6: අවතාර..? 🎈

1.2K 232 223
                                    

* namjoon pov *

හොරෙක් ගෙට පැනලවද්ද..

ජිමින්ව පල්ලෙහා තට්ටුවේ හිර කරපු එකාම පොඩි දෙන්නගේ කාමරෙට රින්ගලද..

ඇතුලේ පොඩි දෙන්නගේ සද්දයක්වත් නෑ..

ඒ දෙන්නට උන් කරදරයක්වත්ද..

පඩිපෙල උඩට නැග්ග මන් පිටිපස්ස හැරිලා ජින්යොන් ජිමින් හෝසොක්ට පාත්වෙලා අපෙ පස්සෙන්ම ඉන්න කියලා සං කලා. ඒක තමයි මේ වගේ වෙලාවක කරන්න ඕනේ කියලයු අපේ ඔලුවලට ආවේ.

යුන්ගී හිටියේ මාගේ ඉස්සහින් බිමට පාත්වෙලා. අපි දෙන්නට දෙන්නා මූනට මූන බලාගෙම ඇස්වලින් කියාගත්තේ
' මම ඉස්සරහා වෙන්නම් ඔයා මෙයාලත් එක්කම පස්සෙන් ඇවිත් එකපාරටම දොර අරින්න '
කියලයි.

යුන්ගිට මම ඔලුවෙන් සං කරද්දී එයා එහෙමම පාත් වෙලා පොඩි කොල්ලන්ගේ කාමරේ දිහාවට දුවගෙන ගියා. මන් ජින්යොන්ලට අතින් සං කලා මගේ පස්සෙන්ම එන්න කියලා. මගේ අතේ වගේම යුංගිගේ අතෙත් පල්ලෙහයින් අහුල ගත්ත පොලු තිබ්බා.

යුන්ගි දොර ලගින් හිට ගෙන පොල්ල කෙලින් කරලා අල්ල ගත්තා. මට තිබ්බේ දොර ඇරලා යුන්ගි ඇතුලට පැනලා හොරුන්ට ගහන්න වටපිටාව හදන එක.

මම තවත් බලා නොයිද යුන්ගිට සං කරන ගමන් එකපාරටම දොර ඇරියා.
යුන්ගී ඒ ක්ශනික ඇතුලට පැන්නේ පුදුම කේන්තියකින්.. මමත් පොල්ල අත මිට තද කරගෙන ඇතුලට පැන්නේ ඇතුලේ ඉන්න එකාට බිම වැටෙන්නම ගහන්න බලාගෙනයි...


















යුන්ගී ඇතුල්ට පැන්න විදිහටම පුදුමෙන් ජනෙල් දිහා බලන් එතනම නතර උනා.

ජන්කුක්.... ජ...න්කුක්... හිටියේ ජනෙල් පඩිය උඩ හිටගෙනයි. එයා නින්දෙන් අවසිහියෙන් වගෙයි හිටියේ.

එයා හදන්නේ එතනින් පනින්න.. මට හිතා ගන්න බැරුව ගියා කිසිම ලෙඩක් නැති කොල්ලට මේ මොකක්ද මේ වෙලා තියෙන්නේ කියලා.

කාමරේ ඇතුලට මගේ පස්සෙන් ආපු ජින්‍යොන් ජන්කුක්ව දැකපු ගමන්

" එපා........ "

කියලා කෑ ගහගෙන දිව්වේ කොල්ලා ලගට හොදටම කලබල වෙලයි.

𝑫𝑨𝑹𝑲'_'𝑹𝑶𝑶𝑴Where stories live. Discover now