think different💫

252 49 139
                                    

කොහොමහරි කෑම ඔක්කොම පිටින් order කලාට පස්සේ කට්ටිය බලන් හිටියේ බොන් සූ එතනට සැපත් වෙනකම්.කට්ටිය කිව්වට පලවෙනි පරිප්පුව කාපු ගෝල් ඕයි ,දෙවනි පරිප්පුව කාපු කායියි, හිත සෝ දුකින් බරවෙලා හිටිය ජීහුයි(කෑම පිලිබඳව) ,සතර පෙරනිමිති දැකලා වගේ කලකිරිල හිටිය ක්‍රිශ්යි(බොන්සූගෙ වැඩ නිසා😁 ) නම් එතනට ආවෙ නෑ.ඉතින් කට්ටිය දිහා බලපු බොන්සූ ගෙ ඇහැ ගැටුනේ tae දිහාවට.
(ඒ අහිංසකයත් ඉවරයි glz😂)

Tae ලගට ගිය බොන්සූ "මෙන්න අලුත් කොටි පැටියෙක්"කියලා කිව්වෙ taeගෙ මූණටත් එබෙන ගමන්.

"අරයා මදිවට මෙයත්.මට එකෙක්වත් ඉතුරු කරන් නැද්ද?"යොන්හා හෙමින් මිමිනුවෙ හදපළු දෙකම පරසතු වෙන බව දරාගන්න බැරුව.

මට එකෙක්වත් ඉතුරු කරන් නැද්ද?"යොන්හා හෙමින් මිමිනුවෙ හදපළු දෙකම පරසතු වෙන බව දරාගන්න බැරුව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කීපදෙනෙක් විතරක් හිටිය නිසාමද මන්දා භෝජන සංග්‍රහය කලබලයක් නැතුව සාමදානව අවසන් උනා.කෑම කන්න එකතුවෙලා හිටියේ team එකේ නහරයො හතරදෙනා උනත් බොන්සූව අවුස්සගෙන බාල්දියක් පෙරලානොගන්න එයාල වගබලාගත්තා.ඊලඟට තිබ්බෙ බොන්සූට නිදාගන්න තැනක් හොයාගන්න ප්‍රශ්නය.බොන්සූ නම් නානා වගේ ඇඹරි ඇඹරී හිටියේ නෑ.අනිත් අයගෙ කැමැත්ත අකමැත්තවත් අහන්නෙ නැතුව එයා කෙලින්ම බොබ් කායි දෙන්නාගෙ කාමරේට ගියේ කායි ගෙල වැලදාගන්න බවට කරන අනතුරු ඇගවීම් සතේකට මායිම් නොකර.

************************************
Next day:-

එදා උදේම කට්ටියම එලියට ආවෙ හදිසි  රැස්වීමක් කැදවලා තිබ්බ නිසා.

"අපිට ලගදීම haters24 කල්ලියට පහර දීමක් කරන්න වෙනවා."බොන් සූ ඉස්සරහම ඉදන් කිව්වම හැමෝම උඩ බිම බලන්න ගත්තා.

"ඔයා හිතන්නෙ ඒක සුළුපටු කල්ලියක් කියලද?ඒක ජාතයන්තර කල්ලියක්.ගහෙන් ගෙඩි එන්න වගේ පහර දෙන්න බෑ.අනික අපි මේ තරම් ලොකු මෙහෙයුමක් මීට කලින් කරලත් නෑ."බොබ් මුලින්ම තමන්ගේ අදහස් ප්‍රකාශ කලා.

The Mission of Teenagers 💖💫Where stories live. Discover now