❤️ Episode 9 ❤️

408 77 16
                                    


ටේකුක් ඩබල අත් දෙකත් අල්ලගෙන Garden එකට ආවෙ යූරව හොයාගෙන .. එයාලගෙ මේ සම්බන්දෙ ගැන යූරට කියන්න...

දෙන්නා Garden එකට එනකොට දැක්කේ ගහක් යට තියන Bench එකක වාඩිවෙලා ලොකු මනෝපාරක් ගහගෙන ඉන්න යූරාව...

ජංකුක් එනගමන් ටේට කියලයි තිබුනෙ යූරයි සුගායි අතර උන වලිය සහ ඒ වලියට තුන්වෙනි පාර්ශවයක් ලෙස මැදිහත් වෙලා තුවාල ලබපු හොබී ගැන...

ජංකුක් කියපු දේවල් එක්ක ටේ හොදටම දැනගෙන හිටිය මේ වෙලාවෙ යූරට තරහා ගිහින් ඇත්තේ කියල.... ඒ නිසාමයි ටේ මේක කියන්න අදිමදි කරේ...

ඒත් ඉතින් ජංකුක්ටනම් ඕන උනේ මේක ඉක්මනින් කියලා ඉවරයක් කරන්න..

මොකද පළවෙනි හේතුව තමයි ..
යුනි එකට ආව දවසෙ ඉදන් ජංකුක්ගෙ ජීවතේ පළවෙනි වගේම හොදම යාලුවා උනේ යූරා... ඉතින් ජංකුක්ට ඕනෙ උනේ නෑ මේදේ ගැන යූරගෙන් හංගන්න.

දෙවනි හේතුව තමයි ....
මේක කියන්න පරක්කු වෙනවා කියන්නේ ජංකුක්ට ටේත් එක්ක පෙමින් වෙලිලා ඉන්න තියන කාලෙ අඩු වෙනවනෙ...
ඒක තමයි ලොකුම හේතුව උනේ...

ඒ නිසාමයි ටේ යන්නාදිමදි කරද්දිත් ජංකුක් ටේවත් ඇදගෙන යූරා ලගට ගියේ...

__________ Taehyun POV _________

මං බෑ කියද්දිත් කුකී මාව ඇදගෙන යූරා ලගට ගියා...

මටනම් බයත් එක්ක අෆ්ෆා.... දැං අකමැති උනොත් ඒම මං මොකද්ද අනේ කරන්නේ...
මට කුකී නැතුව ඉන්න බෑ  . එයාටත් ඒමයි කියලා මං දන්නවා...
ඒත් යූරට පිටුපාන්න මට බෑ කොහෙත්ම ... අනේ මටනන් තේරෙන්නේ නෑ...
ඕන දෙයක් වෙද්දෙන් කියල මාත් බලං ඉන්න තීර්ණේ කරා....

අපි ලගට යනකන්ම යූරා අපිව දැක්කේ නෑ... අපි ලගට ගිහින් එයා ඉස්සරහින් හිට ගද්දි තමයි එයා දැක්කේ අපි ආවා කියලා.... ටිකක් ගැස්සුනත් එක්ක..

ඔව් ඉතින් මේ ලෝකෙ නෙවෙයි හිටියේ...

ඕන දෙයක් කුකීට කියන්න දීලා මං එයාගෙ අතෙන් අල්ලගෙනම බිම බලාගෙනම හිටිය...

යූරා අපි දෙන්නා දිහේ මාරුවෙන් මාරුවට බලල අන්තිමට බැලුවෙ අපි දෙන්නා අල්ලන් ඉන්න අත දිහේ...

❤️ ᗰY ᗷᖇOTᕼᗴᖇՏ ❤️ ••••[ ðñgðïñ ]••••Where stories live. Discover now