මාර්ගය...

14 5 0
                                    

සති 03ක්...ඔව් සති 03 ක්.තව සති 03කින් හරියටම මෙඩූසා දුන්නු කාලය අවසන් වෙනවා...

ඒත් ඒ කාලය අවසන් වෙන්න කලින් අකිකොට ගොඩක් දේවල් කරන්න ඉතුරු වෙලා තිබ්බ.

අකිකොට ඕනි වුණා තමන්ගේ බලයන් හසුරුවන විදිහ ඉගෙන ගන්න.

💟(ලීනා) අකිකෝ ඔයාට මෙඩූසත් එක්ක සටන් කරන්න ඕනි නම් ඔයාට ඔයාගෙ බලයන් හරියට පාවිච්චි කරන්න ඉගෙන ගන්න වෙනවා.ඒත් ඔයාට තාම බැරි වුණානේ යූරගෙ මායා අසිපත ලබා ගන්න....

💧මට සමාවෙන්න.මන්..මන් ගොඩක් උත්සහ කරනව.ඒත් මට...මට මේක කරන්න බෑ.

💟කරන්න බැරි කිසිම දෙයක් මේ ලෝකේ නෑ.

ඒක කිව්වේ ඔයාගෙ අම්මා.එයා හැමතිස්සෙම කිව්වේ කොච්චර අය ඔයාට බෑ කියලා කිව්වත් ඔයාව මානසිකව කොච්චර බලපෑම් කළත් ඔයාම ඒක ඔයාට බෑ කියලා පිළිගන්නේ නැත්නම් ඔයාට පුලුවන් ඒ දේ කරන්න......

අකිකොගේ හිතට පුන්චි අමුත්තක් දැනුනා.එයාට තේරුණා එයාගෙ ඇතුළේ යමක් හිර වෙලා තියෙනවා කියලා.....ඒක එළියට එන්න ගොඩක් උත්සහ කරනවා වගේ කියලා...

🍂ඒක නියමිත් වෙලාවට සිද්ධ වේවි......

💟ආ.....ගුරුතුමනි...ඔබතුමා කොයි වෙලෙද ආවේ...?

🍂මන් මේ දැන් ආවේ...ඉතින් කොහොමද අකිකොගෙ පුහුණු වීම් එහෙම...?

💟ගොඩක් හොඳයි.එයා ඒවා ඉක්මනට ඉගෙන ගන්නවා.ඒත්...

යූරාගේ මායා අසිපත ගෙන්න ගන්න එයාට තාම හරියට පුළුවන්කමක් නෑ.

🍂හ්ම්ම්....🤔🤔🤔🤔
අපි ඒ ගැන පස්සේ බලා ගමු.අකිකෝ දැන් ඔයා මාත් එක්ක එන්න...

අකිකෝත් එක්කන් ඒ කුරුමිට්ටා ගියේ විශාල තණ පිට්ටනියක් ගාවට..

💧අ.....😐අපි දැන් මොකක්ද කරන්න යන්නේ...?

🍂ඔයාට කෙනෙක්ව මුණ ගස්සන්නයි ආවේ.....

💧කෙනෙක්...ඒ කවුද...?

🍂ඒ......

එකපාරටම අකිකෝට අමුතු සද්දයක් ඇහුණා.විශාල පක්ෂියෙක්ගෙ හඬක් වගේ.ඒත් ඒක ගොඩක් තියුණුයි.සාමාන්‍ය කුරුල්ලෙක් වෙන්න බෑ......

The World Of Magic (Completed)Where stories live. Discover now