TWO 3 - රහස් ආරක්ෂකයෝ🔥

223 53 39
                                    

Two 3

Zoro's pov.

මං කවුද...අඩුගානෙ මමවත් දන්නෑ...සමහරුන්ට මං වීරයෙක්..තවත් සමහරුන්ට මං මැරයෙක්...මං වීරයෙක් නෙමෙයි..මට ඕනෙ එක දෙයයි...මගෙ අතීතෙ අඳුරු කලාට..මගෙ දෙමව්පියො මට නැතිකරල හිටපු පුංචි සහෝදරීව මගෙන් වෙන්කරපු ඒ අය තවත් කෙනෙකුට ඒ දේ කරන එක නවත්තන්නයි මට ඕනෙ...පැහැදිලි සාක්ෂි ඇතිව උන්ව නීතිය ඉස්සරහට ගෙනියන්නයි මට ඕනෙ කරන්නෙ...

අවුරුදු ගාණකට කලින් හැමෝම සතුටින් ගෙදර හිටපු දවසක..එතකොට මට වයස අටයි...මගෙ චූටි නංගිට තුනයි..හදිසියෙම ඇවිත් මගෙ තාත්තගෙ ඔලුවට වෙඩි තියලා මාවයි නංගිවයි බේරගන්න යද්දි අම්මටත් වෙඩි තියල ගෙදරට ගිනිතියල උන් යන්න ගියේ මගෙ නංගිවත් අරං...ගේ යතුල්ලල ගිනි තිව්ව නිසා මාත් මැරුන කියල හිතන්නැති...නැහැ මං බේරුනා...අම්මයි තාත්තයි මට නැතිඋනා...ඒත් මගෙ නංගි..එයා කොහේහරි ඇති...මට එයාව හොයාගන්න ඕනෙ...
               .............................................
සේහ්වගෙ උණ හොඳවෙල තිබිච්ච නිසා සඳුදා ආයෙත් එයා ඉස්කෝලෙ ආවා...

සේහ්වා...ඔයා නැතුව පාලුවෙන් හිටියේ...ඉන් යොන් කිව්වෙ සේහ්වගෙ අතින් අල්ලන ගමන්...

අනේ යන්න...ඔයාට ශෝක් අලුත් යාලුවෙක් හම්බුනා කියල ආරංචියි...ඔයා එයා එක්කමලු හිටියේ..සේහ්වා බුම්මගෙන කිව්වා...
යාහ්....කව්ද එහෙම කිව්වෙ...ඉන් යොන් ඇහුවා...
මට jackson, yugyeom දෙන්න තමයි ඊයෙ කිව්වෙ...ජූස් බාර් එකට ගිය වෙලාවෙ..සේහ්වා කිව්වා...
මේ ඩබල නම්....පුදුම ගින්නක්නෙ තියල තියෙන්නෙ..උන් දෙන්නගෙ හැටි දන්නවනෙ ඒක ඔයා විශ්වාස කරාද...ඉන් යොන් කිව්වා..
ඔව්..මං විශ්වාස කරා...
අනේ හ්වා....ඉන් යොන් සේහ්වගෙ අතේ එල්ලුනා...

ආහ්..ඒක නෙමෙයි..මං jae එක්ක fit උනා...එයා හරි ශෝක් අනේ..ඔයත් ඇවිත් අඳුරගන්න එයාව...ඉන් යොන් කිව්වා...
එයා කතා කරාද...සේහ්වා ඇහුවා..
ඔව්..හොඳට කතා කලා...ඒත් මොංගල් පාටට හිටියට එයා ලඟට මාර handsome..අර පත කණ්ණාඩි දෙක නැත්නම් ...ඉන් යොන් කිව්වා...

දෙන්නම කොලේජ් එකට ගිහින් එයාලගෙ ක්ලාස් එකේ ඉඳගත්තා...ඒගමන්ම වගේ අලුතෙන් ආපු හේවොනුත් ක්ලාස් එක ඇතුලට ආවා...

🔥🖤𝕋𝕎𝕆🖤🔥Where stories live. Discover now