කලින් දවසේ තරගෙ උණුසුම යන්නත් කලින්ම බොන්සූ තවත් රැස්වීමක් සංවිධානය කරලා තිබ්බා. කට්ටියටම meeting room එකට ආවේ කලින් දවසට වඩා උද්‍යෝගයෙන්.බොබ්ත් එක අතක් එල්ලගෙන හරි එන්න තරම් නිහතමානී උනා.බොන්සූ හැමෝගෙම ඉස්සරහට ගිහින් කතා කලා.
"ඔයාල මේ ඇවිත් ඉන්නෙ ඊයෙට වඩා මං ගැන ඔයාලාගෙ හිතේ විශ්වාසයක් ඇති උන නිසා කියලා මං හිතනවා.anyway මං ඊයේ කියන්න ගියා වගේම අදත් කියන්න තියෙන්නේ අපි haters 20 team එකට පහර දීමක් කරන්න ඕනා.මං හිතනවා දැන්වත් ඔයාලා මගේ ක්‍රමේට මේක කරන්න මට සහයෝගය දෙයි කියලා.විරුද්ධ කවුරු හරි ඉන්නවනම් දැන්මම කියන්න."බොන්සූ කිව්වෙ විශේෂයෙන්ම ජීහු දිහා බලන ගමන්.
"නිහඩතාවයෙන් පෙනී යන්නේ කාගෙවත් විරුද්ධත්වයක් නොමැති බවයි."බොන්සු හීන් හිනාවක් දාගෙන වටේ බලන ගමන් කිව්වා.
"හරි.මං එහෙනම් කෙලින්ම මාතෘකාවට බහින්නම්.අපි haters ලට පහර දෙන්න කලින් උන්ගෙ drug delivery,contacts ගැන details හොයාගන්න ඕනා.මං දන්න තරමින් ඔය team එකේ ගැහැණු පිරිමි දෙගොල්ලොම ඉන්නවා.උන් ඔක්කොම එකට set වෙන එකම තැනයි තියෙන්නේ.අපි මුලින්ම බෙදිලා ගිහින් පුළුවන් තරම් තොරතුරු හොයාගන්න ඕනා.උන් කටඇරියෙ නැත්නම් එකෙක්ව දෙන්නෙක්ව මෙහෙට උස්සන් ඇවිත් හරි උන් ලවා කතා කරවගන්න ඕනා."බොන්සු කිව්වා.
"කොහෙද උන් set වෙන තැන?අපිට උන්ගෙන් එතන්දිම සේරම වමාරගන්න පුළුවන් වෙයි"ක්‍රිශ් බොන්සූ දිහා කෙලින්ම බලන ගමන් ඇහුවේ මේ පාර බොන්සූ කියන ඕනම දේකට තමන් සහයෝගය දක්වනවා කියලා කියන්න වගේ.හැබැයි ඊලඟ වචන ටික ඇහුනම තමයි ක්‍රිශ්ට වහකන්න හිතුනේ.
"ඒක double f කියලා ගනිකාගාරයක්."බොන්සු ඇගට නොදැනෙන්න කිව්වම පුටු ඇන්දෙ වාඩිවෙලා හිටිය tae ගැස්සුන පාර නැවතුනේ ගෝල් ඕගෙ ඔඩොක්කුවේ.ක්‍රිශ්ත් උගුර පාදන ගමන් උඩබිම බලන්න ගත්තා.
YOU ARE READING
The Mission of Teenagers 💖💫
Romantikතම හැකියාවන් මව්බිමේ අභිවෘද්ධිය පිණිස යොදවන අතර තාරුණ්‍යයේ රසය විදගැනීමට අරගල කරන යෞවනයන් 7 දෙනෙක්....😎අපරාධකාරියක් ලෙස වැරදි වැටහීමකින් ඔවුන් විසින් පැහැරගෙන එන සරල දිවිපෙවෙතක් ගතකරන අහින්සක තරුණියක්....👩මේ ඔවුන්ගේ කතාවයි👫👉 🌸🌸🌸🌸🌸🌸🌸🌸�...