⫷Chapter 06⫸

159 47 6
                                    

හොබි ඇස් දෙකත් ලොකු කරගෙන කට ඇරියම මම හිතුවේ... අනේ එපා කියයි කියලා. ඒත් එයා කිව්වේ වෙන දෙයක්.

- "මං ඉවරයි."

- "මං හිතුවේ තමුන් හොඳ යාලුවෙක් කියලා. ඒත් තමුන් මහා පල් හොරෙක්."

හිතේ තිබුණ කේන්තියට අත මිට මොලවලා හොබිගේ මූණ රොටියක් කරන්න අත උස්සනකොට ම කෙනෙක් මගේ අතින් අල්ල ගත්තා.

- "ඕක නවත්තන්න ටීනා. අපි කතා කරන්න ඕනේ.

අහිංසක මූණක් තිබ්බ එයා සීරියස් බැල්මකුත් එක්ක සන්සුන් විදිහට එහෙම කිව්වත් මට තිබ්බ කේන්තියට මං කට හදලා බනින්න ගත්තා.

- "කතා කරන්න... මොනවා කතා කරන්න ද? අනික ඔයා කොහොමද මගේ නම දන්නේ? ඒවයින් වැඩක් නෑ. ඔයා පැත්තකට වෙලා ඉන්න."

- "ටීනා. ඕක නවත්තන්න."

මං එහෙම එයාට බැනගෙන යද්දි මගේ පිටිපස්සෙන් ඇහුණු ගාම්බීර කටහඬක් නිසා මං හොබීගේ කොලර් එකෙන් අත අහකට කරලා හැරිලා බැලුවා.

- " මේ අහන්න. හොබී ඕක අරගෙන ආවේ මං එයාට ඒක ගේන්න කියපු නිසා. මම නම්ජුන්. එතකොට මේ ඉන්නේ මගේ අයියා ජින්. අපි ඇතුලට ගිහින් පොඩ්ඩක් කතා කරමු. මං දන්නවා හොබී ඇයි ඔයාගේ මාලේ ගත්තේ. ඇයි මම එයාට ඔයාගේ මාලේ ගේන්න කිව්වේ කියලා ඔයාට දැන් කුතුහලයක් තියෙනවා කියලා. හැබැයි ඒක දැනගන්න පුලුවන් ඔයා සන්සුන් වෙලා මගේ පිටිපස්සෙන් ආවොත්."

එහෙම කියලා ඇහි බැමක් උස්සපු නම්ජුන් ඔප්පා දකුණු අතේ ඇඟිලි හතරක් නවලා මහපට ඇඟිල්ලෙන් ගොඩනැල්ල පෙන්නලා ඒ පැත්තට හැරුණා. මටත් නංගිටත් එයාගේ පස්සෙන් යනවා ඇරෙන්න කරන්න දෙයක් නැති නිසා ඒ බය හිතෙන පරණ ගොඩනැල්ල පැත්තට ගියා.

✶⊶⊷⊶⊷❍ 𝟚𝟘𝟙𝟡 𝕁𝕦𝕟𝕖 𝟜 ( 𝟠 ℙ.𝕄 ) ❍⊶⊷⊶⊷✶

- "පුතේ"

- "එන්න අම්මා ඇතුළට..."

- "පුතේ ඔයා හෙට රෑට අඳින්න හොද ඇඳුමක් තෝරගත්ත ද?"

- "අම්මා අපි මොකටද ඔය මඟුලට යන්නේ? එයාලා අපිත් එක්ක කතා කරන්නෙත් නෑනේ."

- "මං දන්නවා. එයාලා තරහ වුනත් අපිට Invite කලා. ඒක අහක දාන්න බෑනේ. සමහරවිට මේක ආයේ අපි දෙගොල්ලන්ම යාලු වෙන්න පුළුවන් Chance එකක් වෙන්නත් පුළුවන්."

Teena 👽 (Mission with Aliens) ✅Wo Geschichten leben. Entdecke jetzt