සති තුන ගෙවිලා ගියේ ඇසිපිය ගහනවටත් වඩා වැඩි වේගයකින්....
මේ වෙනකොට අකිකෝ හැම දෙයක් ම වගේ ඉගෙන ගෙන ඉවර වුණත් තාමත් එයාට මායා අසිපත ලබා ගන්න බැරි වුණා.
හෙට....!
හෙට තමයි දවස.හෙට තමයි ආලෝකය අන්ධකාරයට එරෙහි වෙන දවස....
අකිකෝ ඇඳේ ඒ පැත්තට හැරුණා.මේ පැත්තට හැරුණා.කොයි පැත්තකට හැරුණත් එයාට නින්ද ගියේ නෑ.ලෝක යුද්ධයක් අත ළඟ තියාගෙන සැනසිල්ලේ නිදා ගන්න බැරි වුණේ අකිකොට විතර ද...?එයා හෙමින් හෙමින් ඇඳෙන් බැහැල කාමරයෙන් එළියට ගියා.එයා ගිහින් නැවතුණේ එදා ග්‍රිෆින්ඩෝ එයාත් එක්ක පියාඹපු විල ගාවට....
ඒ විල හරි ම ලස්සනයි.සඳ එළිය විලේ වතුර මතට වැටිලා රිදී පාටින් බැබළෙනවා.අවට තුරුලතා හැම එකක් ම සිහිල් සුළඟට වැනෙද්දී අකිකෝගේ සීතලට හිරි වැටුණා.
අකිකෝ ඒ හඳට වශී වෙලා ඒ දිහා ම බලන් ඉද්දී එයාගෙ එහා පැත්තෙන් ඇහුණේ සුපුරුදු කටහඬක්.
🔥නින්ද යන්නේ නෑ වගේ නේ...
අකිකෝ උඩ ගිහින් බිම වැටුණේ මේ වගේ වෙලාවක බලාපොරොත්තු නොවන ඒ කටහඬ නිසා...
💧අම්මෝ...තව ටිකෙන් හාර්ට් එක ලෙෆ්ට් වෙනව ඕයි...🤬
මනුස්සයෙක් ඔහොම තනියම ඉද්දී එකපාර කතා කරන්න එපා ගොනෝ...බය වෙනවනේ...😑🔥ඕ...සොරි සොරි ඉතිම්...මිනිස්සු ගැන මන් වැඩිය දන්නේ නෑනෙ...
💧අ...ඒකට කමක් නෑ.මේ!ඔයා මොකද මෙතන කරන්නේ..?
🔥මට නින්ද යන්නේ නෑ.
💧සීරියස්ලි...?🧐 හැබැයි ඒකත් හොඳයි.මං හිතුවේ මේ වගේ ලොකු යුද්ධයක් කටේ තියන් නින්ද යන්නැති එක ම ප්‍රාණියා මං විතරයි කියල හිතුවේ.මේ ඒක නෙමේ,ඔයාට බය නැද්ද...?මං අහන්නේ ඔයාල හැමදාම යුද්ධ කරන්නෑනේ...ඉතින් කොහොමද කිසිම බයක් පෙන්නන්නේ නැතුව ඉන්නේ..මේ...මට හරි කම්මැලියි අප්පා..මේ විල හරි ලස්සනයි නේ..ආ...තව ම...
🔥ඒ...හෝව්...හෝව්ව්...කටට බ්රේක් නැද්ද හලෝ...?ඔච්චර ඉක්මනින් කියවන්න එපා.ඔයාලගේ ලෝකේ කට්ටිය ඔච්චර වේගෙන් කියෙව්වට මෙහෙ දී එහෙම නෑ...
YOU ARE READING
The World Of Magic (Completed)
Adventureමේ කතාව නිර්මාණය වී තියෙන්නේ අපූරු මායා මිථ්‍යා කතා වලිනුයි Gorgon,Griffin,සුරඟනන් වටා ගෙතුණු මේ කතාවේ ප්‍රධාන චරිතය තමා අකිකො කියන දහතුන් හැවිරිදි පුන්චි දියණිය. ජපානයේ ඕකිගහරා වන පෙතේ තියෙන අපූරු නමුත් ත්‍රාසජනක ක්‍රියාවලි වටා ගෙතුණු මේ කතාව කියවල...