වනාන්තරයේ ගස් වැල් අතරින් පොත වේගයෙන් පියාඹා ගියේ ය.ගස් වැලින් පිරුණු වනය අන්ධකාරේ ගිල ගත්තක් විය."මන් මීට කලින් මේ වගේ කැලයක් දැකලම නෑ."අකිකෝ පැවසුවේ දෙනෙත් විශාල කර ගනිමිනි."තාම බාගයයි දැක්කේ...ඉතුරු ටිකත් බලා ගන්න"යැයි පැවසූ පොත ඉදිරියෙන් තිබූ සුදෝ සුදු දියඇල්ල අතරින් වේගයෙන් ගියේ අකිකෝට සිතීමටවත් කාලයක් නොතබමිනි."ඔන්න එහෙනම් බලා ගන්න.....මේක තමයි ඇත්තම මායා රාජධානිය.....😯"
"Wow.....මීට කලින් මන් කවදාවත් මෙහෙම තැනකට ඇවිත් නෑ...ඇත්තමයි...."අකිකෝ පැවසුවේ මහත් සතුටකිනි.නමුත් එම සතුට රැඳුණේ නිමේෂයකට පමණි.මෙතෙක් වේලා අකිකෝ රැඳි සිටි පොත එක්වරම පහළ ජලාශය දෙසට ඇදුණි."අ....මන් හිතන්නේ අපි පල්ලෙහාට යන්න ඕනි නෑ...නේද?"අකිකෝ විමසුවේ පොතෙන් වුව ද කිසිදු පිළිතුරක් නැත.මෙතෙක් මායා බලයෙන් කුඩාවට සිටි අකිකෝ නැවතත් තම නියම ස්වරූපයය ආවා ය.කිසිවක් සිතා ගත නොහැකි වූ අකිකෝ"මේක විහිළු කරන්න ඕනි වෙලාවක් නෙමෙයි යාළුවා....ඔයා කතා කරන්නේ නැත්තේ ඇයි...?හෙලෝ???පොත...ඔයා ඉන්නවා ද?නැගිටින්න..."කොතරම් කෑ ගැසුවත් පිළිතුරක් නැත.තවත් ස්වල්ප මොහොතකින් ඔවුන් ඇද වැටෙන්නට යන්නේ ඉමක් කොනක් නොපෙනෙන ජලාශයකටයි..අකිකෝ පිහිනීම ද නොදත් අයෙකි...දැන් ඉතින් කුමකින් කුමක් සිදුවේදැයි කවුරු දනී ද...?°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•
කොහොම ද...මන් මේ කතාව ලියන එක නවත්තන්නයි හිටියේ.මොකද මේක කවුරුත් කියවන්නේ නැති නිසා... ඒ වුණත් මේ ළඟ දී ඉඳන් ටිකක් අය මේක කියවනව...ඒ හැමෝටම thanks. ඒ නිසා මන් හිතුවේ කතාව දිගටම ලියන් යන්න....💖
මන් ඊළඟ කතාව දාන්න කලින් ඔයාල කැමති කතාව දිගටම මේ විදිහට ලිඛිත භාෂාවෙන් ලියනවට ද?එහෙම නැත්තන් අපි කතා කරන විදිහට ලියනවට ද?
•කැමති කොයි විදිහට ද කියල Comment කරන්න.එතකොට මන් ඊළඟ එකේ ඉදන් එහෙම ලියන්නම්.....
YOU ARE READING
The World Of Magic (Completed)
Adventureමේ කතාව නිර්මාණය වී තියෙන්නේ අපූරු මායා මිථ්‍යා කතා වලිනුයි Gorgon,Griffin,සුරඟනන් වටා ගෙතුණු මේ කතාවේ ප්‍රධාන චරිතය තමා අකිකො කියන දහතුන් හැවිරිදි පුන්චි දියණිය. ජපානයේ ඕකිගහරා වන පෙතේ තියෙන අපූරු නමුත් ත්‍රාසජනක ක්‍රියාවලි වටා ගෙතුණු මේ කතාව කියවල...