❤️ Episode 6 ❤️

485 91 18
                                    

*•*•*•*• Yoora Pov *•*•*•*•

මට තවත් එතන ඉන්න බැරි නිසාම මම එතනින් ඉක්මනට ආවා.......

මම එළියට යන ටිකටත් මගෙ Phone එක Ring වෙනවා.... තිබුන තරහටත් එක්ක phone එක Off කරලා දාලා මම ගියේ මට නිදහසේ තනියම ඉන්න පුළුවන් තැනකට...

පරණ Dancing room එක.... මෙතන ඉද්දි කාටවත් මාව හොයා ගන්න බෑ... කවුරුත් මේ පැත්තට එන්නෙ නෑ... ඉතිං මට නිදහසේ අඩන්න පුළුවන් ...

මට කවුරුත් ඉස්සරහ අඩන්න ඕනෙ නෑ... මම කැමති නෑ ඒකට... ඒ නිසාමයි හිතට වගේම ගතට මොනතරම් වේදනාවක් ලොකු වේදනාවක් දැනුනත් මෙච්චර කාලෙකට අඩලා නැත්තේ... ඉවසන්න බැරිම තැන් වලදි පවා අනිත් අය ඉස්සරහ කදුලු නොවට්ටවා ඉන්න් තරම් මං පරිස්සම් උනා.... ශක්තිමත් උනා... හැබැයි Bathroom එකේ ශවර් එක යටදිනම් ඒ ශක්තිය දියවෙලා යන්නෙ මගෙ කදුලුත් එක්කමයි.....

අද මට ගොඩක් දුකයි... මට හිතෙන්නෙම චිමී මෙච්චර කාලයක් එයාගේ ආදරේ හිතේ තියාගෙන විදෙව්වේ මං නිසා කියලා....

මම ගොඩක් වෙලා ඇඩුවා... ගොඩ කාලෙකට පස්සෙ.... ගොඩක් ඇඩුවා..... මම ඒම අඩ අඩා ඉද්දි මට දැනුනා කවුරුහරි මගේ උරහිස උඩින් අතක් තියනවා...

මම ටක්ගාලා මගෙ කදුලු පිහදාගත්තේ එතන ඉන්නෙ කවුරු උනත් එයා මගෙ කදුලු දකිනවට මම කැමති නැති නිසා....

පිටිපස්ස හැරුනාම හිටිය කෙනා දැක්කාම මගේ කදුලු පාලනය කරන අසාර්ථක උත්සහය තවත් වැඩක් උනේ නෑ.....

එතන හිටියෙ මගෙ ඔප්පා..... ඒ වගේම ජංකුකීත් හිටියා.... මගෙ කදුලු ආයමත් එකිනෙක වැටෙද්දි මං ඉස්සරහ බලාගත්තා... මට නොවෙන්න ඕන උන දේ උනා ..... අනිත් අය මගෙ කදුලු දකින එක... ඒක උනා... 😢...

ඔප්පා මගෙ දකුණු අත පැත්තෙන් ඉදගනිද්දි... ජංකුක් මගෙ වම් අත පැත්තෙන් ඉදගත්තා...

ටේ : " යූරා... ඔයා අඩනවද මගෙ මැනික... අනේ මොකද මේ මගෙ චණ්ඩි කෙල්ල අඩන්නේ... "

ඔප්පා මගෙන් ප්‍රශ්න කරත් .. මට එයා දිහා බලන්න පුළුවන් කමක් තිබුනෙ නැ.... මං බිම බලාගෙනම හිටියා....

ටේ : " යූරා... කෝ ... මගෙ දිහා බලන්න මැනික... මම දන්නවා මොකද උනේ කියලා..... චිමී මට කිව්වා ..... දැං ඉතිං ඇයි මේ අඩන්නෙ කියන්නකො... ඔයාට කලින්ම නොකියපු නිසාද... නැත්නම් එයා සුගා එක්ක යාලු උන නිසාද ?.. ම්ම්ම්.. කියන්නකො මැනික... "

❤️ ᗰY ᗷᖇOTᕼᗴᖇՏ ❤️ ••••[ ðñgðïñ ]••••Wo Geschichten leben. Entdecke jetzt