කලිසම part 1 - කිරි බෝතලේ🍼

2.4K 421 175
                                    

වෙනදා වගේම mrs. Min උදේ පාන්දරම කෑ ගහන්න ගත්තේ කිරි කාරයා ගේට්ටුව ගාව තියලා යන කිරි බෝතලේ ගේ ඇතුලට ගේන්න කියලා...🍼

Mrs. Min - යුන්ගී...යුන්ගී...යා....යුන්ගීයා...😣 කන් ඇහෙන්නේ නැද්ද..කොහෙද...මෙහේ එනවා...😤😤

🐈- ඔම්මා...මෙන් වදයක්ද අප්පා උදේ පාන්දර...😣 මොකෝ ටොයිලට් එකේ ඉත්තෑවෙක් හිරවෙලාද..😁

Mrs. Min - ඉත්තෑවා...කියන්නේ නෑ පාන්දර නිසා ඉත්තෑවා හිරවුනු තැන..😒මට මේ වැඩේ දාලා එන්න බෑ...අර ගේට්ටුව ගාව තියන කිරි බෝතලේ අරන් එන්න..

🐈- යා...ඕක කියන්නද මේ උදේ පාන්දර මිනී බෑන්ඩ් ගහන්න ගත්තේ...😪

කොහොමත් පාන්දර නැගිටින්න කැමති යුන්ගි හිතින් කිරි කාරයට ජාතිය අමත අමත දොර ඇරියේ එලියට ගිහින් කිරි බෝතලේ ගන්න..ඉස්කෝලෙදි ගණන් වලට 15 16 ගත්තට min yoongi කියන්නේ සුපිරි CID පොරක්..එහා ගෙදර ඉන්න ත්‍රස්තවාදියා (🐨) ගැන දන්න යුන්ගි කවදාවත් ඉදිරිපස වාතාවරණය බලන්නෙ නැතුව එක පාරටම එලියට බහින්නෙ නෑ..කොහොම හරි යුන්ගිගේ මේ පුරුද්දේ උපරිම ඵල නෙලාගන්න ලැබුනේ අද උදේ..මොකද යුන්ගිගේ රබර් ඇහැට අහු උනේ වැට ලග නැවීගෙන ඉන්න ත්‍රස්තවාදියාගේ පශ්චාත් ප්‍රදේශය..😲

Yoongi pov...

යකෝ මේ කිරි කාරයගෙන් මල වදයක් තියෙන්නෙ.. උදේ පාන්දර බෝතලයක් උස්සගෙන දුවගෙන එන්නේ මුගේ කොහේ අමාරුවක්ද මන්දා..

 උදේ පාන්දර බෝතලයක් උස්සගෙන දුවගෙන එන්නේ මුගේ කොහේ අමාරුවක්ද මන්දා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම කිරි බොන්නෙත් නෑ...බොන එකා බෝතලේ ගන්න එන්නෙත් නෑ...බෝතලේ ගෙට නොගත්තොත් දවල්ට කන්නත් නෑ...නොකෑවොත් නින්ද යන්නෙ නෑ...නින්ද නොගියොත් ලෙඩ වෙනවා...ලෙඩ වුනොත් මැරෙනවා..😨 හෑ..යකෝ අප්පගේ නීතියක්නේ ඒක..මට අද තමා තේරුණේ අපේ ජීවිත තියෙන්නේ කිරි කාරයගේ අතේ කියලා...😌
කෝකටත් වෙනදා වගේම එලියට ඔලුව දාන්න කලින් පුරුද්දට වගේ ඇන්ටනා හයිකරපු මගෙ මුට්ටිය එලියට දැම්මා..හරි..හරියටම හරි..ඩයල් එක පේන්න නැති වුනාට වැට අස්සෙන් මිනිහගේ පස්චාත් ප්‍රදේශය නැලවෙනවා පේනවා..මේ යකා බිමට නැවීගෙන උදේම බිංකුණ්ඩා වගේ මොනවද හාරනවා...😒
ගණන් වලට මට එච්චර මෙව්ව එකක් නැති උනාට මගේ ගණිතඥානය දාලා බැලුවා දොරත් ඇරන් එලියට දුවලා ගේට්ටුව ඇරෙන සද්දෙට මිනිහා කෙලින් වෙන්න කලින් ගේ ඇතුලට දුවලා එන්න මට කොච්වර වෙලාවක් යනවද කියලා..
😵😵
😣😒
මුගේ අම්මට රෙදි යාරයක් අරන් දෙන්න..
😤
මගේ ගණනය හරිනන් කිරි බෝතලේ අරගෙන වත්ත මැද හරියට එනකොට මූ ඔලුව උස්සනවා..😒
ඕං එතකොට මූ එලිසබත් රැජිනගෙ හැට්ට කට්ට ඇනුනා වගේ ඉංග්‍රීසියෙන් කියවන්න පටන් ගන්නවා..ඕං එතකොට තමා මට හිතෙන්නෙ කිරි බෝතලේ මූඩිය ගලවන්න්නේ නැතුව ඒක මුගේ පු# ගහන්න..😤😤

M2 Vs J2  ☑Where stories live. Discover now