කාමරේ ගාවට ගිහිං දොර ඇරියා විතරයි නංගි මහා හයියෙන් කෑ ගහන්න ගත්තා. මමත් ඉක්මනට කාමරේට එබිලා බැලුව ම මමත් ෆුල් හොල්මන් වෙලා ගියා.
- "මොනවා... මොකක් ද මේ විනාසේ... කොහෙන්ද මේක ඇතුලට බල්ලෙක් ආවේ?"
- "අහ්... මේ මයිකි. මගේ බව්වා. මෙයාට තාම මෙතන පුරුදු නෑ. තේරෙනවනේ. එයා ටිකක් කලබල වෙලා ඉන්නේ."
- "හොබි ඔයාට පේන්නේ නැද්ද, මූ කාමරේ ම විනාස කරලා. අහ්... දැක්ක ද ඌ දැන් ඇඳට කරපු දේ?"
මට යක්ෂා වේෂ වෙලා හොබියගේ මූණට දෙකක් ගහන්න අත මිට මොලවා ගත්තා විතරයි නංගි මැද්දට පැන්නා.
- "හරි ඕක නවත්තගන්න. හොබි ඔප්පා ඔයා දන්නේ නැද්ද බල්ලෝ තියා ගන්න බෑ කියලා. දැන් මේ ගැන විදුහල්පතිතුමා දැනගත්තොත් ඔයා ඉවරයි."
- "සමාවෙන්න, ඒත් ඉතිං මට මෙයාව එළියට දාන්න බෑනේ. මෙහේ බල්ලෝ තහනම්. ඒත් මට ඉන්න එකම සුරතලා මූ විතරයි. මං ඌට හරි ආදරෙයි."
- "අහ්... මේක අහගන්නවා. විදුහල්පතිතුමා මේක දැනගත්තොත් ගොඩක් සතුටු වෙයි."
මට තිබ්බ කේන්තියට මං විදුහල්පතිතුමාට කියන්න කියලා දොර පැත්තට යන්න හදද්දි නංගි මාව නවත්තගත්තා.
- "අක්කේ එපා. ඒක අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි. හොබි ඔප්පා ඉන්නේ පිරිමි නේවාසිකාගාරයෙනේ. නංගි එක ඇහැක් උඩට උස්සලා හොබි දිහාට හැරිලා එහෙම කිව්වම හොබිත් ඔලුව වනලා එක අතක් උස්සලා අපිට දිවුරුම් දුන්නා.
- "මං එකඟයි. පොරොන්දු වෙනවා ඔයාලට කිසි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නෑ කියලා. ඒ වගේම ආයේ මයිකිව මේ පැත්ත පළාතේ එවන්නෙත් නෑ කියලා."
ВЫ ЧИТАЕТЕ
Teena 👽 (Mission with Aliens) ✅
ФэнтезиThis is my first time in writing a story. So there can be lot of mistakes & the places you disagree. This is a fan fiction based on mission with alians. Hope you u'll enjoy this story. ⁱᵗ ⁱˢ ᵃ ˢᵗᵒʳʸ ᵃᵇᵒᵘᵗ ᵗʷᵒ ʸᵒᵘⁿᵍ ᵍⁱʳˡˢ ʷʰᵒ ˡᵒˢᵉ ᵗʰᵉⁱʳ ᵖᵃʳᵉⁿᵗˢ ⁱⁿ ᵃⁿ...