ඒ රිය සෙමෙන් පැදෙන්නේ ඕකිගහරා වන පෙත අසල පිහිටි එක් විශාල පැරණි නිවසක් වෙතයි.යුයි සහ හිරොටො තම දහතුන් හැවිරිදි දියණිය වන අකිකෝ සමග මේ යන්නේ හිරොටො ට තම මවගෙන් උරුම වූ ගෘහය වෙතයි."මේ පාරවත් මෙතනින් නතර වුණොත් හොඳයි."හිරොටො පැවසුවේ තම බිරිඳ වන යුයිට ය."ඒක නම් ඇත්ත.ඔයාගේ මාරුව සැරින් සැරේ වෙනස් වෙනවා.මේ පාරවත් මෙතනින් නැවතුණොත් හොඳයි."යුයි පැවසුවා ය.මව හා පියාගේ දෙබසට කන් නොදී අකිකෝ පාර දෙස බලාගෙන් සුසුමක් හෙළුවා ය.පියාගේ දිනෙන් දින වෙනස් වන මාරුව නිසා අකිකෝ ට සිටි මිතුරු මිතුරියන් ද අත් හැරීමට සිදු විය.පාර දෙපස ම පිහිටියේ විශාල ගස් වැල් පමණ ය.කෙමෙන් කෙමෙන් ඔව්හු ළං වන්නේ යාමට අඩි පාරක්වත් සෙවීමට අපහසු විශාල වනාන්තරයක් වන ඕකිගහරා වන පෙත තුළටයි.වන පෙත මැදින් තරමක් හිස් බිම් කඩක විශාල ගෘහයක් විය.දැවයෙන් සම්පූර්ණයෙන් ම නිම කොට තිබූ මේ ගෘහය ඉදිරියේ වාහනය නතර කරන ලදි.වාහනයෙන් එළියට ආ හිරොටො ගේ දෙස බලා මෙසේ කිවේ ය."මේක මම හිතුවාටත් වඩා විශාල ගෙයක්.මේක අයිති වෙලා තිබුණේ මගේ අම්මාට.දැන් එයා මේ හරියට ටිකක් දුර රෝහලක නැවතිලා ප්‍රතිකාර ගන්නවා."මෙබස් ඇසූ යුයි හිරොටොගෙන් මෙසේ ඇසුවා ය."අම්මාට මොනවා වෙලා ද රෝහලක නැවතෙන්න තරම් අසනීප වුණේ?එයා ගොඩක් හොඳින් හිටියා නෙ." බඩු තොගයක් ගනිමින් සිටි හිරොටො මෙසේ කිවේ ය."ඒක නම් තාම හොයා ගන්න බැරි වෙලා.අම්මාට තාම සිහිය ඇවිදින් නැති නිසා වුණේ මොකක්ද කියලා කියන්නවත් ලැබිලා නෑ."මවගේ සහ පියාගේ දෙබසට කන් දුන් අකිකෝ තම බඩුත් රැගෙන නිවස දෙසට පා නගන්නට වුණා ය.ඔව්හු නිවස තුළට ගියහ."ගොඩක් කළුවරයිනෙ.කෝ මේ ස්විච් එක?"යුයි කළුවරේ අත පත ගාමින් විදුලි බල්බයේ ස්විචය සෙව්වා ය.බිත්තියේ කොනක තිබී ඇගේ අතට ස්විචය අසු වුණි.ඇය ස්විචය දැමුවා ය.දීප්තිමත් ආලෝකය නිවසේ යටි මහල පුරා විහිදුණි."අකිකෝ,ඔයාට ඔයාගේ කාමරය බලන්න ඕනෙ ද?"හිරොටො විමසුවේ තම දියණියව සතුටු කිරීමටයි."හොඳයි..."යැයි පැවසූ අකිකෝ තම බඩුත් රැගෙන පියා පිටුපසින් ගමන් කරන්නට වූවා ය."එන්නකෝ...මම ඒක පෙන්වන්නම්.ඒක තියෙන්නේ උඩු මහලේ."හිරොටො අකිකොත් සමඟ තරප්පු පෙළ දිගේ උඩු මහලට නගින්නට විය."මේ තියෙන්නේ ඔයාගේ කාමරය"යැයි දොරක් විවෘත කොට පෙන්නුවේ ය.එය ප්‍රමාණයෙන් විශාල කාමරයක් විය.එහි ජනේලය විවෘත කළ හිරොටො සඳළුතලය අකිකෝ ට පෙන්නුවේ ය."බලන්න අකිකෝ,කොච්චර ලස්සන තැනක් ද?හොඳයි එහෙනම් ඔයාගෙ බඩු ඔක්කොම මම කාමරේට ගෙනාවා.ඔයා කැමති පිළිවෙළකට ඒවා අහුර ගන්න පුළුවන්.මම ගිහින් අම්මට උදව් කරන්නම්."පවසා හිරොටො පහළට බසින්නට විය.අකිකෝ තම කාමරය සකසන්නට විය.අකිකෝ ට දක්ෂ ලෙස චිත්‍ර ඇඳීමට හැකියාවක් තිබුණි.ඈ ඇඳ තිබූ ඇගේ චිත්‍ර බිත්තියේ එල්ලූ අකිකෝ මවට හා පියාට උදව් කිරීමට පහළ මාලයට යාමට සිතා කාමරයේ දොර විවෘත කළා ය.එකෙණෙහි ම සුළං පාරක් විත් දොර ශබ්ද නඟා වසා දැම්මේ අකිකෝ ව තිගස්සමිනි.අකිකෝ බියෙන් සෙමෙන් පිටුපස හැරුණත් කවරෙක්වත් නොවිණි.ඒ වෙනුවට ජනේලය දෙසින් සුළං හමන සේයාවක් ඈට පෙනුණි."ආ...මේ කවුළුව ඇරලා නිසා හුළඟට දොර වැහුණේ"සිතූ අකිකෝ කවුළුව වසා දොර ඇර පහත මාලයට ගියා ය.ඈ එහි යනවිට මවත් පියාත් වාහනය දෙසට යන්නට සූදානම් වනු දුටු අකිකෝ මෙසේ විමසුවා ය."අම්මේ,ඔයාලා කොහෙද යන්නේ?" "ආ..මේ ආවේ ඔයා.අපි මේ බඩු වගයක් ගන්න යන්න ලෑස්ති වුණා.ඔයාට තනියෙන් ඉන්න පුළුවන් නේ.අපි ඉක්මනට එන්නම්."පැවසූ යුයි හිරොටොත් සමඟ පිටව ගියහ.
YOU ARE READING
The World Of Magic (Completed)
Adventureමේ කතාව නිර්මාණය වී තියෙන්නේ අපූරු මායා මිථ්‍යා කතා වලිනුයි Gorgon,Griffin,සුරඟනන් වටා ගෙතුණු මේ කතාවේ ප්‍රධාන චරිතය තමා අකිකො කියන දහතුන් හැවිරිදි පුන්චි දියණිය. ජපානයේ ඕකිගහරා වන පෙතේ තියෙන අපූරු නමුත් ත්‍රාසජනක ක්‍රියාවලි වටා ගෙතුණු මේ කතාව කියවල...