අකිකෝ තමාට ලැබුණු බඩු මොනවාදැයි පරීක්ෂා කළා ය.වළල්ලක් සේ රවුම් ලෙස සදා පිහාටු වලින් අලංකාර කොට තිබුණු මෙය දුටු අකිකොගෙ සිතේ සතුටක් ඉපදුණි.ඇත්තෙන් ම මෙය නපුරු බියකරු සිහින පළවා හරින්නකි.ඔජිබ්වේ ගෝත්‍රයට අයත් ස්වදේශික සිහින දඩයම්කරුවන් තලිස්මන්වරුන් ලෙස භාවිතා කරනා ලදි.ඔවුන් මෙය නිර්මාණය කරන ලද්දේ නිදා සිටින්නන් විශේෂයෙන් ම කුඩා දරුවන්ගේ නපුරු බියකරු සිහින පළවා හැරීමටයි.දිග සිහින් රිටක් වැනි යෂ්ටියකට අලංකාර මැණික් ගල් ආදියෙන් සරසා තිබිණි.අකිකො එය අතට ගත්තා පමණි.අවුරුදු ගණනක් තිස්සේ සෙවල බැඳී පරණ පාට තිබුණු මැණික් ගල් දීප්තිමත් ව ඔප වැටිණි.විශාල සුළං රැලි කාමරය පුරා පැතිරිණි.සුළං රැල්ලට අකිකොගෙ මේසය උඩ තුබූ පොත්පත් සුළං පහරින් බිම වැටිණි.එක් නිමේෂයකින් සුළං පහර නැවතුණේ අකිකො යෂ්ටිය අතහැරිය නිසාවෙනි."මොකක් ද ඒ සිද්ධ වුණේ....?මට නම් තේරෙන්නේ නෑ මොනව ද මේ වෙන්නේ කියලා...තව මොනව ද මේ බෑග් එකේ තියෙන්නේ...?"තමාට ම පවසා ගත් අකිකො බෑගය පිරික්සන්නට විය.එහි අඩියේ විශාල පොතක් විය."මේ මොකක් ද මේ පොත...?"අකිකො විශාල පොත අතට ගත්තේ ය."මායාවේ අරුත"පොතේ නම කියවූ අකිකො පොත පෙරළුවේ ය.එහි පළවෙනි පිටුවේ මෙසේ සඳහන් විය."ඔබට නොපෙනෙන ලෝකයේ වෙන දේවල් ඔබත් දැනගන්න අවශ්‍ය ද?නමුත් මතක තියා ගන්න.මේ පොත කියවූ පසු ඔබ ඒ මායාව හැර යන්න උත්සාහ කළත් ඔබට එය කළ නොහැක.ඔබට නොපෙනෙන දේ ඔබ දැන නොසිටීම ම යහපත් වේ.ඔබට මේ පොත කියවන ධෛර්යය ඔබට තියෙනවා ද?.."පොතේ මුල් පිටුවේ සඳහන් දේ කියවූ අකිකොගෙ මුහුණේ සිනා රැල්ලක් ඇඳිණි.නමුත් එය වියකී ගියේ තමා මුහුණ දුන් බියකරු අත්දැකීම ය.දැන් තමා එය කියවනවා ද? නැද්ද?මෙයට සිනාසී එය කියවීමට හැක.නමුත් නොපෙනෙන ලොවක් තිබේ යැයි නිදසුනක් ලෙස තමා මුහුණ දුන් බියකරු අත්දැකීම ගත හැකිය.අකිකො දැන් කුමන තීරණයක් ගනීවි ද.....?
YOU ARE READING
The World Of Magic (Completed)
Avventuraමේ කතාව නිර්මාණය වී තියෙන්නේ අපූරු මායා මිථ්‍යා කතා වලිනුයි Gorgon,Griffin,සුරඟනන් වටා ගෙතුණු මේ කතාවේ ප්‍රධාන චරිතය තමා අකිකො කියන දහතුන් හැවිරිදි පුන්චි දියණිය. ජපානයේ ඕකිගහරා වන පෙතේ තියෙන අපූරු නමුත් ත්‍රාසජනක ක්‍රියාවලි වටා ගෙතුණු මේ කතාව කියවල...