TWO 24 - මෙහෙයුමේ ආරම්භය🔗❤️‍🔥

142 35 19
                                    

Two 24

Jackson's pov.
අනේ ඕක දෙන්නකෝ...මොකද්ද ඔයාල කරන්නෙ...මගෙ බෑග් එක දෙන්න...

මං ඉස්කෝලෙ ඇතුලට යද්දි මට ඇහුනෙ Hyoගෙ කටහඬ...

ඉස්කෝලෙ කෙල්ලො කොල්ලො ටිකක් Hyoගෙ School bag එක අතින් අතට පාස් කරගන්නවා...Hyoට මොන මොනවද කියන බවත් මට තේරුනා...
මට මේ ඉස්කෝලවල අප්පිරියම දේ මේක...කවුරුහරි අහිංසක ළමයෙක්ව bully කරල මොන ජාතියෙ සතුටක්ද මුන්ට ලැබෙන්නෙ...

Hyo බෑග් එක ගන්න හදද්දි එක කෙල්ලෙක් hyoව තල්ලු කරපු පාර එයා බිම වැටුනා...මං එතනට ඉක්මනට දුවල ගියා...

Hyo...නැගිටින්න...ඔයාට තුවාල නෑනෙ...කෝ...මං කෙල්ලව නැගිට්ටවද්දිත්  එයා අඬනවා...

නංගා...මොකද්ද උනේ...මුන් මොනවද ඔයාට කිව්වෙ....මං Hyoගෙන් ඇහුවා...

අයියේ.....අනේ අයියේ......කෙල්ල මගෙ අතක් අල්ලගෙන දිගටම අඬනවා...

Hyo...ඔයා අඬන්න එපා...මං ආවනෙ...
එහෙම කියල මං හැරුනෙ Hyoට කරදර කරපු සෙට් එක පැත්තට...

මං එක දෙයයි අහන්නෙ...තමුසෙලට පිස්සුද...? ඉස්කෝලෙ තමන් එක්ක පාඩුවෙ ඉගෙනගන්න ළමයෙක්ට වදදීල මොකද්ද තමුසෙලට තියෙන ආතල් එක කියපං....
මොකද Hyoට කරදර කරේ කියනවා....මං කේන්තියෙන්ම ඇහුවා....

ඒ කවුරුවත් උත්තර දුන්නෙ නෑ....

Hyo....කියන්න මොකද්ද උනේ කියල....මං Hyo rin ගෙන් ඇහුවා....

එයාලා....එයාල මගෙ අක්කට එක එක දේවල් කියනවා....එයා ඉස්සර මේ school එකේ හිටපු කාලෙ දේවල් කිය කිය....Hyo ඉකි ගගහ කිව්වා....

මොකද්ද එයා කරා කියන්නෙ දැන්....

මේ School trip එකකදි ගෑනු ළමයි ටිකක් සිගරට් බීලා අහුවුනාලු...ඒකට අක්කව අහුවුනා ඒත් පස්සෙ Confirm උනා අක්ක එහෙම කිසි දේකට සම්බන්ද වුනේ නෑ කියලා....ඒත් මෙයාල මට ඒක කිය කිය වද දෙනව අයියෙ.....Hyo කිව්වා...

ආ....මේ හේවොන්ටද මෙයාල මේ අනංමනං කියන්නෙ...මං ඇහුවා...

ඔයා කවුද අපිට සද්දෙ දාන්න ආ....සෙට් එකේ හිටපු එක කොල්ලෙක් මගෙන් ඇහුවා...
ආ මල්ලි...මමද....මං තමයි ඔය ඔයාල කියන හේවොන් ගෙ boyfriend....තව මොනවහරි දැනගන්න ඕනිද...නැත්නම් දත් ටික පරිස්සම් කරගන්නවද....?මං ඇහුවා...

🔥🖤𝕋𝕎𝕆🖤🔥Where stories live. Discover now