මවත් පියාත් නැතිව මේ වන මැද නිවසේ එක් මොහොතක් හෝ විසීම ගැන අකිකොගේ සිතේ එක් මොහොතක චකිතයක් ඇති විය.ඈ තම කාමරයට ගියා ය.තම සෙල්ෆෝන් එක ද රැගෙන ඈ තම ඇඳට ගොස් එයින් සින්දු අසන්නට වූයේ හෙඩ්ෆෝන් එකද උපයෝගී කරගනිමිනි.එක්වරම ඇගේ ගත සීතල විය.ඈ සින්දු ඇසීම නවතා දොර දෙස බැලුවා ය.දොර සෙමින් පැද්දෙන්නට වූයේ නොපෙනෙන කෙනෙක් දොර දෙපැත්තෙන් තල්ලු කරන්නාක් මෙනි.අකිකෝ ජනේලය දෙස බැලුවේ පෙර වාරයේ දී මෙන් මෙවරත් සුළං පහරින් දොර සෙලවෙනවා යැයි සිතමිනි.පුදුමයකි!ජනේලය විවෘත කොට නැත.ඈ ක්ෂණිකව දොර දෙස බැලුවා ය.දොර තවමත් සෙමින් සෙමින් පැදවෙන්නේ අකිකොගේ හදවතේ තාලයටම ය.අකිකො සෙමින් සෙමින් දොර දෙසට ගියේ සෙලවෙන දොර නැවැත්වීමට යි.අකිකොගේ අත වැදුණු විගස දොරේ සෙලවීම නැවතුණි."ආග්හ්...ඇයි තමුන් මෙහෙට ආවේ...?මෙහෙ තමුන්ට ඉන්න බැහැ...යනවා මෙහෙන්...යනවා..යනවා..."එම ශබ්දය දෝංකාර දෙන්නේ රැව්පිළි රැව් දෙමිනි.අකිකො තම දෑත්වලින් දෙකන් ආවරණය කර ගෙන පහළ මාලයට දිව ගියා ය.නිවසේ ඉදිරි දොර ඇරෙන සැටි ඈ දුටුවා ය.අකිකෝ ක්ෂණික ව අල්මාරියකට මුවා වූවා ය."අකිකො...ඔන්න අපි ආවා.බලන්න අපි ඔයාට ගෙනාපු දේ..."යුයි පැවසුවා ය.ඒ මවගේ හඬ ය.ඒ හඬ ඇසුණු විගස අකිකො මහත් සතුටින් එදෙස ට දිව ගොස් මව වැළඳ ගත්තා ය."මේ මොකද අකිකො?"යුයි සිනාසෙමින් ඇසුවා ය.අකිකො සිදු වූ සියල්ල මවට පැවසුවා ය.ඒ ඇසූ හිරොටො සිනාසෙමින් මෙසේ පැවසුවේ ය."අකිකො,ඔයා නම් හීනයක් දැකලා වගේ...දැන් බලන්නකෝ අපි ඔයාට ගෙනාපු දේවල්."යුයි තරමක් විශාල බෑගයක් අකිකොට දුන්නා ය."අපි ටිකක් මේ පළාත් දැන ගන්නත් එක්ක අපි මෙහේ ගොඩක් තැන්වලට ගියා.තව ගොඩක් තැනුත් තියෙනවා.අපිට මේවා හමුවුණේ කැලේ ඇතුළට වෙන්න තිබුණු පරණ ගරා වැටුණු ගොඩනැගිල්ලක් අස්සේ තිබිලා.ඔයා කොහොමත් මේ වගේ දේවල්වලට කැමතිනේ.ආ..මෙන්න දැන් මේ ඔක්කොම අරගන්නකෝ.ඔයා කාමරයට ගිහින් ඔය බඩු ටික බලන්නකෝ..."මෙසේ පවසමින් යුයි සහ හිරොටො ගෙනා එළවළු,පලතුරු හා අනෙක් නොයෙකුත් දේවල් අසුරන්නට වූහ.තමාට වූ අත්දැකීම ගැන සිතමින් අකිකො බෑගය ද රැගෙන තම කාමරයට ගියා ය."මට නම් හොඳට ම විශ්වාසයි.මම හීනයක් නෙමේ දැක්කේ කියලා.ඒ වුණාට අම්මයි තාත්තායි හිතන්නේ මම හීනයක් දැක්කා කියලා...දැන් බලමුකෝ මොනවා ද මේ තියෙන්නේ කියලා...."අකිකෝ තමාට ම පැවසුවා ය.මෙසේ අකිකොගේ අපූරු,අද්භූත අත්දැකීම් අවසන් විය....නමුත් ඒ දැනට පමණි....ඉදිරියේ දී කුමකින් කුමක් වේවි ද.....
YOU ARE READING
The World Of Magic (Completed)
Aventuraමේ කතාව නිර්මාණය වී තියෙන්නේ අපූරු මායා මිථ්‍යා කතා වලිනුයි Gorgon,Griffin,සුරඟනන් වටා ගෙතුණු මේ කතාවේ ප්‍රධාන චරිතය තමා අකිකො කියන දහතුන් හැවිරිදි පුන්චි දියණිය. ජපානයේ ඕකිගහරා වන පෙතේ තියෙන අපූරු නමුත් ත්‍රාසජනක ක්‍රියාවලි වටා ගෙතුණු මේ කතාව කියවල...