Chapter 17

680 161 95
                                    

ටේගේ  තාත්තා  මේ  කියන්න  හදන්නේ  මොනාද  කියලා  ජන්කුක් ඇස්  දෙකත්  ලොකු  කරගෙන බලාගෙන  හිටියා..  ජන්කුක් යන්න හදපු  ගමනත්  වලක්වලා  එයාගේ ඉස්සරහට  අතකුත්  දාගෙන  ටේගේ තාත්තා  ජන්කුක්  දිහා  බලාගෙන  ඉන්නවා..

" මිස්ටර්  කිම්.  ඔයා   මොකක්ද  කියන්නේ.  ඇයි   මේ... මොකක්  හරි  හදිස්සියක්ද.  මට  ටේව  බලන්න  යන්න  දෙන්න. "

"නෑ ජන්කුක්... තවදුරටත් නෑ... එයාට ඉන්න දෙන්න. අපේ මුලු ජීවිතේ ම තමා ටේ කියන්නේ... එයාට මේ වගේ දේවල් වෙලා ඒ ජීවිතේ විනාස වෙලා යනවා දකින්න අපි ආස නෑ.. මොන ම හේතුවක් නිසාවත් ඒ දේවල් වෙනස් වෙන්න බෑ. "

"මට මගෙ පුතාව ඕනී... මගේ පුතා මට ඕනි. එයාගේ අම්මා මේ උන කිසි දෙයක් දන්නේ නෑ... එයා පනටත් වඩා එයාගේ පුතාට ආදරෙයි..."

"ඔයා ඇත්තටම ටේට ආදරෙයි නම් කරුනාකරලා එයාට එයාගේ පාඩුවේ ඉන්න දෙන්න..."

එහෙම කියලා ටේගේ තාත්තා ජන්කුක්ට මෙතනින් යන්න කියලා අත දික් කරලා දොර පෙන්නලා ටේගේ රූම් එකට ගියා...

ජන්කුක්ට මේ කිව්ව දේවල් හිතා ගන්න බැරි උනා. ආත්මෙන් ආත්මෙ පතාගෙන එන ඒ ආදරේ අත අරින්න... නෑ කොහොමටවත් නෑ.. ජන්කුක් ඒ දේ කරන්න කීයටවත් ලෑස්ති නෑ... ජන්කුක් ටේගේ කාමරේට යන්න හැදුවා.. ඒත් එයාගේ මැද්දට ඔලී පැනලා ඒ යන ගමන නැවැත්තුවා...

" අයින් වෙනවා ඔලී.... මට මගේ ටේ ලගට යන්න ඕනි... අයින් වෙනවා... "

ජන්කුක්ගේ කේන්තියත් දුකත්  ඔලීගේ පිටින් පිට කලා... ඒත් ඔලී එතනින් යන්න දුන්නේ නෑ.. එයා තවත් ජන්කුක්ව අවහිර කලා...

" නැ ජන්කුක් මේක නවත්තන්න. ටේව ඔයාට අයිති නම් ලැබෙයි... ඒත් මෙහෙම නෙවෙයි... එයාට එයාගේ පාඩුවේ ඉන්න දෙන්න.. තාත්තා කෙනෙක් විදිහට ටේගේ තාත්තා කිව්ව දේවල් ඇත්ත. ටේ මරනෙත් එක්ක සටන් කලේ... එයාගේ ජීව්තේට ඒ දේවල් බර වැඩී .... ඒක නිසා එයාට අලුත් ජීවිතයක් පටන් ගන්න ඉඩ දෙන්න... අපි යමු මෙතනින්... එන්න... "

ඔලී ජන්කුක්ව එහාට එක්ක ගෙන යන්න හැදුවා.. ජන්කුක් ටේගේ රූම් එක දිහා කදුලු පිරිච්ච ඇස් වලින් බලාගෙන හිටියා ටිකක් වෙලා.. හිමින් සැරේ පිටි පස්සෙන් පිටි පස්සට ගිය ජන්කුක් එක පාරටම හැරිලා දිව්වා...

🖤 𝑰𝑭 𝒀𝑶𝑼 𝑨𝑹𝑬 𝑴𝑰𝑵𝑬 ... 🖤Where stories live. Discover now