⫷Chapter 05⫸

162 44 5
                                    

මමයි නංගි කාලා කතා කර කර නේවාසිකාර පැත්තට ඇවිද ගියා. ඉස්සරහ කොරිඩෝ එකේ ඇවිද ගෙන කාමරවල් තියෙන පැත්තට හැරෙද්දි මං දැක්කේ අමුතු එළියක් කාමරේ දොර යටින් එළියට ඇවිත් පාවි පාවි අනිත් පැත්තට යනවා. ඒක දැක්ක මායි නංගි ගල් ගැහිලා බලන් හිටියේ ඒ එළිය දිහා.

- "අම්... අක්කා..."

- "හ්ම්..."

- "ඔයා ඒක දැක්ක ද? අර මම දැක්ක දේ ඔයත් දැක්ක ද?"

- "ඔව් මාත් දැක්කා. අපි යමු."

- "මොකක්... කොහෙ ද?"

- "ඒක පස්සෙන් යමු. එතකොට දැනගන්න පුළුවන් වෙයි මොකක්ද මේ විහිළුව කාගේ වැඩක් ද කියලා."

මං නංගිටත් මගේ පස්සෙන් එන්න කියලා ඒ එළිය පස්සෙ හිමීට ගියා. ඒ එළිය ස්කූල් එකේ වත්ත පැත්තට පාවී පාවී ගිහිං ගහක් ළඟ නතර වුණා. ඊට පස්සේ එකපාරට ම ඒ එළිය විහිදිලා පිරිමි ළමයෙක් මතුවුණා.

✶⊶⊷⊶⊷❍ 𝟚𝟘𝟙𝟡 𝕁𝕦𝕟𝕖 𝟝 ❍⊶⊷⊶⊷✶

- "පුතා...

- "ඕ... අම්මා... මගේ පැටව් දෙන්නා මොනව ද කරන්නේ?"

- "සෙල්ලමක් කළා."

- "මම නම් මේ... බුෆේ එකේ තිබ්බ කෑම ගැන හිත හිත හිටියේ."

මම කියපු දේට අම්මටයි තාත්තටයි බකස් ගාලා හිනා ගියා.

- "ආ... පුතේ... ඔයාට කෑම ඇරෙන්න වෙන මොනවත් හිතෙන්නෙ ම නැද්ද?"

හිනාවෙවිම තාත්තා මගෙන් ඇහුවේ මං කට ඇරියොත් කෑම ගැනම කියවන නිසා. ඒත් ඉතිං මං කොච්චර කෑවත් වට්ටක්කා වගේ වෙන්නේ නම් නෑ. හැමදාම මෑ කරලක් වගේ තමයි ඉන්නේ.

(උදාහරණ දෙනකොටත් කෑම ජාතිම දෙන්න එපැයි 🤭)

හැමෝම හිනා වෙවි ඉන්න අතරේ නංගි එකපාරට ම අඳුරෙන් වැහුණු අහස පෙන්නලා මොකක්හරි පෙන්නන්න හැදුවා.

- "අම්මා, ඔයා දැක්ක ද අර..."

- "මොකක් ද පුතා?"

- "අර පීරිසියක්"

- "අයියෝ නංගි ආයෙත්"

- "නෑ. අක්කේ මං දැක්කා අර..."

නංගි ඇඟිල්ල දික් කරලා ජනෙලෙන් එළිය අහස පෙන්නද්දි මාත් කටත් ඇරගෙන බැලුවා. පිඟානක් හරි පීරිසියක් හරි පේනව ද කියලා

Teena 👽 (Mission with Aliens) ✅Où les histoires vivent. Découvrez maintenant