මාව ක්ෂණිකවම සිපගත් හොබි දිහා බලන් හිටපු සුගාගේ දෑස් තෙත් වෙනවා මම දැක්කේ නෑ. දුකෙන් බිම බලාගෙන එතනින් යන්න හැරුණු සුගා ආයේ හැරිලා මාවයි හොබිවයි වෙන් කලේ තරහෙන් හොබිගේ තොල් පැලෙන්න කම්මුලට පහරක් දෙද්දි. ඒ වෙලාවේ පියවි සිහියට ආපු මම හොබිගේ බෙල්ලෙන් අල්ලන් පුටුවට තද කරන් හිටපු සුගා දිහාවට දුවන්න හදද්දි මම දැක්කේ library එකේ දොර ගාව කටත් ඇරන් අපි දිහා බලන් ඉන්න හොබීව.
- "හොබි. එතකොට?"
මට ඉබේටම කියවුණේ මගේ ඇස් ඉස්සරහ හොබිලා දෙන්නෙක් ඉන්නේ කොහෙමද කියන පුදුමයෙන්. මේක මායාවක් ද ඇත්තක්ද කියලා හිතාගන්න බැරුව මම ගල් ගැහිලා බලාගෙන හිටගෙන බලන් ඉන්න හොබි දිහා බලලා ඔළුව දෙපැත්තට වනලා පියවි සිහියට ආවා. හොබිත් කම්මුලට දෙපැත්තට ගහලා ඔළුව දෙපැත්තට වනලා හීයක වේගෙන් මගේ පැත්තට දුවන් ආපු හොබි මගේ ඉස්සරහින් පිටුපාලා අත පැත්තට දික් කරලා හිටගත්තේ හරියට අනතුරකින් ආරක්ෂා කරන්න වගේ. ඒත් එක්කම සුගාගේ තීව්‍ර හඬින් දිගින් දිගටම ප්‍රශ්න කරන්න ගත්තේ සුගාගේ අතට අහුවෙලා හිටපු ව්‍යාජ හොබිගෙන්.
- "කියනවා. තමුන් කවුද? කියනවා."
සුගාගේ හඬ තීව්‍ර වුණේ තරහ බැල්මකින්. මං මීට කලින් එයාගෙන් මේ විදිහේ හැසිරීමක් දැකලා තිබුණේ නෑ. අහිංසක පෙනුමක් තිබ්බ සුගා සම්පූර්ණයෙන් ම වෙනස් කෙනෙක් වුනේ මං නිසාද? මේ දේවල් හිතින් කල්පනා කරන මට දිගින් දිගටම ඇහුණේ සුගාගේ ප්‍රශ්න කරන හඬ පමණයි.
- "කියනවා. කතා කරනවා. තමුසේ කවුද? ඇයි ටීනාගේ පස්සෙන් ආවේ? තමුන්ව මෙතනම වලලන්න කලින් කියනවා."
- "සුගා නවත්තපන්. ඔය යකා මැරෙයි බන්."
හොබි සුගාව නවත්තන්න එයා ළඟට යද්දිම පුටුවට හේත්තු කරන් තමන්ගේ බෙල්ල හිර කරන් ඉන්න සුගා දිහා බලලා හිනා වුණේ ගානක්වත් නැතුව. සුගා එයාගේ හුස්ම හිර කරන්න ඔන්න මෙන්න තියෙද්දි එයාගේ රූපේ වෙනස් වුණේ අපි හැමෝම බලන් ඉද්දිම.
- "මාස්ටර්"
හොබියි මමයි මූණට මූණ බලාගත්තේ හොබිගේ රූපෙම තිබුණ ඔහු අපේ දෑස් ඉදිරිපිටම මාස්ටර්ගේ ස්වරූපයට මාරු වෙද්දි.
ESTÁS LEYENDO
Teena 👽 (Mission with Aliens) ✅
FantasíaThis is my first time in writing a story. So there can be lot of mistakes & the places you disagree. This is a fan fiction based on mission with alians. Hope you u'll enjoy this story. ⁱᵗ ⁱˢ ᵃ ˢᵗᵒʳʸ ᵃᵇᵒᵘᵗ ᵗʷᵒ ʸᵒᵘⁿᵍ ᵍⁱʳˡˢ ʷʰᵒ ˡᵒˢᵉ ᵗʰᵉⁱʳ ᵖᵃʳᵉⁿᵗˢ ⁱⁿ ᵃⁿ...