spot එක හොයාගෙන අපිට inform කරන්න.අපි උන් එන්න කලින් ඒවට ගිනිතියන්නම්." බොන්සු කිව්වා.

"එතකොට මේ drug bussness එක handle කරන උන්ව නීතියට කොටු කරලා දෙන්නෙ නැද්ද?"ඒ ප්‍රශ්නය කායිගෙන්.

"ඔයාලා containers ගැන දන්න හාදයෝ ඒව ඔක්කොම ගිනි ගත්තට පස්සෙ නිකම් බලන් ඉන්නෙ නෑ.එයාලා එසැනින් කොහෙට හරි set වෙයි.එතනදි උන්ව කොටු කරගන්න ඕනා.ඒ ටික කරන්න වෙන්නෙත් ඔයාලටමයි.මොකද ඒ වෙද්දී උන් ඔක්කොම ඉන්නෙ club එක ඇතුලේ"බොන්සු පිලිතුරු දුන්නා.

"අපි ඒ සේරම කරද්දී උබලා ආතල් එකේ එලියට වෙලා ඉන්නවා..හහ්.ඒක හරියන්නෙ නෑ.අනික taeව ඕක ඇතුලට එක්කන් යන්න බෑ.ඌ තවම පොඩිඑකා.එයාව එලියෙන් තියලා නානා කෙසේවෙතත් බොන්සූ තමුසේ මේ ගුබ්බෑයම අස්සට අනිවා අපිත් එක්ක එන්න ඕනා.ඔක්කොම plan කරලා දැන් පැත්තකට වෙන්න හදන්නේ....ඇයි යකෝ"මෙච්චරවෙලා නිහඩව හිටිය ක්‍රිශ් ඒ පාර බොන්සූට කෑගහන්න ගත්තා.
බොන්සූත් අයියට දෙවනි උනේ නෑ.එයා ඊටවඩා හයියෙන් බෙරිහන් දෙන්න ගත්තා.

"මටත් ඕනා ඇතුලට යන්න තමයි මනුස්සයෝ.යන්න විදියක් නැති නිසානෙ මේ දගලන්නේ....wtf"

The Mission of Teenagers 💖💫Where stories live. Discover now