නානා ලගට ආපු ක්‍රිශ් එක කකුලක් නවලා දණහිසෙන් පාත් උනේ නැගිටලා කතා කරන්න තරම් නානාගෙ උස මදි නිසා.එයාගෙ මූනෙ ලෙංගතු හිනාවක් ඇදිලා තිබ්බත් mask එක නිසා ඒක එලියට පෙනුනෙ නෑ.ඒත් ක්‍රිශ්ගේ මේ හැසිරීම ගැන බොබ් කායි දෙන්නනම් වැඩි කැමැත්තක් දැක්කුවෙ නෑ.එයාලා gun එහෙම ready පිට තියාගත්තේ ඊයේ වෙච්ච දේවල් එක්ක සතා මොකාද කියලා දැනගෙන හිටිය නිසා.ගෝල් ඕ,ජීහු දෙන්නත් අත් දෙක බැදන් බලන් හිටියේ මෙච්චර කාලෙකට කෙල්ලෙගෙන් ප්‍රශ්න කරන පලවෙනි වතාව මේක නිසා.මොනව උනත් කෙල්ලනම් ඉන්නෙ හොදටම බය වෙලා කියලා කට්ටියටම තේරුනා.හැමදාම නාහෙටනාහන්නෙ නැති තිරිසනුන් වගේ හැසිරෙන මිනිස්සු එක්ක හැප්පෙන එයාලට මේ කෙල්ලගේ හැසිරීම දැක්කම ඇතිවුනේ නුහුරු බවක්.ක්‍රිශ් වචන ගලපන්න ගත්තේ කොහෙන් පටන් ගන්නද කියලා හිතන ගමන්.ඒත් සිද්ධ උනේ කවුරුවත් හිතපු නැති දෙයක්.බිත්තියේ කොනකට ගුලිවෙලා හිටපු කෙල්ල එතනම කලන්තෙ දාලා ඇදගෙන වැටුනා.බොබ්,කායි දෙන්න මූණට මූණ බලාගත්තේ මේ ඉන්නෙත් තමන්ගෙන් ඊයේ ගේම ඉල්ලපු කෙල්ලමද කියලා හිතාගන්න බැරුව.
ක්‍රිශ් දෙවනි වතාවටත් කෙල්ලව උස්සලා ගෙනිහින් restroom එකෙන් පරිස්සමින් තිබ්බා.එයා එනකම් අනිත් හැමෝම පහල තට්ටුවට වෙලා බලාගෙන හිටියා.මුලින්ම හඩ අවදි කලේ යොන්හා.
"මොකක්ද බං ඒ වුනේ.ඊයේ මුන් දෙන්නට කරලා තිබ්බ සාහසික පහරදීම් වල හැටියට ඒකිව මෙල්ල කරන්න පස්දෙනෙකුට බැරිවෙයි කියලා හිතලා අපිත් දුවගෙන ආවේ"
"කාටද?අපිටනම් එහෙම පහරදීමක් උනේ නෑ"බොබ් කිව්වෙ ඒගොල්ලො ඊයේ විස්තර කලාට වඩා කෙල්ලගේ අද තත්වේ වෙනස් නිසා තමන් ගැන අනිත් අයගෙ හිතේ වැරදි ආකල්පයක් ඇති වීම වලක්වන්න.
"අනේ නිකම් පලයං බං යන්න.මං දැක්කා ඊයේ රෑ දෙන්නත් එක්ක ජීහුගෙ medical room එක අස්සට රිංගනවා"යොන්හා පල් හිනාවක් දාන ගමන් කිව්වා.
"අහ්.මට තේරුනා මොකෙක් හරි බෙහෙත් අවුස්සලා තියෙනවා කියලා.ඒත් උඹලා ගෙනියලා තියෙන්නේ vaginal cream එකක්"ජීහු කිව්වෙ එක කකුලකින් අනිත් කකුලට බර දෙන ගමන්.
YOU ARE READING
The Mission of Teenagers 💖💫
Romanceතම හැකියාවන් මව්බිමේ අභිවෘද්ධිය පිණිස යොදවන අතර තාරුණ්‍යයේ රසය විදගැනීමට අරගල කරන යෞවනයන් 7 දෙනෙක්....😎අපරාධකාරියක් ලෙස වැරදි වැටහීමකින් ඔවුන් විසින් පැහැරගෙන එන සරල දිවිපෙවෙතක් ගතකරන අහින්සක තරුණියක්....👩මේ ඔවුන්ගේ කතාවයි👫👉 🌸🌸🌸🌸🌸🌸🌸🌸�...