⫷Chapter 07⫸

172 42 0
                                    

සද්දයක් නැති නිසා මං ආයේ හිනාවෙලා හුස්ම අරන් පහළට දාද්දි බිත්තියට හේත්තු වෙලා හොබි මතුවුණා. මට ඒක දැක්ක ගමන් කෑ ගැහුණේ ඉබේටම. මං කෑ ගහපු සද්දෙට නංගිට ඇහැරුණා.

- "අක්කේ, මොකද වුණේ? ඒ මං මාර හීනයක් දැක්කනේ ඕයි. ඒක නම් ඔයා විශ්වාස කරන එකක් නෑ. ඔයාගේ යාළුවා හොබි ඔප්පා මගේ හීනේ alien කෙනෙක්."

නංගියා නවත්තන්නේ නැතුව දිගටම කියාගෙන යද්දි මං ගල් ගැහිලා බලාගෙන හිටියේ බිත්තියෙන් මතුවුණ හොබි දිහාම. මං මොකක් දිහාද බලන්නේ කියලා බලන්න නංගිත් බිත්තිය පැත්තට හැරුණාමයි එයත් හොබිව දැක්කේ. හොබි අපි දෙන්නවම දිහා මාරුවෙන් මාරුවට බලලා මගේ ඇඳ ළඟින් ඇවිත් වාඩි වුණා.

- "මට තේරේනවා ඔයා හිතනවා ඇති ඒ හීනයක් කියලා. ඒත් ඒක හීනයක් නෙමෙයි. ඔයාලා අපේ ඇත්ත ස්වරූපය දැක්ක ගමන් සිහිය නැතුව ඇදගෙන වැටුණා. මමයි ජන්කුක්උයි තමයි ඔයාලව කාමරේට එක්ක ආවේ. හරි දැන් ඔයාලා ලෑස්ති වෙලා පන්තියට එන්න. ඔයාලා දැනටමත් ගොඩක් වෙලා නිදාගත්තනේ. ඉක්මනට කෙල්ලනේ."

හොබි ගානක් නැතුව ඒ ටික කියවගෙන මට ඇහැකුත් ගහලා කාමරේ දොරත් ඇරගෙන යන්න ගියා. අපි දෙන්නම මූණට මූණ බලාගෙන වෙලාව බලද්දි දැක්කේ 8ත් කිට්ටුවෙලා කියලා.

- "මලා. නංගි අපි පරක්කුයි. ඉක්මනට."

✶⊶⊷⊶⊷❍ ℂ𝕝𝕒𝕤𝕤𝕣𝕠𝕠𝕞 ❍⊶⊷⊶⊷✶

මමයි පැංචියයි පන්තිවලට ගියේ කිසිම කතා බහක්වත් නැතුව. එයා පහළ පන්තියේ ඉන්නේ අර alienලත් එක්ක කියලා මතක් වෙද්දි මට පන්තියේ දී අවධානයෙන් ඉන්න බැරි වුණා. හොබි ළඟින් වාඩි නොවී මං ටිකක් එහා මෙසේන් ගිහින් වාඩි උනේ මට තාමත් මේ ගැන හිතාගන්න බැරුව ඉන්න නිසා. ඒත් සර් පංතිය කරගෙන යන අතරතුරදී හොබි පොත් ටිකත් අරගෙන ඇවිත් මගේ ළඟින් වාඩි වුණා. මං ඇස් ලොකු කරගත්තත් මුකුත් නොකියා ඉන්න හිතුවා.

- "චණ්ඩි කෙල්ල. මොකෝ අද කතා නැත්තේ? කටට විවේකයක් දුන්නද? මට පාලුයි හලෝ ඔයා ඔහොම ඉන්න එපා."

මම හිමින් එයා දිහා හැරිලා බැලුවා. මං දිහා අහිංසක විදිහට බලාගෙන හිටියත් මගේ ඇස් ඉස්සරහ ඉන්නේ alien කෙනෙක් කියලා මතක් උන ගමන් මං ඇස් පියාගෙන පොතේ ඔලුව ගහගත්තා.

Teena 👽 (Mission with Aliens) ✅Donde viven las historias. Descúbrelo ahora