සොයා යාමක්...

23 8 7
                                    

ජනේලය තිර රෙදි මෑත් කළ යුයි අකිකොට කතා කළා ය."අකිකො,දැන් නැගිටින්න.දවල් වෙන්නත් ළඟයි.ඊයේ රෑ වෙනකල් ම ඇහැරිලාවත් හිටියා ද?මම උදේ කෑම ලෑස්ති කරන්නම්.ඉක්මනට එන්න."පවසමින් යුයි කාමරයෙන් පිට විය.එක්වරම ඇහැරුණු අකිකෝ තමා පෙර දින කළ කී දේවල් සිහි කොට ඒ අද්භූත පොත සෙව්වා ය.තමාගේ පොත් රාක්කයේ මැද ඒ පොත තිබෙනු දුටු ඈ මෙසේ විමසුවා ය."හෙලෝ....?ඔයා තාම කතා කරනවා ද?"එක්වරම පොත වේගයෙන් අහසට ඉගිළුණි."ඊයේ රෑ නම් මම හොඳට නිදා ගත්තා.ආ...සුබ උදෑසනක් අකිකෝ!"ඊට පිළිතුරු දෙමින් අකිකො මෙසේ පැවසුවා ය."සුබ උදෑසනක්!ඒත් දැන් වෙලාව නවයත් පහු වෙලා.මං දැන් පහළට ගියේ නැත්නම් අම්මා මාව හොයාගෙන ඒවි."පොතත් අකිකො සමඟ එමින් මෙසේ පවසන්නට විය."මම ඔයා එනතුරු මෙහෙන් ඉන්නම්.ඔයාගෙ අම්මයි තාත්තයි පියාඹන පොතක් දැක්කොත් කලබල වේවි."එය පිළිගත් අකිකෝ ද පහළ මාලයට බැස ගියා ය."මට හිතෙන විදිහට නම් මේ පාර මේ මාරුව මෙතනින් නතර වේවි."හිරොටො සුෂි කමින් පැවසීය."ආ..මෙන්න අකිකෝ.ඔයා කන්න ආස නිසා මම බේකන් එක්ක පාන් හැදුවා."කියමින් යුයි බේකන් පීරිසිය සමඟින් පාන් පෙති කීපයක් දුන්නා ය."බටර් එක නම් ඇත්තේ ශීතකරණයේ." එය ඇසූ අකිකෝ මුළුතැන්ගෙට ගියා ය."අම්මේ,මෙහෙ ලයිට් වැඩ කරන්නේ නැහැනේ."ස්විචය දැමූ නමුත් අඳුරු බව තිබීම හේතුවෙන් අකිකෝ මවට පැවසුවා ය."ආ...මට අමතක වුණා.ඒ හරියේ පොඩි ශෝර්ට් එකක්.ඒ නිසා ඒක හදන තුරු ඔය පැත්ත අඳුරුයි."අකිකෝ අඳුරේ දී ම සෙමින් ශීතකරණයේ දොර විවෘත කළා ය.එක්වරම ශීතකරණය තුළින් කුඩා එළියක් වේගයෙන් ඉවතට පියාඹා ගියේ ය.තිගැස්සුණු අකිකෝ ඉවතට පැන්නා ය.ඒ කුඩා එළිය වේගයෙන් සැම තැනම පියාඹා එක්වරම අතුරුදන් වූවා ය.තමා මේ පැමිණි සිටින ලෝකය් ගැන තොරතුරු දත් අකිකෝ බටර් දීසිය රැගෙන වේගයෙන් කෑම කාමරයට ගියා ය."ආ..මෙන්න අම්මේ බටර්.මට පොඩි වැඩක් තියෙනවා.මම උඩට යනවා."අකිකෝ සැන්ඩ්විච් කිහිපයක් සාදා ගෙන උඩු මහළට දිව ගියා ය.යුයි සහ හිරොටො පුදුමෙන් කෑම කෑහ."ඔයා සුරංගනාවියක් ව මෙහෙට එක්කං ආව ද?"අකිකෝ මායා පොතෙන් විමසුවා ය."මම...?මම නම් එයාලාව එක්කං ආවේ නැහැ.ඔයාට හොඳට ම විශ්වාස ද ඒ සුරඟනක්මයි කියලා.?ඔයා දැක්කේ මොකක්ද කියලා මට හරියටම විස්තර කරන්න."පොත අකිකෝට පැවසුවේ ය.අකිකෝ තමා දුටු සියල්ල විස්තර කළා ය.ඒ ඇසූ පොත "ඔයා කියන විදිහට නම් ඒ සුරඟනක් ම වෙන්න ඕනි.ඒත් එයාලා කවදාවත් මිනිස්සුන් ව හොයන් එන්නේ නෑ.අපි එයාලගෙන් අහලා ඒක දැනගන්න ඕනි.එන්න යමු."පවසා ජනේලයෙන් පිටත අහසට පියෑඹුවේ ය."මම කොහොමද ඔයා වගේ යන්නේ?මට පියාඹන්න බැහැනේ."අකිකෝ පොතට පැවසුවා ය."හරි එහෙනම්.මම චූටි ම චූටි මායාවක් කරන්නයි යන්නේ.ඔයා බය වෙන්න එපා."පැවසූ පොත මායාව ආරම්භ කළේ ය.කාමරය පුරා වර්ණවත් එළි විහිදී ගියේ ය.

කාමරය පුරා වර්ණවත් එළි විහිදී ගියේ ය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අකිකෝ තම දෙනෙත් විවර කළා ය.කිසිවක වෙනසක් නැත.අකිකෝ පොත දෙස බැලුවා ය."ආ....ඔයා...ඔයා..ගො..ඩා...ක් ලොකු වෙලානේ."අකිකෝ තැති ගත් ලෙසින් කීවා ය."මෙහෙමයි,මම ලොකු වෙලා කියනවාට වඩා ඔයා පොඩි වුණ එක තමයි මගේ මායාවෙන් වුණේ."පොත අකිකෝගෙ පැටලීම ලිහා දැම්මේ ය.අකිකෝ වටපිට බැලුවා ය.සෑම දෙයක් ම තමාට වඩා විශාල බවත් තමා කුඩා වී ඇති සැටිත් ඈට වැටහුණි."මේක නම් නියමයි.....වුහූ....දැන් එහෙනම් මායා පොත,ගමන ආරම්භ කරන්න සුරඟනන් සොයා...."පොත වේගයෙන් පියාඹා ගියේ ය......

The World Of Magic (Completed)Where stories live. Discover now