අවසානයේ අකිකො තම තීරණය ගත්තේ පොත කියවීමට ය.ඈ පොතේ ඊළඟ පිටුව පෙරළීමත් සමග විශාල සුළඟක් පොත තුළින් හමා ආවේ අකිකොගේ මුහුණ දෙසටයි.නමුත් ඈ පොත අතහැරියේ නැත.සුළඟ නැවතීමත් සමඟ ම පොත තුළින් විශාල ආලෝකයක් අකිකොගේ මුහුණ මතට වැටිණි.එක්වරම පොතේ පිටු අතරින් හඬක් ඇසුණි."ඔබේ තීරණය පොත කියවීමටයි.සාදරයෙන් පිළිගන්නවා ඔබට නොපෙනෙන ලෝකයට.මේ ලෝකේ ගොඩක් දෙනෙක් ඉන්නවා.නපුරු හා හොඳ ලෙස එය වර්ග දෙකකට බෙදනවා." මඳක් බියපත් වූ අකිකො මෙසේ විමසුවා ය."ඕ...ඔයාට කතා කරන්නත් පුළුවන් ද....?" එයට පොතෙන් මෙසේ පිළිතුරු ලැබුණි."ඇත්තෙන්ම ඔව්.මෙය මගේ නිර්මාතෘගේ අදහසක්.අද සිට මගේ අයිතිකරු ඔබයි.දැන් මම ඔබට පෙන්වන්නම් මෙහි සිටින නපුරු සතුන් පිළිබඳ..." එසේ පවසා පොතේ පිටු ගණනාවක් ඉබේ ම වේගයෙන් පෙරළෙන්නට විය.එක් පිටුවක් ළඟ එය නැවතිණි."නපුරු සත්ත්වයින්...ෂූටන් ඩේජි ඔනිහි රජු වූ අතර මිනමොටෝ නො යෝරිමිට්සු විසින් මරා දැමීමට පෙර ඔයාමා කන්දෙන් පැමිණි දේශීය ඒකාධිපතියෙකි."පැවසූ පොත තවත් පිටු පෙරළා තව තවත් නපුරු සත්ව නම් පවසන්නට විය."ප්රෙටා,ගාගොය්ලේ,බැන්ශී,අනීසා....."ආදී තවත් බොහෝ නම් හා ඔවුන්ගේ විස්තර එක දිගට පොත කියවීය.මෙය අසාගෙන සිටින්නට බැරි තැන අකිකො මෙසේ පැවසුවා ය."අනේ ඕක නවත්තන්න.මට තේරෙනවා ගොඩක් නරක කට්ටිය ඉන්නවා කියලා.ඒත ඔයා ඔහොම කියද්දී මම කොහොමද ඒවා හරියට තේරුම් ගන්නේ...?ආ...ඔයා මට කියන්නකෝ මම අහන කෙනා ගැන."එයට සවන් දුන් පොත දෙපාරක් එහාට මෙහාට ගොස් පෙන්නුවේ තමා ඇයට සවන් දෙන බවයි."හොඳයි එහෙනම්.මම දන්නේ නැහැ ඇත්තට ම මේකත් නරක කෙනෙකුගේ වැඩක් ද කියලා.ඒත් මට හිතෙනවා ඒ වුණ දේ දැන ගන්න.කවුරු හරි මම ගෙදර ඉන්නවාට කැමති නැහැ.මට දැනගන්න ඕනි ඒ කවුද කියලා."මෙසේ පැවසූ අකිකො තමා මුහුණ දුන් අත්දැකීම පොතට පැවසීය.අකිකොගේ විස්තරය ඇසුණු විගස පොත වේගයෙන් පිටු පෙරළන්නට විය.ඒ පිටු පෙරළීම නැවතුණේ භයානක ම නපුරු සත්ත්වයා වන ගොගෝන් ගැන සඳහන් වූ පිටුව අසලයි."මේ තමයි භයානක ම සත්තවයා වන ගොගෝන්.ඔබ කියූ විස්තරයට අනුව ඒ ගොගෝන් ම විය යුතුයි.නමුත් ඈ ගොඩක් භයානකයි.ඈ කවදාව ත් කාටවත් අනතුරු අඟවන්නේ නැතුව ම පහර දෙනවා.නමුත් ඔබ වාසනාවන්තයි.මොකක් හරි හේතුවක් නිසා ඔබට අනතුරු ඇඟවීමක් කරන්න තරම් ගොගෝන් ඇවිත් තියෙනවා."පොත පවසන විට අකිකො එහි ඇති රූපය දෙස බැලුවා ය.ඇගේ හිස පුරා ම ජීවමාන සර්පයින් මෙන් ම ඇගේ ඇඳුම් පැළඳුම් ආදිය ද සර්පයන්ට ම ඔබින ඒවා විය.ගොගෝන් කෙනෙක් වන මැය මෙඩූසා වන බවත් ඇයට අවශ්‍ය විටක විශාල සර්පයෙක් වුව ද විය හැකි බව පොත අකිකොට පැවසුවේ අකිකොගේ සිත සසල කරවමිනි."එතකොට මේ ලෝකයේ හොඳ කවුරුත් නැද්ද.......?
YOU ARE READING
The World Of Magic (Completed)
Pertualanganමේ කතාව නිර්මාණය වී තියෙන්නේ අපූරු මායා මිථ්‍යා කතා වලිනුයි Gorgon,Griffin,සුරඟනන් වටා ගෙතුණු මේ කතාවේ ප්‍රධාන චරිතය තමා අකිකො කියන දහතුන් හැවිරිදි පුන්චි දියණිය. ජපානයේ ඕකිගහරා වන පෙතේ තියෙන අපූරු නමුත් ත්‍රාසජනක ක්‍රියාවලි වටා ගෙතුණු මේ කතාව කියවල...