පරිත්‍යාගය

17 7 1
                                    

මෙඩූසාගේ ඩාර්ක් නයිට්ස්ලා?

🌱 ඔව්.එයාලා අපිට පහර දෙනවා.ඔයා මෙතනට වෙලා ඉන්න.ඒක ඔයාට ආරක්ෂිතයි.

කියලා විනාඩියක් යන්න කලින් සකුරා ආපහු ගියා.මට මේ වුණ කිසිම දෙයක් හිතා ගන්න බැරි වුණා.ඒ විතරක් නෙමේ,හැමතැනින්ම ගොඩක් සද්ද ඇහුණා.

ඒත්....ඒත් ඉතින් මන් මොනා කියලා කරන්නද?මන් නිකන් කිසිම බලයක් නැති සාමාන්‍ය කෙල්ලෙක්.මන් කොහොමද එයාලාට උදව් කරන්නේ...ඒත් ඉතින් මට මොනවත් කරන්නේ නැතුව මෙතනට වෙල බයේ හැංගිලා ඉන්නත් බෑ....

ඔය වගේ දහසකුත් සිතුවිලි අතරේ මන් මොහොතකට තනි වුණා.මන් ඒ සිතුවිලි වල කිමිදෙන්න කලින් අවදි වුණේ මට ඇහුණු ගොරෝසු ඒත් හරිම බියකරු කටහඬක් නිසා....

👾:අපිට ඒකිව හොඳ හිතින් දෙනවා

👑:කොහෙත්ම නැහැ.එයා අපේ භාරයේ දැන් ඉන්නේ.එයා කවුරු වුණත් අපි එයාලව ආරක්ෂා කරන්න බැඳිලයි ඉන්නෙ.තමුන්ට නම් කොහොමත් එයාට හිරිහැරයක් කරන්න දෙන්නේ නෑ.....😡

Hinata's pov(👑)

මන් දන්නෑ මේ මෙඩූසා ග්‍රිෆින් මෙහෙට එව්වේ ඇයි කියලා.ඒත් එයාට ඕනි අකිකෝව.ඒත් ඇයි...?

ඒත් මට වගකීමක් තියෙනවා.මෙහේ ඉන්න හැමෝවම ආරක්ෂා කරන්න.අකිකෝත් දැන් මෙහෙ කෙනෙක්.මෙයාලගෙ කට්ටිය ගොඩක් වැඩියි.ඒත් මට පුළුවන් මගේ රාජධානිය ආරක්ෂා කර ගන්න...

ඔව්....වෙන කරන්න දෙයක් නැහැ....

👑 pov end....

රැජිණිය....ඔව්...රැජිණිය ඒක කළා.තමන්ගේ වැසියන් හැමෝම වෙනුවෙන් ඇය ඒ උදාර පරිත්‍යාගය කළා....

(සුරඟනන් කියන්නේ ගොඩක් බලවත් අය.හැම සුරඟන රැජිණකට ම විශේෂ වරමක් තියෙනවා.ඒ වරමෙන් පුළුවන් ජීවත් කරවන්න වගේම විනාශ කරන්නත්.හැම දේකට ම ප්‍රති විපාක තියෙනවා.ඒ වගේම තමයි මේකත්.කෙනෙක් ඒ වරම ගත්තොත් වෙන දේ....ඔව් ඔයාලා හිතපු දේම තමයි....)

ඉතින් රැජිණ ඒක කළා.ඇය ඇගේ වැසියන් වෙනුවෙන්,මුළු රාජ්‍යයම වෙනුවෙන් ඇගේ වරම ගත්තේ මෙතන ඉන්න මෙඩූසාගෙ මුළු සේනාව ම සුණු විසුනු කරන්න.

The World Of Magic (Completed)Where stories live. Discover now