Chapter 16

658 159 96
                                    


"ජුනී............ ජිමින්ට පන එනවා..... "

ජින්ගේ කෑගැහිල්ල එක්ක හැමෝම ජිමින්ගේ වටේට ආවා.

" සුගා...... සුගා.......... ආහ්........ "

එක පාරටම ජිමින්ට සිහිය ආවා... එයාට සිහිය ආව ගමන් එයාගේ කටින් කියවුනේ සුගා විතරයි.. ජින්ගේ ඇස් වලට නිරායාසයෙන්ම කඳුලු ආවේ ජිමින් සුගා ලගට එන්න හදද්දි සුගා එයා වෙනුවෙන් යන්න ගියා කියලා හිතට දැනුන වේදනාව දුක නිසයි. දවසක් සුගාට ජින් දුන්න පොරොන්දුවක් මතක් උනා...

"ඔයාට එයාව ලැබෙනවා සුගා.. මන් ඔය දෙන්නව එකතු කරනවා.. කවදහරි.."

ඒත් ඒක එකම එක මතකෙකට විතරක් සීමා වෙයි කියලා ජින් කවදාවත් හිතුවේ නෑ.. ජින් ජිමින්ව වැලඳ ගත්තා තදින්ම... ඒත් එයාට මතක් උනා ජිමින් ඉන්නේ අමාරුවෙන් කියලා..

ජිමින් අමාරුවෙන් ගොත ගගහා කතා කලා..

" ආහ්.... ජින් හියුන්...... මාව මෙතන පන පිටින් මරන්නේ නැතුව මාව ඉක්මනට එක්කගෙන යන්න.. "

ජිමින් හිනාවක් මවා ගන්න අතර ජින් හියුන් ට කිව්වා.

ජින් ජිමින්ව එතන තිබ්බ කැබ් එකට එක්කගෙන යන්න හදද්දි දැක්කා ජිමින් සුගාගේ නිසල අත අල්ලගෙන එයා දිහා බලාගෙන ඉන්නවා..  සුගා එයාගේ ජීව්තේ පූජ කලේ තමන්ගේ ආදරේ වෙනුවෙන් කියලා ජින් හිත හදා ගන්න උත්සාහ කලා.

ජිමින්ව කැබ් එකට එක්කගෙන එයාට නිර්වින්දන බෙහෙතක් දුන්නේ එයාගේ තුවාලේ එයාට වේදනා දෙයි කියලා හිතලා..

ටේවත් ඒත් එක්කම එක්කගෙන ආව එයාලා වෙනමම සකස් කරපු ප්‍රදේශයක එයාලට බෙහෙත් කරන්න පටන් ගත්තා..

ජිමින්ගේ ඇඟ ඇතුලේ තිබ්බ උන්ඩේ අයින් කරලා තුවාලෙට බෙහෙත් කලා. එයාගේ ජීවිතේට වැඩි බලපෑමක් නෑ... මොකද සාමාන්‍ය මනුස්සයෙක්ට වඩා සිය ගුනේකින් වෘක මනුස්සයෙක් සනීප වෙන නිසා ජිමින් ඉක්මනින් සනීප වෙන බව එයාලා දැන ගත්තා..

ඒත් ටේ තාම ඉන්නේ දෙලොවක් අතර.. එයාට මොන තරම් සිහිට ගන්න හැදුවත් සිහිය නම් ආවේ නෑ..

හැමෝම ගොඩක් කලබල වෙලා හිටියේ ටේ ගැන. ඔක්කොටම වඩා ජන්කුක්.. ටේගේ තාත්තත් පැත්තකට වෙලා ඉන්නවා...

🖤 𝑰𝑭 𝒀𝑶𝑼 𝑨𝑹𝑬 𝑴𝑰𝑵𝑬 ... 🖤Where stories live. Discover now