සාමකාමී ජීවිතයක්

21 2 2
                                    

අකිකෝ එයාගේ ඇස් අරිද්දී එයා දැක්කේ එයාගේ සුපුරුදු කාමරය...
එයා ටක් ගාලා නැගිටලා කාමරයෙන් එළියට ගියා.
හැමදෙයක් ම සාමන්‍යයි.සුරඟන දේශයේ සුරඟනන් වෙනදා වගේ ම සුපුරුදු සිනාවෙන් සැරසිලා එයාලගෙ වැඩකටයුතු වල නිරත වෙනවා.....

🌱ආහ්...අකිකෝ!ඔයා ඇහැරිලා...
සකුරා වේගෙන් දුවන් ඇවිත් එයාව බදා ගත්තා.

💧මටත් ගොඩක් සතුටුයි!හැමදේම හොඳ විදිහට ඉවර වෙච්ච එක ගැන.ඔයාලා අනෙක් අයව මායාවෙන් මුදව ගෙන වගේ....

🌎ඔව්.ඒ විතරක් නෙමෙ අපිට පුළුවන් යුයිවයි හිරොටොවයි ආයේ මිනිස්සු විදිහට නිදහස් කරන්න.හැබැයි මේ වෙච්ච කිසිම දෙයක් එයාලට මතක නෑ.එයාලා ආපහු මිනිස් ලෝකෙට ගියා.

💧ඒකත් එහෙමද...ඒ කියන්නේ දැන් එයාලට මාවත් මතක නෑ කියලනේ..
😓

🔥අය්යෝ...මොක ද ඔය මූණ එල්ල ගත්තේ...?හැම දේකම හොඳ පැත්තක් තියෙනවා.මේකෙත් එහෙමයි.ඔයාට එයලත් එක්ක ඉන්න බැරි වුණත් ඔයාට පුළුවන් එයාල දිහා දුර ඉදන් වුණත් බලන්න.අනෙක එයාලා එහේ ඉන්න තරමට ආරක්ෂිතයි...

🌪️ඒකනේ.ආ තව එකක්....
ඒකත් මේ වෙලාවෙම කරල ඉවර කරමු නේද හරු....

💧ඈ...තව එකක්...ඒ පාර මොකක් ද...?

🔥මේකයි...මං කියන්න හිටියේ...මං ඔයාට කැමතියි....💓

💧හ්හෑ....😮

කලන්තේ දාලා නැගිටල ආයේ දැම්ම වගේ....

💧මෙහෙමයි ඉතින්..මාත් මනාපයි.හැබැයි ම......

කියලා ඉවර කරන්න ලැබුණේ නෑ.හරූ අකිකෝව එයා ළඟට ඇදලා අරන් ඒ චූටි තොල්වලට බර වුණා🤭

🔥ඔයා මාව බඳිනවද...?

💧පිස්සුද ඕයි....තාම මට දහ තුනයි..තමුසෙටත් දහ අට ප්ලස් නෑනේ.ළමා මනස නරක් කරන්නයි හදන්නේ ඉතින්...

අකිකෝ මේක කියද්දී ඔක්කොමලා පෙරලී පෙරළී හිනා වෙනවා...

🌱අය්යෝ...අකිකෝ 🤣🤣🤣

සකුරා කඳුළු බේරෙන හිනාව් අස්සෙන් මෙහෙම කියනව...

🌱ඔයා දන්නේ නැති වුණාට මෙහේ ඉන්නේ සුරඟනන්ට අවුරුදු එකසිය ගනන් වයසයි.ඔහොම හිටියට හරූට අවුරුදු එකසිට දාහතරයි.ඔයාටත් එකසිය දහතුනයි...

💧අප්පටසිරි...දැන්නේ දන්නේ මං මෙච්චර වයසයි කියලා...😓

🔥මට නම් ඒක් ප්‍රශ්නයක් නෑ පැටියෝ ඔයා නාකි වුණාට 😏

💧මොකාක්..ඉන්නව ගල් හිපාටුවා තමුන්ට අද....🤬

අකිකෝ හරූගේ පස්සෙන් දුවද්දී අනෙක් සෙට් එක ම හිනා වෙනවා...

🌎ඊළඟට ඉතින් අපේ එක ගැනත් බලමු නේත....

යූටෝ සකුරාගේ අතත් අල්ලන් කිව්වේ ඇහැක් ගහන ගමන් 😉

🌱හ්හෑ.....තමුසෙටත් කන්න ඕනි ද ආ......🤬

ඒ ඩබලයි මේ ඩබලයි දුවන දිහා හිනා වෙවී බලන් ඉන්න සෝරා

🌪️මදෑ.දැන් ඉතින් දෙගොල්ලන්ගෙ ම මඟුලට යන්න ඇඳුම් ගන්න එපායෑ...😓























ඉතින් ඒ විදිහට මේ කතාව අවසන් වෙනවා.අකිකොයි හරූයි දෙන්න බඳින දවසේ අර ඩබලත් බඳිනව...
දෙගොල්ලන්ගෙම වෙඩිමේ දෙවෙනි මනාලි විදිහට සෝරට යන්න වුණා.

දැන් අකිකෝට අලුත් ජීවිතයක් ලැබිලා.වෙනස්ම ලෝකේ ක අපූරු විදිහට ජීවත් වෙන්න එයාට අවස්ථාව ලැබිලා...

ඒ හැමෝම ආදරයෙන් සතුටින් කල් ගෙවනවා.සමහරවිට ළඟදීම ඒ පවුල්වලට තවත් අමුත්තෝ එකතු වෙන්න පුළුවන්....😉



























💧🔥🌎🌱🌪️💧🔥🌎🌱🌪️💧🔥🌎🌱

ඕන්න ඔහොම ඉවර වුනා මේ කතාව.

The World of Magic කියන කතාවේ අන්තිම එපිය තමා මේ.ඉතින් ඔයාලා මේක සම්පූර්ණයෙන් කියෙව්ව නම් මේක හොඳ ඳ නරක ද කියලා කියාගෙන යන්න.....💓

මට හිතෙනව මේකෙ 2 වෙනි එකත් පටන් ගන්න.ඔයාලත් කැමති ද මං දෙවෙනි එක දානවට..?😉













එහෙනම් ඔයාලගේ ඕතරී ගියා...💓

You've reached the end of published parts.

⏰ Last updated: Feb 08, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

The World Of Magic (Completed)Where stories live. Discover now