Two 12
ආහ්.....ආව්....පිස්සුද ඕයි.....
ඉන් යොන් හෙමින් හැරිල බැලුවා...ගහපු පොත් පාර වැදිල තියෙන්නෙ හොල්මනගෙ නහයට....
මගෙ නහය....ඉන් යොන්ව බයකරන්න හිතං ඇවිත් පොත් පාර කාපු Jae ඇහුවා...
කොල්ලගෙ ඇස්වලින් කඳුලුත් පැනලා...නහය රතුවෙලා...ඒයි...රිදුනද....ඉන් යොන් ඇහුවෙ බයෙන් වගේ...
අනේ නෑ මේ හරිම සනීපයි..ඔය පොත පුලුන් වලින්නෙ හදල තියෙන්නෙ...Jae කිව්වෙ කේන්තියෙන් වගේ..
මොකද මට සැර දාන්නෙ ආ...තමුසෙනෙ බූරුවෙක් වගේ ඇවිත් මාව බයකරේ...ඉන් යොනුත් එකට එක කියාගෙනම ගියා...
බයකරා කියල ඔහොමත් ගහනවද හරකියෙ.....
ඔව් ගහනව තමයි...ඔහේ සතුටු වෙනව මගෙ අතේ අර පිත්තල මල් පෝච්චිය නොතිබුන එකට...බූරුවා....අතේ තිබ්බ පොත Jaeගෙ අතට විසිකරලා ඉන් යොන් ගස්සගෙන යන්න ගියා...මොකෝ බං අර...එතනට ආපු jackson ඇහුවා...
ඒ ඇයි බං අරකි මට බය නැත්තෙ...Jae ඇහුවා...
ඒ ඒකිගෙ හැටි බං...ඉස්සර ඉඳන් ඔහොම්මයි..මේ මංම කොච්චර ගුටිකාල ඇද්ද...Jackson කිව්වා...
සිරාවට ?
සිරා තමයි ඕයි...මං ඉන් යොන්ව දන්නෙ blackwolf වෙන්නත් කලින් ඉඳන්...Jackson කිව්වා...ඒක නෙමෙ...උඹ හදන්නෙ හේසල්වයි නංගියි මෙහෙ නවත්තගන්නද..? Jackson ඇහුවා..
ඔව් බං...හේසල් අපිට මේ වෙලාවෙ වටිනව..අනික මිනිස්ටර්ගෙ උන් ඒකිව මරල දාන්න ඉඩ තියෙනව...Jae කිව්වා...එතකොට ඉන් යොන්,සේහ්වා...ඒ දෙන්නටත් කරදර වෙන්න ඉඩ තියේවිනෙ බං....Jackson ඇහුවා...
හ්ම්...ඔව්...ඒත් උන් කාලයක් සද්ද නැතුව ඉඳිවි...ඒ කාලෙ ඇතුලත අපිට මොනවහරි කරගන්න පුලුවන් වෙයි...එයාලගෙ අනවශ්‍ය ගමන් නවත්තල තියන්න ඕනෙ....Jae කිව්වා..
.....................................
ඒ අතරෙ yugyeom සේහ්වා එක්ක හේසල්ගෙ ගෙදර දොර ලඟ...ඒක පොඩි කාමරයක්...
Yugyeom බෙල් එක ගැහුවා...
හෙමින් දොර ඇරුනා...අක්කා ගෙදර නෑ...පස්සෙ එන්න...දොර ඇරපු කෙල්ල ඉක්මනට දොර වහන්න යද්දි yugyeom දොර අල්ලගත්තා...
ඔයාල කවුද...මොකටද ආවෙ...කෙල්ල බයවෙලා...එයා අවුරුදු 14ක විතර පොඩි කෙල්ලෙක්...උරහිස් වලින් පහලට දිග කලු කොන්ඩෙකුයි ලස්සන පුංචි ඇස් දෙකකුයි එයාට තිබ්බා...කෙල්ල ලස්සනයි...
ESTÁS LEYENDO
🔥🖤𝕋𝕎𝕆🖤🔥
Fanficචරිත කිහිපයක්... එක් කතාවක්... රහස් ගොඩක්... ඒ අතරෙ ගලාගෙන යන ආදරයක්... කලු සුදු චරිත අතර ගැටුමක්...... කවුරු දිනයිද...කවුරු පරදියිද..? බලාගෙන ඉමු.... TWO🔥