TWO 26 - වෙන්වීම😥

134 36 61
                                    

Two 26

Yugyeom's pov.

මං මේ දකින්නෙ හීනයක්ද...ඒක හීනයක්නම් හොඳයි කියල මට හිතුනා...අපි Mission එක සාර්ථකව කලා...ඒත්....ඒත් Jae තුවාල වුනා..එයාට අවධානමක් නෑ...ඒ වුනාට හේසල්....එයා අපිව දාල ගියා කියල හිතන්නෙ කොහොමද...ඇයි එහෙම වුනේ....

Jaeට වෙඩි වැදුන ගමන් Jackson මට යන්න කිව්වෙ Jaeට ඉක්මනටම treatments කරන්න ඕනෙ නිසයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jaeට වෙඩි වැදුන ගමන් Jackson මට යන්න කිව්වෙ Jaeට ඉක්මනටම treatments කරන්න ඕනෙ නිසයි...මට Jackson තනියෙන් දාල යන්න බය හිතුනත් Jae ව බේරගන්න මට ඒක කරන්න සිද්ධ වුනා...
මං ආරක්ෂිත තැනකට ඇවිත් ඉක්මනටම Jinyoung ට කෝල් කලා...ඒ වෙලාවෙම අපි ඉන්න තැනට ආපු Jinyoung එයාගෙ NIS officersල දෙන්නෙක්ගෙ security එකත් එක්ක Jae ව Hospital එකට යැව්වා...

ඒ ගමන්ම මං ආයෙත් ගියේ Jackson ලඟට...ඒ වෙද්දි හේසලුත් එතනට ආවා...අපි Fight කරද්දි හදිස්සියෙම Yoonගෙ වෙඩිපාර හේසල්ට වදිනව දැක්කා...සිද්දවුන දේ ගැන හිතාගන්න බෑ...ඒ එක්කම NIS එකෙන් ඇවිත් කට්ටියව අල්ලගත්තා....
ඇයි...ඇයි එයාලට තව විනාඩියක් කලින් එන්න බැරිවුනේ...

Jackson හේසල්ව තුරුලු කරගෙන අඬපු හැටි මට එයාගෙ යාලුව විදියට බලන් ඉන්න බැරිවුනා...ඉස්සර අපේ හතුරෙක් වගේ හිටියත් පස්සෙ අපි වෙනුවෙන් කැපවෙලා අපේම සහෝදරියක් වගේ හිටපු  හේසල් අපිව දාල ගියා කියල විශ්වාස කරන්නෙ කොහොමද....?

Hyorinට මේ ගැන කියන්නෙ කොහොමද...මට හිතාගන්න බැරිවුනා...

Jackson ගෙ තුරුලෙදිම යන්න ගිය හේසල්ව  Jackson ලඟින් අයින් කරන්න එතනට ආපු Hospital staff එකටත් අමාරු වැඩක් වුනා...

කොල්ලා තවත් ඇඬුවෙ නෑ...අඬන්න තරම් එයාගෙ හිතට වැදුනු පාර සැර වැඩියි...ඔහේ හිස් බැල්මකින් බලාගෙන හිටපු Jackson ව මමයි Jinyoung දෙන්න එකතු වෙලා නැගිට්ටවගත්තා...

🔥🖤𝕋𝕎𝕆🖤🔥Where stories live. Discover now