❤️ Episode 5 ❤️

498 99 26
                                    

*•*•*•*• Junkook Pov •*•*•*•*

ආදරේ...
මට මතක ඇති කාලෙක ඉදන් ආදරය කියන හැඟීම මම විදලා නෑ...
මට මගේ කියලා ඉන්නෙ මගෙ අප්පයි,හියුන්ග් නුයි විතරයි... ඒත් ඒ දෙන්නගෙම ආදරේ මට විදින්න හම්බුනේ නෑ...

හියුන්ග් මට කොච්චර ආදරේ උනත් එයා මාත් එක්ක කතා කරපු කාලයක් මතක නෑ... එයාටත් ඉතිං එහෙ පවුලක් තියනවනෙ..... මාව මතක නැතුව ඇති ...
මම කොරියාවට ආවට පස්සෙ මං හිතුවෙ මට අප්පගෙ ආදරේ විදින්න ලැබෙයි කියලා...
ඒත් නෑ.... අප්පා Business වැඩ වලට හිර වෙලා ... මං ගැන ගාණක් නෑ.... 😢
ඔව් ඉතිං මං දැං ලොකු කොල්ලෙක් නිසා මං ගැන හොයන්න උවමනාවකුත් නෑනෙ ඉතිං ...
ඒත් මට පොඩිකාලෙවත් ඒම ආදරයක් ලැබුනද... ?  🙂 නෑනෙ . ..   ..   

කැනඩා වල ඉන්න කාලෙවත් මට මගේ කියන්න පුළුවන් ආදරයක් මට හොයාගන්න බැරි උනා...
මම හැම වෙලාවෙම හෙව්වෙ films  වල දැකලා තියනවා වගේ ආදරයක්,
මම ආදරේ දැක්කෙ ඒ විදියට...

ඒත් කොරියාවට ඇවිත් University එකට ගියාට පස්සෙ මම තේරුම් ගත්තා...
Film වල තියන දේවල් වලට වඩා ආදරේ කියන්නෙ වෙනස්ම දෙයක් කියලා...
මගෙ ජීවිතේ කලින් තිබුනට වඩා වෙනස්ම එකක් උනා University එකට ආව ගමන්ම...

මුලින්ම මට හොද යාලුවෙක් හම්බුනා...
එයා තමයි යූරා.... කැනඩා වලදි මම යාලුවො ඇති කරගත්තෙ නෑ..... මම ඒකට කැමති උනේ නෑ...
ඒත් යූරා... අර සීනියර් සුගා එක්ක රණ්ඩු උන විදියටම මගෙ හිත ඇදිලා ගියා... 😂
එයා චණ්ඩි කෙල්ලෙක් වගේම එයාගෙ හිත හරිම හොඳයි කියලා තේරුම් ගන්න මට වැඩි වෙලාවක් ගියේ නෑ....

එයා මට එයාගෙ අනිත් යාලුවො අදුන්වලා දුන්නා...
ජින් හියුන්ග් , නම්ජුන් හියුන්ග් , ජිමින් හියුන්ග් මට දැනුනෙ යාලුවොන්ටත් වඩා සහෝදරයො වගේ....
ජිමිනි නම් මුලින් මාත් එක්ක වලියට ආවත් පස්සෙ නම් හොදට සෙට් උනා...
යූරා කියන කතාව හරියටම හරි.. 😂😂 ජිමින්ට හියුන්ග් කියන්න බෑ... ඇගේ සයිස් එකටම ගැලපෙන වැඩ තමයි කරන්නේ... 😂❤️

මේ අතර මගෙ හිත වෙනම තැනක නවත්තන්න පුළුවන් උන කෙනෙක් හිටියා... ඒ තමයි ටේහියොන් හියුන්ග් ... එයාටත් ඇත්තටම හියුන්ග් කියන්න බෑ.... එයා තනිකරම පොඩි එකෙක් වගේ... හරිම හුරතල් ... අනේ ඒ හුරතලේ දැක්කාමනම් සාක්කුවෙ දාගෙන ගෙදර අරන් එන්න හිතෙනවා .... . 😂😂

❤️ ᗰY ᗷᖇOTᕼᗴᖇՏ ❤️ ••••[ ðñgðïñ ]••••Où les histoires vivent. Découvrez maintenant