Institude එක ඇතුලට ගිහින් කෙල්ලව හොයාගන්න ලේසි උනාට එයා තනිවෙන මොහොතක් එනකම් බොබ්,කායි දෙන්නට ටිකක් වෙලා බලන් ඉන්න උනා.
"මම එයාගෙ bag එක අරන් එන්නම්.ඒකේ අපිට වැදගත් වෙන දේවල් තියෙන්න පුළුවන්.ඔයා කෙල්ලව ගන්න"කියල කායි ගියා.
"හුටා ක්ලෝරෆෝම් එක ගෙනැල්ලා නෑ.දැන් ඉතින් හොඳ සිහියෙන් ඉද්දිම තමයි උස්සන්න වෙන්නෙ"බොබ් තමන්ටම කියාගන්න ගමන් කෙල්ල washroom එකෙන් එලියට එනකම් බලන් හිටියා.
* * * * *
Washroom එකෙන් එලියට එද්දී කෙල්ල දැක්කේ mask එකකුත් දාගෙන කලු පාටින්ම ඇදගත්ත කොල්ලෙක් තමන් දිහා බලන් ඉන්නවා.අමුත්තක් නොපෙන්වා යන්න හදද්දිම එයා"hi!pretty girl"කියල කෙල්ලට ලන් වුනා.මොකක් හරි අවුලක් තියෙනවා කියල තේරුන නිසා එයා අනිත් පැත්ත හැරිල දුවන්න හදද්දිම තමන්ගේ bag 1ත් අතේ එල්ලන් හිටිය තවත් කොල්ලෙක්ගේ ඇගේ හැපුනා."වැඩි සද්ද එපා මෙතනම මැරෙන්නයි වෙන්නේ"ඒ කොල්ලා එහෙම කියලා ඉස්සර වුනාම අනිත් කොල්ල කෙල්ලගේ අතින් ඇදන් එයාගෙ පස්සෙන් ගියා.කොච්චර තදින් අල්ලන් හිටියද කිව්වොත් අත දෙදරුම් කනව වගේ දැනුනෙ.
"මේ මොක්කුද මේ මාව ඇදන් යන්නේ"මුකුත් හිතාගන්න බැරුව කෙල්ල අත අර කොල්ලගෙන් ගලවගන්න try කලා.ඒත් මේ යකා යකඩ වගේ.මුලු වැරම දාල ඇදගෙන යන්නේ.කෙල්ලට වේදනාව වෙනුවට ඒ වෙලේ දැනුනෙ පුදුම කේන්තියක්.ඒ ආපු තරහටම කෙල්ල තමන්ගෙ අතින් අල්ලන් හිටිය කොල්ලගේ දනහිසේ පිටිපස්සට කකුලෙන් හයියෙන් ගැහුවා.අනපේක්ෂිතව වැදුනු පහරෙන් කොල්ලා බිමටම ඇදගෙන වැටුනා.
ඒ අවස්ථාවෙන් ප්‍රයොජන අරන් කෙල්ල පැනල දුවන්න හදද්දිම bag එක අතේ තිබ්බ කොල්ල කෙල්ලගෙ කොන්ඩෙන් අල්ලන් එයා දිහාවට ඇදලා ගත්ත.ක්ෂණිකයෙන් නැගිටපු අනිත් කොල්ල එක අතක් කෙල්ලගෙ ඉන වටේට දාලා උස්සලා තමන්ගෙ කරට ගත්තා.දෙන්නම කවුරුත් දකින්න කලින් shape එකේ මාරු වෙන්නයි හැදුවේ.ඒත් ටික දුරක් යද්දී කෙල්ල පිස්සුවෙන් වගේ දගලන්න ගත්තා.එයා දාගෙන හිටපු හයි හීල්ස් දෙකෙන්ම පුළුවන් වෙර දාලා තමන්ව උස්සන් ඉන්න කොල්ලට ගැහුවා.ඒත් නොහිතපු විදියට ඒක වැදුනේ secret place එකට.කොල්ලට එලොව පොල් පෙනුනා.එයා කෙල්ලව බිමට අතෑරල එහෙමම පාත් වුනේ වේදනාව දරාගන්න බැරිකමට.
YOU ARE READING
The Mission of Teenagers 💖💫
Romanceතම හැකියාවන් මව්බිමේ අභිවෘද්ධිය පිණිස යොදවන අතර තාරුණ්‍යයේ රසය විදගැනීමට අරගල කරන යෞවනයන් 7 දෙනෙක්....😎අපරාධකාරියක් ලෙස වැරදි වැටහීමකින් ඔවුන් විසින් පැහැරගෙන එන සරල දිවිපෙවෙතක් ගතකරන අහින්සක තරුණියක්....👩මේ ඔවුන්ගේ කතාවයි👫👉 🌸🌸🌸🌸🌸🌸🌸🌸�...