TWO 1
In yeon's pov.
ඒ...ඉන් යොනා....දන්නවද ඊයෙ වරායෙ වෙලා තියෙන සීන් එක...
මං ක්ලාස් එකේ වාඩිවෙලා හිටපු තැනට පණ කඩාගෙන දුවගෙන ආපු මගෙ අපාය සහයක se hwa ඇහුවා...
හ්ම්..මං දන්නව...සෝෂල් මීඩියා හැම එකේම ඒ සිද්ධිය තමා share වෙන්නෙ...මං කිව්වා...
ඉන් යොන්...එයා ඇත්තටම handsome ද දන්නෑ නේද...තරුණ කොල්ලෙක් කියලනෙ හැමෝම කියන්නෙ...සේ හ්වා අත් දෙකත් පටලවගෙන ඇස්ගහගහ කිව්වා...
මෝඩ කෙල්ල...එයා මැරයෙක්නෙ..මං කිව්වෙ හිනාවෙවී...
නැහැ එයා කරන්නෙ නරක දේවල් නෙමෙයිනෙ...හ්වා මට රවන ගමන් කිව්වා...ඊයෙ රෑ වරායෙන් හොරෙන් පන්නන්න හදපු drugs තොගයක් අහුවෙලා..හොර වැඩේට පොලිසියත් සම්බන්ධයිලු...ඒත් ඒක අල්ලල තියෙන්නෙ මේ දවස්වල හැමෝම කතාවෙන කෙනෙක්...එයා හරියට city hunter වගේ...රජයෙන් වහන හොර වැඩ සේරම තනියෙන්ම අල්ලල දෙනවා...එයාගෙ නමක් ගමක් වත් අඩුගානෙ එයා කවුද කියලවත් කිසිකෙනෙක් දන්නෙ නෑ...ඒත් එයාට පටබැඳපු නමක්තිබුනා...
ඒ තමයි "ZORO"
..................................................
කොලේජ් එකේ එලියෙ Bench එකක ඉඳගෙන ඉන් යොන් එයාගෙ බෙස්ටි වෙච්ච සේහ්වා එක්ක අයිස්ක්‍රීම් කකා හිටියා..
සෝ ඉන් යොන් collage student කෙනෙක්...එතකොට එයාගෙ යාලුව තමයි සේහ්වා කියන්නෙ..හොඳටම පිස්සු කෙල්ලො දෙන්නෙක්...ඉන් යොන්ගෙ තාත්තා හදිසි අනතුරකින් නැතිඋනේ එයා පුංචිකාලෙදිමයි...අම්මයි එයයි ජීවත් වුනේ පොඩි ගෙදරක උනාට එයාල සතුටින් හිටියා..
ආ මෝඩයා...අදත් සුපුරුදු බකබුස් මූණත් අරන් ඇවිත් වගේ...ඉන්යොන්ගෙ ක්ලාස් එකේ කොල්ලොටික තවත් කොල්ලෙක්ව වට කරගෙන...මේක එයාලට නුපුරුදු දෙයක්නෙමෙයි...පව් අසරණ jae....In yeon's pov.
මට හැමදාම වගේ jae ගැන ලොකු දුකක් හිතුනා..ඒත් මං කොහොමද ඒ දේවල්වලට මැදිහත් වෙන්නෙ...jae කියන්නෙ කාටවත් වදයක් නැති අහිංසක කොල්ලෙක්..එයාට කිසිම යාලුවෙක් නෑ...තනියෙන්මයි ඉන්නෙ..හරිම බයාදුයි..හැමතිස්සෙම බෝතල් අඩි වගේ ලොකු කණ්නාඩි දෙකක් දාගෙන තමයි ඉන්නෙ...
මූ ගාව සල්ලි නෑ බං නවත්තපු එකත් අපරාදෙ...එහෙම කියපු සෙට් එකේ එක කොල්ලෙක් jaeව තල්ලු කරල දැම්මා...පස්සෙ යන්න ගියා...
YOU ARE READING
🔥🖤𝕋𝕎𝕆🖤🔥
Fanfictionචරිත කිහිපයක්... එක් කතාවක්... රහස් ගොඩක්... ඒ අතරෙ ගලාගෙන යන ආදරයක්... කලු සුදු චරිත අතර ගැටුමක්...... කවුරු දිනයිද...කවුරු පරදියිද..? බලාගෙන ඉමු.... TWO🔥