Jiwon 's pov
"Taehyung මට කියනවද අපි මේ කොහේද යන්නේ කියලා? 🙄"
"කලබල වෙන්න එපා ජී,පොඩි ගමනක් යන්නේ..ගියාම බලාගන්න පුලුවන්නේ ඔයාට.මොකද්ද ඔච්චර හදිස්සිය ඔයාට ඒක දැනගන්න.ඇයි මාව sure නැද්ද ඔයාට 😕😒"
Taehyung කියෝගෙන කියෝගෙන ගියා.පේන විදියට මොකක් හරි හදිස්සි වැඩක් වගේ.ඒත් මාවත් එක්කං යන්න තරම් හදිස්සි වැඩක් තියෙනවද අනේ එයාට ."හරි හරි.ඕන තැනක යන්න.මන් කට වහගෙන ඉන්නම්කෝ 😒"
(එතනත් රණ්ඩු පටන් ගත්තෝ....සෝහීගේ chance එක ඉක්මනට හමබවෙයි වගේ 😁🤭)
Taehyungට call එකක් ආවා.මන් නිකමට වගේ call එකේ id එක දිහා බැලුවා..මොකක්???ඒ හැල්මොනි.ඔව් මගේ හැල්මොනි තමා ඒ කතා කරන්නේ..ඒත් ඇයි එයා taehyung ට කතා කරන්නේ.?😕මට call එකක් ගන්න බැරිද එයාට.දැන් මට වඩා ලොකු මෙයාවද කොහේද.😒මට මතකයි,මන් taehyung ට කැමතියි කියලා කියපු දවසේ හැල්මොනි සතුටු වෙච්ච හැටි.මට ඒ වෙලාවේ හිතුනා මන් මේකට අකමැති වුනා නම් හැල්මොනිට මොකක් වෙයිද කියලා.මට හැල්මොනිගේ සතුට තරම් වටින කිසිම දෙයක් නෑ..
Flash back ,
Taehyung meet වෙලා දවස් තුනක් විතර ගියාට පස්සේ තමයි ඔම්මයි ,අප්පයි විස්තරේ හැල්මොනිට කිව්වේ.එදා මන් university ඉවර වෙලා ගෙදර එද්දි හැල්මොනි ඇවිත් හිටියා.
"හැල්මොනි,ඔයා කොයි වෙලේද ආවේ?"
"අනේ මගේ කෙල්ල ඇවිත්.කොච්චර ලොකු වෙලාද මගේ පොඩි කෙල්ල...මන් ආවෙ අද උදේ..☺️☺️"
"හැල්මොනි,මොනාද අනේ මේ කියන්නේ?අපි අන්‍තිමට හම්බුනේ මාස 4කට විතර කලින්නේ.ඔයා කතා කරන්නේ හරියට නිකන් අවුරුදුගානකින් මාව දැක්කා වගේනේ අනේ."
"ඒ වුනාට මගේ කෙල්ල දැන් ලොකුයි නේ.තව ටික දවසකින් මෙයා marry කරන්නනේ ඉන්නේ ඉතිං.☺️"
"අනේ හැල්මොනි,මොනාද මේ කියවන්නේ?"🙈🙈🙈එහෙම කියන ගමන් මන් මගේ room එකට දිව්වේ ලැජ්ජහිතුන නිසාද,නැත්තං වෙන මොකක් හරි නිසාද කියලා මට හිතාගන්න බෑ .
"බලාගෙන ජී ඔයා වැටෙයි"හැල්මොනි හිනාවෙවී මට කිව්වත් මන් ඉක්මනට දුවලා ගිහින් room එකේ දොර වහගත්‍තා..මේ marriage එකට හැල්මොනි තරම් සතුටුවෙන කවුරුත්ම නෑ කියලා මට හිතුනා.මට හැමවෙලාවෙම ඕනේ මගේ හැල්මොනිව සතුටෙන් තියන්න.කියන්න තේරෙන්නේ නෑ ඇයි කියලා.මන් මේ ලෝකේ ගොඩක්ම ආදරේ කරන්නේ එයාට.ඔම්මටයි,අප්පටයි වඩා මං ගැන් හොදටම දන්නේ,මට ගොඩක්ම කිට්ටුවෙන් ඉන්නේ හැල්මොනි තමයි.මන් ඉතිං කොහොමද එයාට විරුද්ද වෙන්නේ.☺️
YOU ARE READING
A MARRIAGE LOVE STORY {KTH} [ COMPLETED ]
Fanfictionජීවිතේ කියන්නෙ පුදුමාකාර දෙයක්. එක තප්පරයෙන් ලොකු වෙනසක් කරන්න පුලුවන් .